මල්ලි වීරයෙක් කරන්න ඕන නෑ ඒත් එයා කුලී හේවායෙක් නෙවෙයි - අයෝනා හේවගේ

 

සිය බාල සොයුරු කපිතාන් රනිෂ් හේවගේ වීරයෙකු කිරීමට තමන්ට අවශ්‍යතාවක් නැතත්, කිසි ලෙසකින් හෝ කුලීසොල්දාදුවෙකු නොවූ බව අයෝනා හේවගේ පවසයි.  


සිය සොහොයුරාගේ අභාවයෙන් දින 40 ක් පිරෙන දිනයේ ඔහුගේ සොහොන් කොත වෙත යාමට සැරසෙමින් සිටියදී 'සරෝජ් සමග සංදේශය' නාලිකාව සමග අදහස් දක්වමින් ඇය ලාංකීය සමාජය වෙත බැගෑපත් ආයාචනයක් ද කරන්නීය. 
 
රනිෂ් හේවගේ, එම් එම් ප්‍රියන්ත සහ රොඩ්නි ජයසිංහ යන ශ්‍රී ලාංකික සෙබළුන් තිදෙනා පසුගිය දෙසැම්බර් 04 වෙනි දින යුක්රේන බක්මුත් ප්‍රදේශයේ යුද බිමේ දී ජීවිතක්ෂයට පත්වීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල ප්‍රබල අවධානයට ලක්විය. සිය සොහොයුරා දිවි පිදීමෙන් අනතුරුව අයෝනා හේවගේ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ප්‍රථම වතාව මෙයයි. 

ශ්‍රී ලාංකික සෙබළුන්ගෙන් සමන්විත භට ඛණ්ඩයකට නායකත්වය දුන් සිය සොහොයුරා මිය යාමෙන් අනතුරුව යුක්රේන වැසියන්ගෙන් සිය පවුලට ලැබෙන සැලකුම් පිළිබඳව මෙන්ම යුක්රේන සටන් බිමේ සිටින ශ්‍රී ලාංකිකයීන් පිළිබඳව ද ඇය 'සංදේශය' නාලිකාව සමග විස්තර කළාය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්