The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වසංගතයෙන් පසු අලුත් පරිච්ඡේදය ආරම්භ කරමු -ක්‍රිෂාන්ත කුරේ

T

The Leader Desk

May 16, 2020 • 9:48 AM

වසංගතයෙන් පසු අලුත් පරිච්ඡේදය ආරම්භ කරමු -ක්‍රිෂාන්ත කුරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා මෙම වචන ලියන විට 293,549 කට අධික පිරිසක් COVID-19 වසංගතය ට ගොදුරු වී ඇත. ඒ සෑම මරණයක්ම අපට ගම්‍ය කරනුයේ
  • අනියත බව පිළිබදව නිෂ්චිත දොරටු විවරව ඇති බවය.
  • වසංගතය පැමිණීමට  පෙර මරණය ඉදිරියේ අප සියල්ලන්ම සමානයෝ බව වටහාගෙන තිබුණේ අප අතරින් ස්වල්ප දෙනෙකු පමණි.
  • පෘතුගීසි ප්‍රකෝටිපතියෙකු සහ සැන්ටැන්ඩර් බැංකුවේ සභාපති ඇන්ටෝනියෝ පියෙරා අප්‍රේල් 21 වන දින මිය ගිය විට ඔහුගේ දියණිය මෙසේ පැවසුවාය: “අපි කෙතරම්  ධනවත් පවුලක් වූවත් මගේ පියා මියගියේ තනිව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අප ඉතා කුඩා ජීවිත මානයන්ට කොටු වී ඇති බවය. අනියත බව පිළිබදව නිෂ්චිත දොරටු විවරව ඇති බවය.

අපගේ  බිය හා දුක අතිමහත් ය. වසංගතය පැමිණීමට  පෙර මරණය ඉදිරියේ අප සියල්ලන්ම සමානයෝ බව වටහාගෙන තිබුණේ අප අතරින් ස්වල්ප දෙනෙකු පමණි.

පෘතුගීසි ප්‍රකෝටිපතියෙකු සහ සැන්ටැන්ඩර් බැංකුවේ සභාපති ඇන්ටෝනියෝ පියෙරා අප්‍රේල් 21 වන දින මිය ගිය විට ඔහුගේ දියණිය මෙසේ පැවසුවාය:

“අපි කෙතරම්  ධනවත් පවුලක් වූවත් මගේ පියා මියගියේ තනිව ය. මිය යන විට ඔහු හුස්ම ගැනීමට අපහසුව, නොමිලේ ලැබෙන වාතය යදිමින් සිටියේ ය.  අප සතුව නිවසේ තිබූ මුදල්වලින් ඵලක් වූවේ නැත.”

antonio piera

පෘතුගීසි ප්‍රකෝටිපතියෙකු සහ සැන්ටැන්ඩර් බැංකුවේ සභාපති ඇන්ටෝනියෝ පියෙරා අප්‍රේල් 21 වන දින මිය ගිය විට ඔහුගේ දියණිය මෙසේ පැවසුවාය:

“අපි කෙතරම්  ධනවත් පවුලක් වූවත් මගේ පියා මියගියේ තනිව ය.
මිය යන විට ඔහු හුස්ම ගැනීමට අපහසුව,
නොමිලේ ලැබෙන වාතය යදිමින් සිටියේ ය.
අප සතුව නිවසේ තිබූ මුදල්වලින් ඵලක් වූවේ නැත.”

පෘතුගාලයේ වෛරසය ආසාදිත 28,132 දෙනාගෙන් මියගිය 1,175 දෙනා අතර ඔහු එක් අයෙකි. අනෙක් 1,174 ඔහු සේම මිය යන විට කිසිවක් රැගෙන ගියේ නැත. ඔවුන්ට ධනය නොතිබුනා වන්නට පුළුවන. නමුත් පියෙරාට  මෙන් ඔවුන්ට ද එතෙක් එක්රැස් කරගෙන සිටි පවුල, දේපළ, සැලසුම්, ප්‍රීතිය සහ බලාපොරොත්තුව යන මේ සියල්ල අත් හැර දැමීමට සිදුවිය. ඉතින් භෞතික සම්පත් අත්පත් කර ගැනීම සහ අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අර්ථ විරහිත බව ක්‍රම ක්‍රමයෙන් පෙනී යන්නට පටන් ගෙන තිබේ.

රජවරු සහ යාචකයෝ, වෛද්‍යවරු සහ රෝගීහු, ජේලර්වරු සහ සිරකරුවෝ, හාම්පුත්තු සහ සේවකයෝ යන සියල්ලන්ම, කිසිදු භේදයකින් තොරව මේ වෛරසයට ගොදුරු වී හමාර ය. අප දෙවියන්ට, ස්වාභාවික අනුපිළිවෙලට හෝ වෙනත් ආකාරයේ අද්භූත රාමුවකට සෘජුවම සම්බන්ධ නොවූවත් වෙනස් කොට සැලකීම පිළිබඳ පාඩමක් මෙහි ඇත. මෙහි තේරුම නම්, අප සිටින්නේ භේදයකින් තොරව ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක ක්ෂණික මරණයකට ලක් වීමට හැකියාව ඇති බව තේරුම් කෙරෙන අති දුලබ මොහොතක ය.

ආත්මය සොයායාම

මරණයේ අඳුරු සෙවණැල්ල අප සියළු දෙනා වෙත වැටී තිබීම පැහැදිලිව පෙනෙන්නට තිබෙන තත්වයක් තුල පවා ආත්මය සොයා යාම නොකළ හැක්කක් නොවේ. මේ වන විට වසංගතයට ගොදුරු වූ අය පිලිබඳ අප දන්නා මුත් ‘ඊළඟ මරණය මගේ විය හැකි ද?” යන්න සිතාඇත්තේ අතළොස්සකි. මිනිසා යනු එවන් සත්ත්වයෙකි. ඔහු මරණය ඉතා ආසන්න බව පෙනෙන විටදීත්, ජයග්‍රහණය කිරීමට ඇත්තේ ඉතා අඩු ඉඩ කඩක් බව පැහැදිලි විටදීත් සටන් වැදීම පිලිබඳ  ප්‍රකට ය.

තනි තනි ලෙස මෙන්ම සමස්ථ මිනිස්වර්ගයා ලෙසද අප විසින් ලෝකය මෙහෙයවා ඇති ආකාරය ගැන මෙනෙහි කිරීමට  දැන් මිනිසාට කාලය හිමිව තිබේ. අප අවට ලෝකය සමඟ ක්‍රියා කළ ආකාරය ගැන පැහැදිලි පසුතැවිල්ලක් තිබේ. අප ජයග්‍රහණය කර ඇති දේ සහ අප නොසලකා හැර ඇති හෝ සමච්චලයට ලක් කළ දේ ගැන අපි බොහෝ කාලයක් තිස්සේ කල්පනා කර ඇත්තෙමු. ආඩම්බර වීමට ඉතා සුළු කරුණු කිහිපයක් හා ලැජ්ජා වීමට බොහෝ දේ ඇති බව අපි සොයාගෙන ඇත්තෙමු.

තනි තනි ලෙස මෙන්ම සමස්ථ මිනිස්වර්ගයා ලෙසද අප විසින් ලෝකය මෙහෙයවා ඇති ආකාරය ගැන මෙනෙහි කිරීමට  දැන් මිනිසාට කාලය හිමිව තිබේ. අප අවට ලෝකය සමඟ ක්‍රියා කළ ආකාරය ගැන පැහැදිලි පසුතැවිල්ලක් තිබේ. අප ජයග්‍රහණය කර ඇති දේ සහ අප නොසලකා හැර ඇති හෝ සමච්චලයට ලක් කළ දේ ගැන අපි බොහෝ කාලයක් තිස්සේ කල්පනා කර ඇත්තෙමු. ආඩම්බර වීමට ඉතා සුළු කරුණු කිහිපයක් හා ලැජ්ජා වීමට බොහෝ දේ ඇති බව අපි සොයාගෙන ඇත්තෙමු.

අප ස්වභාවික ලෝකය නිමක් නැතිව අපයෝජනය කර ඇති බවට සැකයක් නැත. අපි එය සුළුකොට තැකීමු. එය හරියටම අප අප කෙරෙහි මහා කාරුණිකව සියලු දෑ ලබා දුන් දෙවිවරුන්ගේ දෙවොලට කඩා පැන, එය කොල්ල කෑම නිසා දේව උදහසට ලක්වූවා වැනි ය. පෘථිවිය සිය අපිරිමිත ඉවසීමෙන් මිදී කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයට ප්‍රතිචාර දැක්වූ බව පෙනේ. මේ සත්‍යය දැන් අප සැමට අවබෝධ වී ඇති බව සිතමි. 

මේ ගෙවී යන්නේ යථාර්ථය සමඟ කටයුතු කිරීමට අපට බල කෙරී ඇති කාලයකි. සමහරු විශ්වාස කරන්නේ යුක්තිය ඉටු වන්නේ දෙවියන් වහන්සේ මගින් වන අතර තවත් සමහරු බෞද්ධ සංකල්පයක් වන පටිචඡ සමුප්පාදය මගින් එය ඉටුවන බව විශ්වාස කරති. බෞද්ධ හා බෞද්ධ නොවන අය ‘කර්මය’ යන්න දනිති. 

පළිගැනීම පිළිබඳව බයිබලයේ සහ අල් කුර්ආනයේ  දුසිම් ගණන් මුලාශ්‍ර ඇත. 'ඔබගේ ඇදහිල්ල කුමක් වුවත්, සෑම කෙනෙකුම පාහේ විශ්වාස කරන්නේ කෙනෙකුගේ අතීත හැසිරීම අන් සියල්ලන් අභිබවා යන මොහොතක් ඇති' බවය. 

COVID-19 විසින් මෙය නිශ්චිතව තහවුරු කර ඇත.

වාසල සූත්‍රයේ එන ‘නජජ්ජා වසලෝ හෝති. නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ. කම්මනා වසලෝහෝති. කම්මනා හෝති බ්‍රාහ්මණෝ,’ යන්න මෙයට හොඳම නිදර්ශනයයි. අප කිසිවෙක් උපතේදී උසස් හෝ පහත් වංශයක් රැගෙන එන්නේ නැත.  අයෙකු උතුම් හෝ වසල තත්වයට පත්වන්නේ ඔවුන්ගේ ක්‍රියාවෙන් පමණි.

වෙනත් වචන වලින් කිවහොත්, අප ඉපදෙන්නේ ගුණධර්ම හා දුෂ්ටකම් අත මිට මොළවාගෙන නොවේ. අප ඒවා ලබා ගන්නේ ජීවත් වන කාලය තුළදීය. විනිශ්චය සහ පළිගැනීම සාධාරණ බව සිතන්නේ නම් අප කළ කී දෑ ගැන නැවත සිතීමට මේ හොඳම කාලයයි. එය කල් දැමීම අතිශය අඥාන වේ.

COVID-19 අපගේ ධාවන පථවල අපව නවතා දමා ඇත. එය තවදුරටත් අපට කොතරම් තදින් පහර දිය හැකිද යන්න ගැන නොව අපට කොතරම් තදින් පහර වැදිය හැකිද යන්න පිලිබඳව වේ. ප්‍රශ්නය නම්, පහර දීම සහ පහර වැදීම ගැන අප ප්‍රමාණවත් ලෙස සිතුවාද? 

COVID-19 අපගේ ධාවන පථවල අපව නවතා දමා ඇත. එය තවදුරටත් අපට කොතරම් තදින් පහර දිය හැකිද යන්න ගැන නොව අපට කොතරම් තදින් පහර වැදිය හැකිද යන්න පිලිබඳව වේ. ප්‍රශ්නය නම්, පහර දීම සහ පහර වැදීම ගැන අප ප්‍රමාණවත් ලෙස සිතුවාද? 

සොබාදහම, පැහැදිලිවම එහි කාර්යභාරය ඉටු කරයි, නමුත් මිනිසා එකිනෙකා හා සම්බන්ධ වන ආකාරයෙහි කැපී පෙනෙන පරිවර්තනයක් සිදුවී තිබේද?

අවාසනාවන්ත සත්‍යය නම් කුරිරුකම, හෘදයාංගම බව, ආත්මාර්ථකාමිත්වය සහ කෑදරකම මිනිස් වර්ගයාගේ අත්සන ලෙස දිගටම පැවතීමයි. ඉතිහාසය පුරාම සිදුවූවේ මේ සියල්ල බලය ඇත්තන්ගේ කටයුතු බවයි. එහෙත් සංවේදීබව, සහකම්පනය, මනුෂ්‍යත්වය යනාදිය අපගේ ජානවලට කාවැද්දවීමට නම් සේවකයින් හෝ සේවා යෝජකයින්, දෙමාපියන් හෝ දරුවන්, ආණ්ඩුකාරවරුන් හෝ පාලකයින්, ගැනුම්කරුවන් හෝ විකුණුම්කරුවන් ලෙස අප මෙතෙක් රඟපෑ භූමිකා පිලිබඳ නැවත වරක් සිතා බැලීමටත්, එසේ නොකළ හොත් අපගේ ක්‍රියාවන් විනිශ්චයට පත්වන දිනයේදී අප සතු ධනය හා බලය මේ සියල්ල ඵල රහිත බවත් වටහා ගත යුතු වන්නේ ය.

අපගේ ප්‍රමුඛ සාරධර්ම මොනවාද, අපට අපෙන්ම අසාගත හැකිය. ඔබ කෙබඳු ආකාරයේ වෘත්තිකයෙක්ද? ඔබේ වෘත්තීය හැසිරීම තුළ ඔබ සදාචාරාත්මක හා මානුෂික වී තිබේද? ඔබ අකමැති කෙනෙකුට හානි කිරීමට ඔබ කවදා හෝ බලය අනිසි ලෙස භාවිතා කර තිබේද? යමෙකුට රිදවීම, පළිගැනීම හෝ යමෙකු දුක් විඳීම දැකීමෙන් ඔබ සතුටක් ලබා තිබේද? ඔබේ චරිතයේ වෛරය සහ ඊර්ෂ්‍යාව මූලික ගුණාංගද? ඔබ වෙනත් කෙනෙකුගේ ශෝකයෙන් ප්‍රීති වී තිබේද? ඔබ කවදා හෝ විපතට පත්ව සිටින කෙනෙකුට හැකියාව තිබියදීත් උපකාර නොකර අහක බලාගෙන සිට ඇද්ද?

යමෙකුට රිදවීම, පළිගැනීම හෝ යමෙකු දුක් විඳීම දැකීමෙන් ඔබ සතුටක් ලබා තිබේද? ඔබේ චරිතයේ වෛරය සහ ඊර්ෂ්‍යාව මූලික ගුණාංගද? ඔබ වෙනත් කෙනෙකුගේ ශෝකයෙන් ප්‍රීති වී තිබේද? ඔබ කවදා හෝ විපතට පත්ව සිටින කෙනෙකුට හැකියාව තිබියදීත් උපකාර නොකර අහක බලාගෙන සිට ඇද්ද?

අප සියල්ලන්ම පාහේ සෑම විටම අපගේ මිනිස් දුර්වලතා වසා ගැනීම සඳහා වෙස්මුහුණු පැළඳ සිටින්නෙමු. ධනය සහ බලයෙන් සාර්ථක ලෙස වෙස්වලා ගැනීමට හැකිවූවේ යැයි සිතමු. එහෙත් ඔබට ඔබෙන් සැඟවිය හැකිද? කනගාටුදායක සත්‍යය නම්, COVID-19 සෑම කෙනෙකුටම මුහුණු ආවරණයක් පැළඳීමට බල කිරීමට බොහෝ කලකට පෙර බොහොමයක් දෙනා වෙස්වළාගෙන සිටි බවයි. අප අතර සිටින දුෂ්ටයන් බොහෝ විට මනුෂ්‍යත්වයේ ප්‍රතිලාභීන් ලෙස වෙස්වළාගෙන, කුරිරු අය යහපත්කමේ පරමාදර්ශයන් ලෙස තමන්වම උසස් කරගනිති. ඇතැම්  සිනහවන් යට බොහෝ විෂ සහිත හදවතක් සහ තියුණු පිහි වලින් පිරුණු මනසක් ඇත. සමහර අවස්ථාවන්වල මේ වෙස් මුහුණු අත්වැරදීමකින් ගිලිහි ඊට යටින් ඇති භීෂණය නිරාවරණය කරවයි.


COVID-19 නිසා වෙස්මුහුණු ලිහී වැටීම.

What you need to know today about the virus o... | Taiwan News

තත්වය එසේ වුවද, COVID-19 සෑම කෙනෙකුගේම වෙස්මුහුණු ලිහා දමයි. මරණයේ අවතාරය ජීවන ගමන ගැන මෙනෙහි කිරීමට අපට බල කරයි. ජීවිතයේ අස්ථාවරත්වය දැන් තම සියළු බැමි පුපුරුවා හැර ඇත. අප සෑම කෙනෙකුම දැන් තම තමන්ගෙන් ඇසිය යුත්තේ  ‘මා කුමක් කර ඇත්ද?’ යන්නයි. එසේ කරන බොහෝ දෙනෙකුට පිළිතුරු ලෙස ලැබෙනු ඇත්තේ මතක් කිරීමට පවා අකමැති දෑ විය හැක. එහි අර්ථය ඔවුන් බොහෝ දේවල් ‘වෙනස් ආකාරයකින්’ කර ඇති බවයි.

සෙසු මිනිසුන්ට ධනාත්මක හෝ ප්‍රයෝජනවත් යමක් කරනවාට වඩා බොරු කීමට, රැවටීමට, මඩ ගැසීමට හා අනුන්ගේ ජීවිත විනාශ කිරීමට ඇති සුව කළ නොහැකි ආශාවන්ගෙන් පෙළෙන අය අප අතර සිටිති. මිනිසුන් විනාශ කිරීම, දුර්වලයන් සූරාකෑම, පොළොව විෂ කිරීම සහ එවැනි අමානුෂික ක්‍රියාවන්ගෙන් සතුට ලබා ගන්නේ කෙසේද යන්න ගැන සිතමින් සෑම උදෑසනකම අවදි වන අය අප අතර සිටිති. සමහර අයට තම දුෂ්ට ගති ගුණ ඉවතලෑම දුෂ්කර බව සත්‍යයකි.

නමුත් එසේ ඉවතලෑමට ඔවුන් කෙසේ හෝ මගක් සොයාගත්තේ නම් තමන් සතුව ඇති ශක්තින් යොදාගෙන සෙසු මිනිස් වර්ගයා නඟා සිටුවීමට මෙන්ම මෙතෙක් කල් ස්වාභාවික ලෝකයට තමන්ගෙන් සිදුවූ හානියට වන්දි ගෙවීමට ඔවුන්ට ධෛර්යය ලැබෙනු ඇත.  මේ ලෝකයේ යහපත් මිනිසුන් බොහෝ වෙයි. ඔවුන්ගෙන් ලැබෙන පරාර්ථකාමීත්වය, ත්‍යාගශීලිත්වය, සංවේදනය සහ අනුකම්පාව පිළිබඳ උදාහරණ බොහෝ දෙනාගේ ජීවිතවල විශාල වෙනසක් ඇති කර තිබේ.

කෙසේ වෙතත් කිසිවක් එක් ක්ෂණයකින් වෙනස් නොවන බව ඉතිහාසය විසින් පෙන්වා දී ඇත. අධික ලෙස විෂ සහිත සහ පළිගැනීමේ නොඉවසිය හැකි පිපාසය ඇති පුද්ගලයින් එක රැයකින් වෙනස් නොවේ. එවන් හාස්කම් අපේක්ෂා කිරීම අනුවණකමකි.

කිසිවක් එක් ක්ෂණයකින් වෙනස් නොවන බව ඉතිහාසය විසින් පෙන්වා දී ඇත. අධික ලෙස විෂ සහිත සහ පළිගැනීමේ නොඉවසිය හැකි පිපාසය ඇති පුද්ගලයින් එක රැයකින් වෙනස් නොවේ. එවන් හාස්කම් අපේක්ෂා කිරීම අනුවණකමකි.

‘මම කිසිවෙකුට දැනුවත්ව හානියක් කර නැති අතර කිසි විටෙකත් අන් අයට අපහාස කිරීමෙන් හෝ විනාශ මුඛයට රැගෙන යාමෙන් සතුටක් හෝ ලාභයක් ලබා නැත,’ යනුවෙන් අවංකව කිව හැකි අය ද සිටිනු ඇත. 

එසේ කීමට නොහැකි අයවළුන් ද සිටී. ඔවුහු කවුදැයි යන්න ඔවුන් දනී. මේ දිනවල නිවෙස් තුළට වී සිටින ඔවුන්

දැන් කල්පනා කළ යුත්තේ ‘මම අන් අයට කර ඇති දරුණු හානි, විශ්වාසය කඩකිරීම, පාවාදීම, අකෘතඥබව සහ වංකකම නිසා මට ලැබෙන ඉරණම කුමක් විය හැකිද?’ යන්නයි.

නව පිටුවක් පෙරළීමට අප කිසි විටෙකත් ප්‍රමාද නැත. අපගේ අසමර්ථකම්  නිසා පෘථිවිය තම කොටස කිරීමට පටන්ගෙන ඇත.මිනිසුන්ට තමන්වම නිවැරදි කර ගත හැකිය. මිත්‍රත්වය, පක්ෂපාතිත්වය සහ සෙනෙහස අප සැවොම අත්දැක ඇති අතර ඒවායෙන් ප්‍රතිලාභ ද ලබා ඇත්තෙමු. ඒවා ජීවිතය සිත්ගන්නාසුළු හා සතුටින් පුරවන අංගයන් වේ.  සෑම අර්බුදයක්ම අපට කළ හැකි හොඳම දේ කිරීමට හා වඩා යහපත් වීමට අවස්ථාවක් ලබා දෙයි.



අප තෝරා ගත යුත්තේ වෙනස් මාර්ගයකි.

මේ සියල්ල අවසානයේදී සත්‍යවශයෙන්ම අපි කවුදැයි යන්න සොයා ගැනීමට අපට හැකිවනු ඇත. සැබෑ මිතුරන් කවුරුන්ද යන්නත් අපට වැටහෙනු ඇත. තමන් කැමති වූවත් අකමැති වූවත් සියල්ලන්ම විනිශ්චයට භාජනය කෙරෙනු ඇත.

මේ කතාව පැවසීමට දිවි ගලවා ගන්නා අයට ධනාත්මක හා ධනාත්මක ආඛ්‍යානයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමු. COVID-19 න් පසු මිනිසා පෘථිවිය ගැන, ජීවිතය ගැන සහ තමන් ගැන බොහෝ දේ ඉගෙන ගත් බව සහ විශේෂයෙන් සත්ත්ව විශේෂයක් ලෙස සහ පුද්ගලයන් වශයෙන් ඔවුන් ගත් මාර්ගවල අනුවණ බව ඉතිහාසය විසින් වාර්තා කරනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි. යහපත් හදවත් ඇති අය දුෂ්ටයන් හා දුෂ්ටත්වය අභිබවා ගිය ආකාරය ඉතිහාසඥයන් විසින් විස්තර කරනු ඇතැයි අපේක්ෂා කරමි.

බලාපොරොත්තුව යනු මෙහිලා ප්‍රධානම දෙයයි. අද අප සිටින්නේ අයහපත් තත්වයක නම් හෙට දිනයේ අප කවුරුන්විය යුතුද යන්න බුද්ධිමත්ව තීරණය කළ යුතුය.  සියලුම මිනිසුන් සියල්ලම නරක අය නොවේ. අපට දරාගැනීමට හැකියාව ඇති බවත්,  නිහතමානී,  ත්‍යාගශීලී, කරුණාවනත් විය හැකිබවත් පෙන්වා දී ඇත්තෙමු.

මේ පොළොව මත ඇවිද ගිය වෙනත් ඕනෑම විශේෂයකට වඩා අපට මේ සියලු ගුණාංග ප්‍රතිමූර්තිමත් කළ හැකිය. ඒවා ‘මානව ගුණාංග’ ලෙස හඳුන්වන්නේ එබැවිනි.

මේ පොළොව මත ඇවිද ගිය වෙනත් ඕනෑම විශේෂයකට වඩා අපට මේ සියලු ගුණාංග ප්‍රතිමූර්තිමත් කළ හැකිය. ඒවා ‘මානව ගුණාංග’ ලෙස හඳුන්වන්නේ එබැවිනි.

COVID-19 වසංගතයට දහස් ගණනකගේ ජීවිත බිලිවීම සාධාරණීකරණය කළ නොහැක. එමෙන්ම වසංගතය නිසා දුප්පත් හා බලාපොරොත්තු රහිතව ඉතිරි වී ඇති දහස් සංඛ්‍යාත පිරිසක්වෙයි. 

පසුගිය මාස කිහිපය තුළ තමන්ට යමක් අහිමි වී නැති බව හෝ සැලකිය යුතු කෙනෙකු අහිමි වී නැති විශ්වාස කරන ඕනෑම අයෙකුට ඉක්මනින් යථාර්ථය අවබෝධවනු ඇත. ප්‍රශ්නය වන්නේ සමාජයක් හා පුද්ගලයන් වශයෙන් අපගේ ජීවිත ඉක්මනින් යථා තත්ත්වයට පත් පරිවර්තනය කළ හැකිවන්නේ කෙසේද යන්නයි. මෙයින් පසුත් මනුෂ්‍යත්වය පරාජය වී අශෝභනත්වය වැජබෙන්නේ නම්, එක්සත් වීමට වඩා බෙදී වෙන්වී සිටීමට උත්සාහ කරන්නේ අපට මේ පොළොවෙහි වැඩි කල් පැවැත්මක් නොතිබෙනු ඇත.

අප තෝරා ගත යුතු මාර්ගය වෙනස් මාර්ගයකි. අපගේ ජීවිතය ගත කරන ආකාරය වෙනස් කිරීම, මඟ පෙන්වීම සහ නායකත්වය සඳහා විනීත හා ගෞරවනීය අය වෙත අවධානය යොමු කිරීම සහ ඒවාට නුසුදුස්සන් බැහැර කිරීම වෙනුවෙන් අප සෑම කෙනෙකුටම වගකීමක් ඇත. අපගේ සමාජයන් සහ රටවල් නැවත නැගී සිටීමටත් ජය ගැනීමටත් මාර්ගයන් පාදා ගනු ඇත. අප විසින් පෘථිවිය දූෂණය කිරීම නැවැත්වූ වහාම සොබාදම් මාතාව විසින් පෘථිවිය සුවපත් කිරීමේ කාර්යය අරඹනු ඇත. අප එම ආදර්ශය අපේ ඇතුළාන්තයට ද අදාළ කරගත යුතුය.

 Krishantha Coorey 2020 - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වසංගතයෙන් පසු අලුත් පරිච්ඡේදය ආරම්භ කරමු -ක්‍රිෂාන්ත කුරේ | The Leader