ශිෂ්‍යාධාර ලැබීමට සුදුසු දිළිඳු සහ/හෝ මව හෝ පියා අහිමි දරුවන් ගැන ඔබ දන්නවා ද?
එසේ නම් ඔවුන් ගැන තොරතුරු අප වෙත යොමු කරන්න. අධ්‍යාපනය නිමා කරන තුරු ඒ දරුවන්ට ආධාර කිරීමට බ්‍රිතාන්‍යයේ වාසය කරන විශේෂඥ වෛද්‍ය බහීරදන් අමිර්තලිංගම් ඇතුළු කණ්ඩායම සූදානම්.
දානපතියන් 170 දෙනෙකුගේ ධන පරිත්‍යාගයෙන් අනුග්‍රහයෙන් පවත්වාගෙන යන පුණ්‍යායතනයකින් ලබාදෙන මූල්‍යාධාර, මවත්, පියාත් දෙදෙනාම අහිමි දරුවන්ටත් ලබා දෙන නමුත් එවැනි දරුවන් කිසියම් ඥාතියෙකු භාරයේ සිටිය යුතු බවත් වෛද්‍ය අමිර්තලිංගම් පවසනවා.
වසර 15ක් මුළුල්ලේ ක්‍රියාත්මක වන එම පුණ්‍යායතනය මේ වනවිට දරුවන් 800 දෙනෙකුට එසේ ආධාර ලබා දී තිබෙන බවත් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින විශේෂඥ මනෝ වෛද්‍ය චිකිත්සකවරයා මා සමග කිවුව.
මුලින්ම උතුරේ දරුවන් ගැන අවධානය යොමු කළ ඔවුන්, දැන් දකුණේ දරුවන්ටත් ආධාර කරන්න සූදානම්. ඒ සඳහා දරුවන් තෝරා ගැනීමට උපකාර කරන්න කියලත් වෛද්‍ය බහීරදන් "සරෝජ් සමග සංදේශය" නාලිකාවෙන් ඉල්ලා සිටියා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු දෙමළ ජාතික විපක්ෂනායකවරයා වූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් ගේ බාල පුතු වන වෛද්‍ය බහීරතන්, දෙමළ ඩයස්පෝරාව සහ වත්මන් දෙමළ දේශපාලන නායකත්වය ගැනත් මාත් එක්ක අදහස් පළ කළා.
සරෝජ් පතිරණ (Sandeshaya by Saroj)