මේ තමන්ගේ Audience එකට පන්සිල් පද පහ වගේ තමන් කියාගෙන හිටපු ඒවගෙන් ගැලවෙන්න බැරිකම. ඉතින් ඒකට බයවෙලා බැහැ.
දේශපාලන ව්‍යාපාර බය වුණාට බය නැති මිනිස්සු ඉන්නව. බය නැති මිනිස්සුන්ට තමා අභියෝග ගන්න පුළුවන්.
 
ඒ මිනිස්සු තමයි ඉතිහාසයේ ගොඩක් දේවල් කළේ. ඒ නිසා මම කියන්නේ විවිධ කණ්ඩායම්වල, විවිධ සමාජ ස්ථරවල තියෙන මතවාද, විවිධ අදහස් උදහස්, තර්ජන ගර්ජන තියෙනව. ඒවට බයවෙලා සමාජ ප්‍රතිසංස්කරණ කරන්න ගියොත් කවදාවත් සමාජ ප්‍රතිසංස්කරණ කරන්න බෑ යැයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ වරුණ රාජපක්ෂ පවසයි. ඔහු මේ අදහස් දක්වා සිටියේ youtube නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවකදී ය. 

 

ප්‍රඃ මෙවර අයවැයෙන් ලාභ ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න යනව කියන කතාවේ පදනම මොකක්ද ?

පිඃ මම හිත්නනේ ඔය ප්‍රශ්නේ ඔහොම නෙමේ එන්න ඕන. ඔය ප්‍රශ්නේ අපෙන් ඇහුවොත් රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය කළ යුතුද? නැද්ද? නැත්තම් රජයේ ව්‍යාපාර කළ යුතුද? නැද්ද? එත’කොට එය ප්‍රතිපත්තිමය තීරණයක්. 
 
අපි විශ්වාස කරනවා රජය තියෙන්නේ ව්‍යාපාර කිරීමට නොවේ. රාජ්‍යය විසින් ව්‍යාපාර කරන්න යන්න අවශ්‍ය නැහැ, ඒක පෞද්ගලික අංශයේ කාර්ය භාරයක්, ඔවුන් තමා එය කාර්යක්ෂමව සහ දක්ෂ ලෙස කරන්නේ. රජයට වෙනත් කාර්යභාරයන් ප්‍රමාණයක් තියෙනව. රජයේ ප්‍රතිපත්ති හදන්න, ජාතික ආරක්ෂාව, මහජන සුබසාධනය වැනි විවිධ කටයුතු රජයට තියෙනව. රජය ඒ කටයුතුවලට ප්‍රමුඛත්වය දීල නියාමනයට සහ ප්‍රතිපත්ති සකස් කිරීමට මූලිකත්වය දීල, රාජ්‍ය ව්‍යාපාරකරණයෙන් ඉවත් වෙන්න ඕන.

දැන් මේ රජය ව්‍යාපාරකරණයේ යෙදෙන්න හේතු වුණ ඉතිහාසයක් තිබුණා. විශේෂයෙන් අපේ වගේ රටවල්වල ධනේශ්වර ආර්ථිකය, නිදහස් ආර්ථිකය කියන එක අපේ රට තුළින්ම රටේම සංවර්ධනයක් විදිහට නිර්මාණය උන එකක් නෙමේ. එය අපිට උත්තරාරෝපණය වන දෙයක්. එනම් විදේශ ආක්‍රමණයන් නිසා අපිට ලැබුණු දෙයක්. මොකද, අපේ රටට ධනේශ්වර ආර්ථිකය හඳුන්වා දෙන්නේ ඉංග්‍රීසීන් විසින්. එතකොට අපේ රට ඇතුලෙ දේශීය ව්‍යාපාරිකයන්, දේශීය 
කර්මාන්තකරුවන් නිර්මාණය වී තිබුණේ නැහැ රටේ ආර්ථිකය භාර ගැනීමට තරම්. ඒ නිසා සිද්ධ වුණා වෙනත් විකල්පයක් සෙවීමට.

විශේෂයෙන්ම ඉංග්‍රීසීන් විසින් වතු ආශ්‍රිත කර්මාන්තයට ඔවුන්ගේ ආයෝජනයක් යොදවා තිබුණා. ඒ නිසා එයට රජය මැදිහත්වීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ඉතාම සාර්ථක ලෙස සිදු වුණා. 
 
නමුත් සමහර අවස්ථාවල ප්‍රවාහනය, අධ්‍යාපනය මෙවැනි විවිධ ක්ෂේත්‍ර වලට පෞද්ගලික අංශයේ මැදිහත්මක් තිබුණේ නැති නිසා රජයට සිදු වුණා එම වගකිම යම් කාලයකට භාර ගැනීමට. නමුත් පසුකාලීනව මෙය ජනප්‍රිය වෙලා විශේෂයෙන්ම සමාජවාදී කඳවුරේ මතවාදවල බලපෑම වැනි දේ එක්ක මතයක් නිර්මාණය වෙනව රජයට මේ සියල්ල කරන්න පුළුවන්නම් හොඳයි වගේ කියල. ඒ නිසා ජනසතුකරණය වගේ වැඩපිළිවෙලවල් ඇවිල්ල, ඒ වන විට ඉතාම හොඳින් තිබුණු වතු ආර්ථිකය වැනි ක්ෂේත්‍රයන් පවා රජයට පවරා ගනු ලැබුවා. එමඟ්න් රජයට අනවශ්‍ය බරක් විශාල ලෙස පවරාගත්තා වගේම එතෙක් හොඳින් ක්‍රියාත්මක උන ක්ෂේත්‍රයන් කඩාගෙන වැටීමක්ද සිදු වුණා. රජය මෙය පවත්වාගෙන යාම නිසා නිර්මාණය උන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මෙය කරගෙන යන්න බැරිනම් අපි පාඩු වෙන ඒව පෞද්ගලීකරණය කරමු, ලාභ ලබන ඒව කරගෙන යමු කියන එක මතුවුණා. 
 
මං හිතන්නේ ඒක නෙමේ නිවැරදි දේ. නිවැරදි දේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ඕන මේ අනවශ්‍ය විලංගුවෙන් නිදහස් වෙලා මේ ව්‍යාපාර ක්ෂේත්‍රය පෞද්ගලික අංශයට ලබා දෙන්න ඕන කියල. මේ ප්‍රතිපත්ති තීරණය ගැන තමයි වර්තමාන ජනාධිපතිවරයා සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඒක ලාබ ද පාඩු ද කියන් ප්‍රශ්නේ නෙමේ තියෙන්නේ. රජය මින් ඉවත් වෙන්න ඕන කියන එක.

අපි කියනව සමහර රාජ්‍ය ආයතන ලාබයි කියල. උදාහරණයක් විදිහට අපි දන්නව ලංකා බැංකුව වගේ රාජ්‍ය බැංකුවල තමයි රජයේ වැටුප්, ඉතිරි කිරීම් වැනි විවිධ ආදායම් ගිණුම් ආයතන විශාල ප්‍රමාණයක තියෙන්නේ. එතකොට එය මොනොපොලියක්. ඔවුන්ට එය අනිවාර්යයෙන් ලැබෙනව. අපේ රටේ වාණිජ බැංකුවක් විදිහට සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව වගේ ගත්තොත් ඒව ගත්තොත් ඒවට නැති විශේෂ වරප්‍රසාදයක් මේ රාජ්‍ය බැංකුවලට දීල තියෙනව. ඒක විසින් රාජ්‍ය බැංකුවලට යම් විශේෂ ලාබයක් ලබාගන්න පුවළුන්කමක් ලැබෙනව.

ටෙලිකොම් එක කියන්නෙත් මුල් යුගයේදී ඒකාධිකාරයක් තිබුණ ආයතනයක්. ඒ කාලෙ ගමකට ටෙලිෆෝන් දෙකක් තුනක් වගේ තිබුණෙ. මංගල සමරවීර ඇමතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා මෙම ආයතනයේ විශාල ප්‍රතිසංවිධාන ගණනාවක් සිදු කරල පෞද්ගලික අංශයට යම් කොටස් ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න ඉඩ හදල දුන්නා. ඒ මඟින් ලංකාව, සන්නිවේදන ක්ෂේත්‍රය තුළ ආසියානු කලාපයේ එක්තරා ආකාරයක විප්ලවීය වෙනසක් කරපු ආයතනයක් බවට පත්වුණා. 
 
දැන් ඊළඟට එන නව තත්වයන් Mobile Communication එක්ක යන වගේ බොහෝ වෙනස්කම් වෙමින් පවතිනව සන්නිවේදන ක්ෂේත්‍රය තුළ. ඒ වෙනස්වෙමින් තිබෙන යුගයට ගැලපෙන්න අනාගතය දෙස බලල දැන්මම ප්‍රතිව්‍යූහගත කරනවද? නැත්තම් යළි පාඩු ලබනකම් ඉදල අර්බුදයට ලක්වන තුරු ඉදල ප්‍රතිව්‍යූහගත කරනවද කියන් එක ගණන් හදල බලල තීරණය කළ යුතුයි.

මෙය තමයි දේශපාලන වශයෙන් ගත හැකි තීරණය. රාජ්‍යට බොහෝ වගකීම් ගණනාවක් තියෙනව.ඉතින් මේ වගේ දේවල් රජය කළ යුතු දේවල් නෙමෙයි. ඉදිරියට එන අලුත් ලෝකයට මුහුණ දීමට හැකි ලෙස ලංකාවෙ අපි වෙනස් වෙන්න ඕන. පරණ ක්‍රමත් එක්ක අපි විශාල විනාශයකට ලක් වෙලා ඉන්නව. දැන්වත් ඒ විනාසෙන් ගොඩ ඇවිල්ල අපි වෙනස් වෙන්න සූදානම් විය යුතුයි.


ප්‍රඃ දැනටමත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රතිපත්තියට විරුද්ධව වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ වලින් විරෝධයක් එල්ල වෙලා තියෙනව. ඊට අමතරව රාජ්‍ය සේවකයන් ගණනාවකට රැකියා අහිමි වීමේ අවදානමක් තියෙනව. මේ ගැන රජයේ තියෙන වැඩපිළිවෙල කුමක්ද?

පිඃ අපේ රටේ සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂවල, වෘත්තීය සමිතිවල, විශේෂයෙන් වාමාංශික දේශපාලන පක්ෂවල, ජාතිකවාදී දේශපාලන පක්ෂවල පන්සිල් පද පහ වගේ අනිවාර්ය වට්ටෝරු තියනව දේශපාලනය තුළ. ඒ වට්ටෝරුවල එකක් තමයි රාජ්‍ය ව්‍යවසායන් ආරක්ෂා කරගනිමු කියන එක. 
 
මේ වට්ටෝරුවලට මේව එන්න හේතුවක් තියෙනව. ඕනම එකක Audience එක මතනේ කියන දේ තීරණය කරන්නේ. මේ අයගේ කන්ඩායමේ ප්‍රධාන පංගුවක් තමා වෘත්තීය සමිති කියන එක. ඒත් අද බොහෝ වමේ ව්‍යාපාර තමන්ගේ මේ වෘත්තීය සමිතිවලට සහ ඒ අය කියන මතවලට බයයි. ඒ අය හොඳටම දන්නව මේ ආයතන පවත්වාගෙන යන්න බෑ කියල. 
 
උදාහරණයක් විදිහට ගත්තම ව්‍යාපාරිකයින් විසින් කරන Forum එකකට එන්න කිව්වම මම දැක්ක එක තැනකදි සිරස රූපවාහිනියේ තිබුණ Forum එකකදි සුනිල් හඳුන්නෙත්ති මහත්මය කියනව රාජ්‍ය ව්‍යාපාර කළ යුතු නෑ කියල. මොකද එයා දන්නව එතන ගිහින් කිව්වොත් එහෙම රාජ්‍ය ව්‍යාපාර කරන්න ඕන කියල එයා එතන නිකන් ගොන්පාට් වෙනව කියල Forum එක ඇතුලෙ. 
 
හැබැයි ඊට පස්සේ ආය ලාල් කාන්ත මහත්මය වගේ කෙනෙක් ගිහිල්ල වරාය වෘත්තීය සමිතියෙ හරි ඒ ගොල්ලන්ගේ එකතු කරාම කියනව නෑ අපි රාජ්‍ය සම්පත් විකුණන්න දෙන්නේ නෑ කියල. මං දැක්ක ගාල්ල පැත්තෙ ඒ ගොල්ලනගේ මන්ත්‍රී කෙනෙක් රූපවාහිනී සාකච්ඡාවකට ඇවිල්ල තුනී ලෑලි සංස්ථාව ගැන කියනවා මේව විකුණන්න දුන්නා කියල. 
 
එතකොට දැන් මේ දෙකේ පරස්පරය එන්නේ කොහොමද? මේ තමන්ගේ Audience එකට පන්සිල් පද පහ වගේ තමන් කියාගෙන හිටපු ඒවගෙන් ගැලවෙන්න බැරිකම.

ඉතින් ඒකට බයවෙලා බැහැ. දේශපාලන ව්‍යාපාර බය වුණාට බය නැති මිනිස්සු ඉන්නව. බය නැති මිනිස්සුන්ට තමා අභියෝග ගන්න පුළුවන්. දැන් වර්තමාන ජනාධිපතිතුමා විශාල අරගලයක් තියෙද්දි, පාර්ලිමේන්තුවේ ඔහු විතරක් ඉද්දි තනියම ඔහු බය නැතිව හරි මම මේ ප්‍රශ්නේ රටේ ප්‍රශ්නේ විසඳනව කියල භාර ගත්ත. එහෙම තමයි අභියෝග භාරගන්න ඕන බය නැතිව. ඒ මිනිස්සු තමයි ඉතිහාසයේ ගොඩක් දේවල් කළේ. ඒ නිසා මම කියන්නේ විවිධ කණ්ඩායම්වල, විවිධ සමාජ ස්ථරවල තියෙන මතවාද, විවිධ අදහස් උදහස්, තර්ජන ගර්ජන තියෙනව. ඒවට බයවෙලා සමාජ ප්‍රතිසංස්කරණ කරන්න ගියොත් කවදාවත් සමාජ ප්‍රතිසංස්කරණ කරන්න බෑ.


ප්‍රඃ නැවතත් ආගමික අන්තවාදයක් රට තුළ ඇති කිරීමට උත්සාහ ගනිමින් තිබෙන බව පිළිගන්වාද?

පිඃ අපි දේශපාලනිකව ගත්තොත්, ආගම කියන්නේ දේශපාලනයටත් වඩා පරණ නිර්මාණයක්. 
 
මං හිතන්නේ ඕනෙ කෙනෙක්ට ආගම අදහන්න නිදහස තියෙනව, ආගම පිළිගන්න නිදහස තියෙනව. අපි පැසිස්ට් රාජ්‍යයක් නෙමේ, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. කොමියුනිස් රාජ්‍යයකුත් නෙමේ. ඒ නිසා ආගම, මිනිස්සුන්ගේ ලබ්දීන්වලට බාධා කරන්න බෑ. පීඩිත මිනිස්සුත් එක්ක ආගමේ ලොකු බැදීමක් තියෙනව. ඉතින් ඒ සංවේදීකම තේරුම් අරන් තමයි ඒකත් එක්ක ගනුදෙණු කරන්න ඕන. 
 
අපි ලොකූ සංකීර්ණ දේවල්වලට යනවට වඩා ආගමේම උත්තරයත් තියෙනව. ජේසුස් වහන්සේගෙන් එක වෙලාවක එක පුද්ගලයෙක් අහනව ප්‍රශ්නයක්. ජීසස්, ඔබ කියනව අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියල. එහෙනම් ඇයි අපි සීසර්ට බදු ගෙවන්නේ කියල. එතකොට ජීසස් කියනව, ඔහු ළග තිබුණ රෝම කාසියත් අතට ගන්නව, රෝම කාසියේ එක පැත්තක තියෙන්නේ කුරුසිය අනික් පැත්තේ තියෙන්නේ සීසර්ගේ රූපෙ. කාසිය උඩ දාල කියනව සීසර්ගේ දෙ සීසර් ට දෙන්න දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න කියල. ඒ නිසා දෙවියන්ගේ දේ දෙවියො එක්ක කරගන්න. දේශපාලනය දේශපාලනය විදිහටත් කරන්න. 
 
වර්තමාන ජනාධිපතිතුමත් ඕක තමයි මං හිතන්නේ පසුගිය දවස්වල පාර්ලිමේන්තුවේදී කිව්වේ. රටේ දේශපාලන තීරණ ගන්න එක පාර්ලමේන්තුවට ගේන්න. ඒක පන්සලක හරි පල්ලියක හරි නැත්තම් ගාලුමුවදොර හරි කරන්න බෑ. දේශපාලනය දේශපාලනය විදිහට කරමු. ආගම වෙනම ආගමික කටයුත්තක් විදිහට කරමු. 
 
මම කියන්නේ සරළවම ඔය දෙක වෙන් කර ගත්තනම් ඇති කියල. පසුකාලීනව බොහෝ ආගම් ආයතගත උනාට පස්සේ දේශපාලනය එක්ක ගැට ගැහිල, දේශපාලන කුමන්ත්‍රණ ලෝක ඉතිහාසයේ බොහෝ තැන්වලින් ඇවිල්ල තියෙනව. ඒ සංකීර්ණ සාකච්ඡාව ඇතුළෙ කවුද කුමන්ත්‍රණ කරන්නේ කියල හොයනවට වඩා හොඳම දේ තමයි ෆාදර් ඔස්කා කියනව වගේ ‘මොන හං කඩුව තිබුණත් ආගමයි කියා, මොන පණිවිඩය තිබුණත් බයිබලයෙ ලියා, ආදරයයි ආගම යනු හිතේ දෙයක්, මල් ගෙන පුදමු එය පුදසුනක තියා..’ ආගම කියල කියන්නේ හිතේ දෙයක්, ඒක හිතේ තියාගන්න.
 

මොනවද මේ හදිසියේ හදිසියේ එන ව්‍යවස්ථා වෙනස්කම් ?

පහුගිය කාලේ ජනතාව විසින් ඉල්ලුවා සිස්ටම් චේන්ජ් එකක්. ජනාධිපති තුමා විවිධ ආකෘතිවලින් එය යෝජනා කරමින් ඉන්නවා පාර්ලිමේන්තුවට. ඒවා ව්‍යවස්ථානුකූලව විය යුතු දේවල්. මොකද ඒවා එක පාරට විසඳගන්න පුළුවන් දේවල් නෙවෙයි. මෙය අපේ පසුගිය කාලේ විවිධ වැඩසටහන් විදියට , ව්‍යවස්ථා වෙනස්කම් විදියට විවිධ ආකෘති වලින් ඉදිරිපත් වුනා.
 
උදාහරණයක් විදියට සහනාධාර ලබාදීමේ වැඩසටහන. ඊලග එක තමයි තරුණයන්ට ප්‍රතිපත්ති සම්පාදනයට ඉඩක් ලබාදිය යුතුයි කියන යෝජනාව මෙයට යෝජනාවක් ඒ පිරිසටම හදා දෙන්න යැයි ඉල්ලීමක් කරනු ලැබූවා. ඒ අනුව සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය විසින් අරගලයේ සිටි පිරිස් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අදහස් ඇතුලත්ව මෙයට යෝජනාවක් ගෙනැවිත් තිබුනා ජන සභා ආකෘතිය නමින්. ඒ අනුව එය ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩිපිළිවෙල සකස් කොට ලේකම් කාර්යාලයක් පිහිටුවා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙයින් ගමේ ඉන්න හැම කෙනෙකුටම තමන්ගේ අදහස් හා ගමට විය යුතු දේ වගේම ප්‍රතිපත්ති සම්පාදනය කොට තීරණය ගැනීමේ බලය ලබා දී තිබෙනවා.

තවත් සිස්ටම් චේන්ජ් එකක් ඊයේ පෙරේදා ගෙනාවා. මන්ත්‍රීවරයෙකුට මැතිවරණයක් සදහා වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය හා ඒවා ලැබුනු විදිය හා වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් වන ක්‍රමයක් ඇතුලත් අන පනත් මේ වන විට ගෙනැවිත් තිබෙනවා. ඒ වගේම තමයි අයිස් නැමැති මත් ද්‍රව්‍යය. එය නතර කිරීමට අදාළ නීතිය දැඩි කොට තිබෙනවා. ජනාධිපතිවරයා අයිස් ජනාධිපතිවරයෙක් නොවන නිසා මේවා ඉතා ඉක්මනින් සිදුකිරීමට හැකියාව තිබුනා.


ප්‍රඃ එතකොට සාරිය ගැන කතාව එහෙම සිසටම් චේන්ජ් එකක්ද ?
 
මට පෞද්ගලිකව මෙහි කිසිදු ප්‍රශ්නයක් නෑ සාරියද , ඩෙනිමද , සල්වාරියද කියන එක සම්බන්ධයෙන් . නමුත් ශිෂ්‍යයා පාසලකට පැමිණි පසු බලාපොරොත්තු වන කාර්යය, පාසල අවසන් වෙලා සමාජයට ගොස් ඔහු දරණ භූමිකාව තීරණය කරන්න රැඩිකල් මතයකට බෑ. ඒ නිසා ඇදුම වෙනස් කරන්න ඇමති කෙනෙකුට හෝ ගහන ගැසට් එකකට බෑ. එය කළ යුත්තේ විද්‍යාත්මක පදනමක සිට. 


පිඃ මට පෞද්ගලිකව මෙහි කිසිදු ප්‍රශ්නයක් නෑ සාරියද , ඩෙනිමද , සල්වාරියද කියන එක සම්බන්ධයෙන් . නමුත් ශිෂ්‍යයා පාසලකට පැමිණි පසු බලාපොරොත්තු වන කාර්යය, පාසල අවසන් වෙලා සමාජයට ගොස් ඔහු දරණ භූමිකාව තීරණය කරන්න රැඩිකල් මතයකට බෑ. ඒ නිසා ඇදුම වෙනස් කරන්න ඇමති කෙනෙකුට හෝ ගහන ගැසට් එකකට බෑ. එය කළ යුත්තේ විද්‍යාත්මක පදනමක සිට. 
 
මේ විවාදය ඇවිත් තියෙන නිසා මෙය පිරිමි පාර්ශවයට ගත හැකි තීරණයක් නොවෙයි. ඒ සදහා පාර්ලිමේන්තුවේ කාන්තාවන් සිටිනවා ඒ අය එකතුව මේ සදහා යම් පිලියමක් යෙදිය හැකියි. වැදගත් වෙන්නේ මුළුමනින්ම අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් හා විෂය නිර්දේශයේ වෙනස් කම් ඇතුලත් සමස්ත අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ගැන කතා කළ යුතු වීම.
 
 
 
 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්