අසරණකමක්ද ඇති බව ලියුම්කාරියට හැඟුණි.
මීට මාස කිහිපයකට පෙර ඔහු සාෆිට එරෙහි සටනේ ‘වීරයෙක්’ විය. අද ඔහු තනතුරෙන් පහ කරන්නට විශාල පිරිසක් එක්ව සිටියදී, තමන් කලින් ‘වීරයෙකුව සිටි’ බව සිහි කරන්නට ඔහුට සිදුවී ඇත.
වෛද්‍ය සාෆිට එරෙහිව එල්ලවූ, අදටත් ඔප්පු වී නැති ව්‍යාජ චෝදනා තහවුරු කරමින් රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර කටයුතු කරද්දී ඔහුට එරෙහිව එදා පරීක්ෂණයක් ක්‍රියාත්මක විය. එහෙත් එදා ඒ පරීක්ෂණයට එරෙහිව ලංකාවේ මාධ්‍ය ආයතන හා එදා විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් පෙනී සිටියේය.
පසුව ඒ වීරත්වය ආයෝජනය කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වීමටද ඔහු සූදානම් වූ බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් අද සරත් වීරබණ්ඩාර එළවන්නට ගන්නා උත්සාහයේදී ඒ ‘වීරයා’ වෙනුවෙන් කිසිවෙක් පෙනී ඉන්නේ නැත.
සරත් වීරබණ්ඩාර වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ අතිබහුතරයකගේ සහභාගිත්වයෙන් පැවති විරෝධය මැයි 13 වැනිදාත් විසඳුමකින් තොරව අවසන් වී තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔහුට ලබාදුන් මාරුවීම පිළිනොගෙන දිගටම රෝහල් අධ්‍යක්ෂ ධුරයේ රැඳී සිටීමට ඔහු උත්සාහ කරමින් සිටී. රෝහල් කාර්ය ම`ඩුල්ල එයට එරෙහිය.
කොවිඞ්-19 රෝගය මර්දනය කිරීම සඳහා කුරුණෑගල රෝහල ගත යුතුව තිබුණු ක්‍රියාමාර්ග නොගත් බවත්, අවශ්‍ය උපකරණ සපයාගැනීමට කටයුතු නොකළ බවත්, කොවිඞ්-19 රෝගීන් සඳහා වාට්ටු සකස් කිරීමේදී නොසැලකිලිමත් ආකාරයට කටයුතු කළ බවත්, රෝහල් කාර්ය මණ්ඩලයට රෝගය පැතිරීමේ අවදානමක් ඇතිවන ආකාරයට කටයුතු කළ බවත්, කොවිඞ්-19 පිළිබඳව විශේෂඥයන්ගේ උපදෙස් අනුව කටයුතු නොකළ බවත් වෛද්‍යවරයාට ඇති චෝදනාය.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ හිටපු ලේකම් භද්‍රනි ජයවර්ධනගේ අත්සනින් යුතුව ඔහුට මාරුවීම ලබාදුන් ලිපිය මැයි 07 වන දින යවා තිබුණි. ඔහු එය පිළිනොගන්නා බව ප්‍රකාශ කළේය. මැයි 12 වන දින නැවත ඔහුට මාරුවීමේ ලිපියක් යවා තිබුණි. ඒ ලිපියද පිළිනොගෙන ඔහු සේවයට වාර්තා කර ඇත.
අන්තිමේ රාජකාරී කිරීමට නොහැකි වන අයුරින් රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයන් පිරිසක් මැයි 13 වැනිදා ඔහුගේ කාර්යාලයට අගුළු දමා තිබුණි.
වෛද්‍ය සරත් වීරබණ්ඩාරට එරෙහිව සටන් කරන රෝහල් කාර්ය මණ්ඩලය...
මේ කතාවේ අපූරු පැත්තක් වන්නේ වෛද්‍ය සරත් වීරබණ්ඩාරට එරෙහිව සටන් කරන රෝහල් කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් මීට පෙර වෛද්‍ය සාෆි සියාබ්දීන්ට බොරු චෝදනා එල්ල කරද්දී ඔහු සමඟ එකට සිටි බවය. සාෆිගේ හැසිරීම සැකසහිත බව චෝදනා කරමින් සාක්ෂි දුන් බවය. මව්වරුන් වඳ කිරීමට වෛද්‍ය සාෆි ක්‍රියා කර තිබුණේ නැති බව වෙනත් සාක්ෂිවලින් පෙනීගියද, රෝහල් කාර්ය මණ්ඩලය සංවිධානාත්මකව සාෆිට එරෙහි විය.
එක්තරා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු මෙලෙස සාෆිට බොරු චෝදනා කිරීම ගැන අතිශය සංවේදීව හැඩුම්බරව කතාකළ බව සීඅයිඞීයේ බී වාර්තාවකද තිබුණි.
දැන් වෛද්‍ය සරත් වීරබණ්ඩාර එළවීමේ සටනෙහි සිටින ඇතැම් ප්‍රමුඛපෙළේ පුද්ගලයන් මාධ්‍යවේදීන් සමඟ පෞද්ගලිකව කියා තිබුණේ සාෆිගේ සටන ‘ඇදගෙන ගියේ’ වෛද්‍ය වීරබණ්ඩාර නොව තමන් බවය.
2019 ජුනි 27 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ වෛද්‍ය සරත් වීරබණ්ඩාර කියා තිබුණේ එස්එච්ජී පරීක්ෂණයට මුහුණ දුන් පසුව කාන්තාවන්ට අසාත්මිකතා සහ පිළිකා ආදි රෝග ඇතිවිය හැකි බවය. එහෙත් ඒ කතාව කිසිදු පදනමක් නොතිබුණු කතාවකි.
අන්තිමේ එස්එච්ජී පරීක්ෂණ සිදුනොකර දීර්ඝ කාලයක් කල්දැමීම සිදුවී තිබුණි. ඒ කතාවෙන් මව්වරුන් බියගන්වා තිබුණි. මේ සියල්ල කරද්දී රෝහල් කාර්ය මණ්ඩලය අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුට එරෙහි වුණේ නැත. ඇතැම්විට ඔහුව දිරිමත් කළා විය හැකිය.
වෛද්‍ය සරත් වීරබණ්ඩාර, විමල් විරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි.
ඇත්තටම වීරබණ්ඩාර කුරුණැගල රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවාට වඩා කළේ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් තහවුරු නොවූ කරුණු කියමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමය. ඊට අමතරව තමන්ගේ බලතල අවභාවිත කරමින් ඔහු කුරුණෑගල රෝහල තුළ දේශපාලන කටයුතු කළේය. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ පසුව කුරුණෑගල රෝහලේ කිරිබත් කා සතුට සැමරීමක්ද ඔහු කර තිබුණි. කාර්ය මණ්ඩලයට එයටද දායක විය.
පසුව පාර්ලිමේන්තු මැතිවරණයට තමන්ට පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබා දෙන්න යැයි ඉල්ලමින් ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන ගියේය. රෝහල් කාර්ය මණ්ඩලයෙන් ඒ මොහොතේද විරෝධයක් එල්ලවුණේ නැත.
රෝහල් කාර්ය මණ්ඩලය සංවිධානය කරමින්, දැන් වෛද්‍ය වීරබණ්ඩාරට එරෙහිව සටන් කරන පුද්ගලයන් සමඟ වෛද්‍ය වීරබණ්ඩාරගේ මත ගැටුම් ඇතිව තිබුණේ ඉන් පසුවය. වෛද්‍ය වීරබණ්ඩාර ඉවත් කිරීම එම මත ගැටුම්වල ප්‍රතිඵලයකි. පෙනෙන ආකාරයට වෛද්‍ය වීරබණ්ඩාරට වඩා වැඩි දේශපාලන බලයක් ඔහුට එරෙහි කණ්ඩායමට ඇත.
වෛද්‍ය සරත් වීරබණ්ඩාර මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙවැනි ගැටුම් මත තනතුරුවලින් මාරුවීම් ලබා ඇති කෙනෙකි. ඔහු ඇසුරු කර ඇති අය කියන ආකාරයට ඔහු සාමූහිකව කටයුතු කිරීමේදී දුර්වලතාවක් ඇති කෙනෙකි.
ඒ අනුව කොවිඞ්-19 මර්දන ක්‍රියාවලියේදී ඔහු අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති අතර, රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ගැටුම් ඇතිවී තිබේ. වසංගත තත්වය ගැන අසංවේදීව ඔහු ක්‍රියා කර තිබේ. ඒ නිසා ඔහුව ඉවත් කිරීමේ ඉල්ලීම සාධාරණ හේතු මත ඉදිරිපත් වූ එකකි.
කෙසේ වෙතත් ඔහුගේ මීට පෙර ක්‍රියාකාරකම් ගැන නිහඩව සිට, එක්වරම ඔහුට එරෙහි රෝහල් කාර්ය මණ්ඩලය තුළින් සටනක් මතුවීම පසුපස දේශපාලනයක් ඇති බව අප තේරුම් ගත යුතුය.
- රේඛා නිලුක්ෂි හේරත්
[ අනිද්දා - anidda.lk ඊ පුවත්පතින් උපුටා ගැනිණ - 16/05/2020 ]
සබැඳි පුවත් :
ජෝනිගේ නියෝගයෙන් විමල්ගේ ගෝලයා කුරුණෑගල රොහල් අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉවතට!
කුරුණෑගල අධ්‍යක්ෂට එරෙහිව එදා නොතිබුණු විරෝධයක් අද මතුවුණු හැටි !
T
The Leader Desk
May 16, 2020 • 6:05 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ‘සාෆිගේ වැඬේ ඇද්දේ මම තමයි.’ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර පසුගිය දිනෙක ලියුම්කාරිය කළ විමසීමකදී එසේ කීවේ ආඩම්බරයෙනි. එහෙත් ඒ ආඩම්බරය පසුපස
- අද ඔහු තනතුරෙන් පහ කරන්නට විශාල පිරිසක් එක්ව සිටියදී, තමන් කලින් ‘වීරයෙකුව සිටි’ බව සිහි කරන්නට ඔහුට සිදුවී ඇත.
- එහෙත් එදා ඒ පරීක්ෂණයට එරෙහිව ලංකාවේ මාධ්‍ය ආයතන හා එදා විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් පෙනී සිටියේය.
- පසුව ඒ වීරත්වය ආයෝජනය කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වීමටද ඔහු සූදානම් වූ බව ප්‍රසිද්ධ රහසකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


