1200 x 80 DMirror
 
 

මේවනවිට මුස්ලිම් සමාජය තුළ විශාල කලකිරීමක් වර්ධනය වෙමින් තිබෙන බවත්, එය යම් යම් කොටස්වලට ආයුධයක් කර ගැනීමේ හැකියාවක්
පවතින බවත්, මේ තුළින් පීඩාවට පත් තරුණ කොටස් යම් කිසි තැනකට තල්ලු වීමේ අවධානමක් පවතින බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසයි.
 
ඔහු එම අවධාරණය සිදුකර ඇත්තේ 'රාවය' පුවත්පත සමග පැවති විශේෂ සාකච්ජාවකදීය. 
 
මාධ්‍යවේදී ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු සමග සිදුකර ඇති එම සාකච්ජාවේදී ඔහු තවදුරටත් පවසන්නේ, එක් කෙනෙක් හෝ දෙදෙනෙකු හැරුණු විට සමස්ත මුස්ලිම් සමාජයම කළකිරීමෙන් සහ බියකින් පසුවන බවයි.
 
එම සම්පුර්ණ සාකච්ජාව කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළවේ.
 
 
'මාලදිවයිනේ වැළලීම සම්පූර්ණ විසදුමක් නෙමෙයි' 
 
Death C19
''මෙය මුසල්මානුවන් පිළිබඳව පමණක් නොවේ ලෝකයේ අනිකුත් රටවල් වගේ ආදාහනය හෝ භූමදානය කිරීම මියගිය පුද්ගලයාගේ පවුලේ අයගේ කැමැත්ත මත ඉඩ දිය යුතුයි.''
 
 
රාවය :
කොවිඞ් 19 ආසාදිතව මියගිය මුසල්මානුවන්ගේ සිරුරු මිහිදන් කිරීමට රජයේ අවසරය නොලැබීම ගැන ඔබ විග්‍රහ කරන්නේ කෙසේද ?
 
අලි සබ්රි :
ඒක මුසල්මානුවන් පිළිබඳව පමණක් නොවේ ලෝකයේ අනිකුත් රටවල් වගේ ආදාහනය හෝ භූමදානය කිරීම මියගිය පුද්ගලයාගේ පවුලේ අයගේ කැමැත්ත මත ඉඩ දිය යුතුයි කියන එකයි මගේ මතය.
 
 
රාවය :
මේ වන විට මුසල්මානුවන්ගේ මළ සිරුරු භුමදානය කිරීමට අවස්ථාවක් ලබා නොදීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පළකර තිබෙනවා. ඒ වගේම රෝහල්වලින් මළ සිරුරු බාර නොගන්නා ඒවා අතර මුසල්මානුවන්ගේ මළ සිරුරු තිබෙන බවත් මියගිය බාර නොගන්නේ මළසිරුරු භූමදානය කිරීමට අවසරයක් නොලැබීම සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීමක් වශයෙන් බව හිටපු අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් විසින් පළ කරන ලද අදහසක් මාධ්‍ය වාර්තා කර තිබුණා. එවැනි විරෝධතාවයන් ගැන ඔබගේ අදහස කුමක්ද ?
 
 
අලි සබ්රි :
මම හිතන්නේ මෙය අනවශ්‍ය විදියට දේශපාලනිකරණය වෙලා තියෙන මානුෂිය ප්‍රශ්නයක්. අපි බලන්න ඕනේ විද්‍යාත්මක ලෙසයි. විද්‍යාත්මක ලෙස බලනවිට මෙහි කිසිම පදනමක් නැහැ. භුමදාන කිරීම සඳහා අවස්ථාවන් ලබා නොදීම සම්බන්ධයෙන්. 
 
ඒක නිසා භුමදාන නොකිරීම ගැන සමහර කණ්ඩායම්ලට ආගමික වශයෙන්, ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව මෙය ඉතාමත් සංවේදී ප්‍රශ්නයක්. එක් කෙනෙක් හෝ දෙදෙනෙකු හැරුණු විට සමස්ත මුස්ලිම් සමාජයම මේ ගැන කළකිරීමෙන් සහ බියකින් පසුවෙනවා. 
 
ඒ නිසා, මෙය සම්පූර්ණයෙන්ම රෝගය පාලනය කිරීම සම්බන්ධයෙනුත් බලපාලා තියෙනවා. ඒ පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මම හිතනවා මේ පිළිබඳව සලකා බලයි කියලා.
 
''භුමදාන නොකිරීම ගැන සමහර කණ්ඩායම්ලට ආගමික වශයෙන්, ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව මෙය ඉතාමත් සංවේදී ප්‍රශ්නයක්. එක් කෙනෙක් හෝ දෙදෙනෙකු හැරුණු විට සමස්ත මුස්ලිම් සමාජයම මේ ගැන කළකිරීමෙන් සහ බියකින් පසුවෙනවා.''
 
 
රාවය :
මුසල්මානුවන්ගේ ආගමික චාරිත්‍ර සහ කුරානයේ ඉගැන්වීම් අනුව මියගිය මුසල්මානුවන්ගේ මළසිරුරු භුමදානය කිරීමට අවස්ථා ඉල්ලා විවිධ විරෝධතා මුසල්මානුවන් විසින් දියත් කර තිබෙනවා. ඊට එරෙහිව සිංහල සමාජයේ ඇතැම් පිරිස් විසින් අන් ආගමිකයන් කොවිඞ් රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු අදාහනය කරන්නේ නම් මුසල්මානුවන් විසින්ද එය අනුගමනය කළ යුතු බවට දැඩි කොන්දේසි දමමින් ප්‍රචාරක ව්‍යාපාර දියත් කිරීමේ පසුබිම තුළ මුසල්මානුවන් ලංකාවේ දෙවැනි පුරවැසියන් බවට ලක් කරමින් සිටින බවක් පෙනී යනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද ?
 
 
අලි සබ්රි :
මම හිතන්නේ සිංහල සමාජයේ හැමෝම එහෙම හිතන්නේ නැහැ. මට මුණගැසුණු සියලු දෙනාම වෛද්‍යවරු එසේ හිතන්නෙ නැහැ. ඔබ දන්නවා මේ සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කරන්න ඕනේ වෛරසවේදීන්. 
 

Paba Nihal Malik''ලංකාවේ විශිෂ්ඨතම වෛරසවේදියා වන්නේ හොංකොං විශ්ව විද්‍යාලයේ සිටින මහාචාර්ය මලිත් පීරිස් මැතිතුමා, ඒ වගේම පබා පලිහවඩන මහත්මිය, වෛද්‍ය නිහාල් අබේසිංහ විශිෂ්ඨයන් සියලු දෙනාම මළ සිරුරු මිහිදන් කිරීමට ඉඩ නොදීමට විද්‍යාත්මක පදනමක් මෙන්ම තේරුමක් නැති බවට එක හඬින් ඉන්නවා. ''

 
ලංකාවේ විශිෂ්ඨතම වෛරසවේදියා වන්නේ හොංකොං විශ්ව විද්‍යාලයේ සිටින මහාචාර්ය මලිත් පීරිස් මැතිතුමා, ඒ වගේම පබා පලිහවඩන මහත්මිය, වෛද්‍ය නිහාල් අබේසිංහ විශිෂ්ඨයන් සියලු දෙනාම මළ සිරුරු මිහිදන් කිරීමට ඉඩ නොදීමට විද්‍යාත්මක පදනමක් මෙන්ම තේරුමක් නැති බවට එක හඬින් ඉන්නවා. 
 
ඒ නිසා, මම හිතනවා මෙය දේශපාලනිකරණය කර ගැනීම අවශ්‍ය වන්නේ නැහැ කියලා. 
 
සමහර අය ඔබ කියන විදියට කිසිම තේරුමක් නැති විදිහට හැම දෙයක් දිහාම ජාති ආගම් විදිහට බලාගෙන යම් කිසි කොටසක් සමාජයෙන් වෙන් කරන්න හදනවා. 
 
පදනමක් මත හෝ මෙම ආදාහනය කරන්න ඕනේ කියනවානම් ප්‍රශ්නයක් නැහැ. නමුත් එය විද්‍යාත්මක වෙන්න බැහැනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සඳහා ඉඩදෙන්න කියා ඉල්ලනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රටවල් 180 ක් මිහිදන් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් ලංකාවේ එසේ නොකිරීම ගැන හේතුවක් නැහැ. 
 
මෙය ලංකාවේ නීතියට අභියෝග කිරීමක් නෙවෙයි. මේ සඳහා අවස්ථාව තිබියදි සලකා බලන්නේ නැද්ද කියන එකයි එතැන තියන ප්‍රශ්නය. 
 
ඒ සඳහා සහකල්පනයන් අවශ්‍යයි. 
 
අනිත් අය කරන විදියට කියලා හිතන්න ඕනෙ නැහැ. මම හිතනවා මිහිදන් කිරීමේ අවස්ථාව සලසා දිය යුතුයි කියලා. 
 
විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මළ සිරුරු පිළිබඳව අනුගමනය කළයුතු කාර්ය පටිපාටිය පිළිබඳ මාර්ගෝපදේශ දෙසැම්බර් මාසයේ පළ කර තිබෙනවා. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මළ සිරුරු පිළිබඳව අනුගමනය කළයුතු කාර්ය පටිපාටිය පිළිබඳ මාර්ගෝපදේශ දෙසැම්බර් මාසයේ පළ කර තිබෙනවා. 
 
ඒකේ පැහැදිළිවම කියලා තියෙනවා, මළ සිරුරුවලට අයිතිවාසිකම් කියන ඔවුන්ගේ පවුල්වල තිබෙන සංවේදිභාවයට හා ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරමින් ඔවුන් ඉල්ලා සිටින ආකාරයට මළසිරුරු මිහිදන් කිරීමට හෝ ආදාහනය කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි කියලා.
 
 සමහරුන්ට ඒ ගැන ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙන අයට ඒ සම්බන්ධයෙන් අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලයි ඔවුන් කියා සිටින්නේ. 
 
මුස්ලිම් ජනතාවට මෙම ප්‍රශ්නය සංවේදිව බලපානවා. 
 
මුස්ලිම් ජනතාවගේ මරණයක් සම්බන්ධයෙන් ආගමිකව ඉටුවිය යුතු කරුණු හතරක් තියෙනවා. 
 
දේහය සෝදා පිරිසිදු කිරීම, දේහය රෙදිවලින් එතීම, ආගමික වතාවත් කිරීම යනාදි සියල්ල අතහැරීමට මුස්ලිම් සමාජය සුදානමින් ඉන්නවා. 
 
මේ අවස්ථාවේදි දේහය සෝදන්න දෙන්නත් බැහැ. සියලුම දේම දැන් කරන අයුරින් කළොත් අවසාන වශයෙන් පුලුස්සනවා වෙනුවට පොඩි බෑග් එකක දමා පෙට්ටියක දමන ලද සිරුර භූමදානය කරන්න අවස්ථාවක් දෙන්න කියලයි මුස්ලිම් ජනතාව ඉල්ලා සිටින්නේ.
 
''මේ අවස්ථාවේදි දේහය සෝදන්න දෙන්නත් බැහැ. සියලුම දේම දැන් කරන අයුරින් කළොත් අවසාන වශයෙන් පුලුස්සනවා වෙනුවට පොඩි බෑග් එකක දමා පෙට්ටියක දමන ලද සිරුර භූමදානය කරන්න අවස්ථාවක් දෙන්න කියලයි මුස්ලිම් ජනතාව ඉල්ලා සිටින්නේ.''
 
ප්‍රශ්නයක් වන ආකාරයට හෝ රටේ ජනතාවගේ සෞඛ්‍යයට හානියක් වන ආකාරයේ කිසිවක් ඉල්ලා සිටින්නේ නැහැ. 
 
විද්‍යාත්මක තැනක සිට මේ දෙස බැලිය යුතු බව අපට තේරෙනවා. 
 
මේ පිළිබඳ කාරුණිකව සහ සංවේදීව සලකා බලන්න කියලා තමයි අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ. 
 
විශේෂයෙන්ම මේකට විරුද්ධව මතවාදයක් ගෙන යන අයගෙන් ඉල්ලා සිටිනවා, මෙරට බහුතරයක් තුළ පොදුවේ මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් තිබෙනවා කියා මම හිතන්නෙ නැහැ.
 
 මම කතා කරන බොහෝ වෛද්‍යවරු කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමක් නැහැ කියලයි.
 
 
රාවය :
ඇතැම් අන්තවාදී සිංහල පිරිස් මෙම සිද්ධිය පාදක කරගෙන මාධ්‍ය යොදාගනිමින් දැවැන්ත ප්‍රචාරයක් ගෙන යන බවක්ද පෙනී යනවා නේද ?
 
 
අලි සබ්රි :
හරියටම හරි. ඒක තමයි අවාසනාව. ඇතැම් අන්තවාදී කොටස් ඉන්නවා මේක විතරක් අරගෙන මහා ලොකු දෙයක් වගේ සලකා කටයුතු කරනවා. 
 
එමගින් ඔවුන් ලෝකයට පෙන්වීමට හදන්නේ කුමක්ද ? 
 
ලංකාව කියන්නේ ථෙරවාදි බුදුදහමේ කේන්ද්‍රස්ථානය වගේ තැනක්. මීට ඉස්සෙල්ලා ලංකාව ගැන ලෝකය දැනගෙන තියෙන්නේ බුදුදහමේ තියෙන කරුණාව, මෛත්‍රිය, දයාව සහ උපේක්ෂාව තියෙන තැනක් ලෙසටයි. 
 
mk.ndlfl
''ලංකාව කියන්නේ ථෙරවාදි බුදුදහමේ කේන්ද්‍රස්ථානය වගේ තැනක්. මීට ඉස්සෙල්ලා ලංකාව ගැන ලෝකය දැනගෙන තියෙන්නේ බුදුදහමේ තියෙන කරුණාව, මෛත්‍රිය, දයාව සහ උපේක්ෂාව තියෙන තැනක් ලෙසටයි.'' 
 
මේ වගේ දෙයක් කළාම ලෝකයම ලංකාව දිහා බලන්නේ මොකද මේ රටේ විතරක් මුස්ලිම්වරුන්ගෙ මළසිරුරු මිහිදන් කරන්න ඉඩ නොදෙන්නේ ඇයි කියලා ඒක රටේ කීර්ති නාමයට හොඳ නැහැ. ඒක තේරුම් ගත යුතුයි. 
 
රටක් වශයෙන් අපිට සලකන්නේ පිවිතුරු බුදු දහමට මිසක් මිනිසුන්ගෙන් පලිගන්න හදන ආවේගශීලි මිනිසුන් සිටින රාජ්‍යයක් හැටියට නොවෙයි.
 
''ලෝකයම ලංකාව දිහා බලන්නේ මොකද මේ රටේ විතරක් මුස්ලිම්වරුන්ගෙ මළසිරුරු මිහිදන් කරන්න ඉඩ නොදෙන්නේ ඇයි කියලා ඒක රටේ කීර්ති නාමයට හොඳ නැහැ. ඒක තේරුම් ගත යුතුයි.''
 
 
රාවය :
කොවිඞ් 19 රෝගය ආසාදිතව ගොස් තිබෙන මුසල්මානුවන්ගේ මළසිරුරු මාලදිවයින් රාජ්‍යයේ මිහිදන් කිරීමට ජනාධිපතිතුමා එම රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇති බවට ආරංචි මාර්ග පැතිර යනවා. එහි කිසියම් සත්‍යතාවයක් තිබෙනවාද ? ජනාධිපතිතුමාගේ එම තීරණය ගැන ඔබගේ අදහස කුමක්ද ?
 
 
අලි සබ්රි :
ඇත්ත වශයෙන්ම යම් සාකච්ඡා මාලාවක් පැවැත්වෙන බවට මටත් ආරංචියි. නමුත් ඒක සම්පූර්ණ විසදුමක් නොවෙයි. මේ රටේ ඉපදුනු මුස්ලිම්වරුන්ට මේ රටේ මියැදෙන්න ඉඩ තියෙන්න ඕනේ. 
 
ඒක ජාත්‍යන්තර වශයෙන් රටට හොඳ දෙයක් නොවෙයි. නමුත් ආදහනය පිළිබඳ විශාල විරුද්ධත්වයක් මුස්ලිම් සමාජය තුළ තිබෙනවා. 
 
ඒකට පළමුවෙනි පියවරක් හැටියට මේ වගේ දෙයක් වුණාට කමක් නැහැ. නමුත් මේ රටේ ඉපදුනු සියලුම ශ්‍රී ලාංකිකයන්ට මේ රටේ මියැදෙන්න අයිතියක් තිබෙනවා කියලයි මම විශ්වාස කරන්නේ.
 
 
රාවය :
මුසල්මානුවන්ගේ මළසිරුරු මාලදිවයින තුළ භූමදානය කිරීමට කටයුතු කිරීම තුළ ශ්‍රී ලාංකික මුසල්මානුවන් තව තවත් කොන් කිරීමකට ලක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික විශ්වාස පිළිබඳ විශේෂ නියෝජිත අහ්මඞ් ෂයිඞ් අල් ජසිරා රූපවාහිනයට පවසා තිබෙනවා. ඒ තුළින් මෙම ගැටලුව එක්සත් ජාතින්ගේ අවධානයට ලක්වී තිබෙනවා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද ?
 
 
අලි සබ්රි :
ඇත්ත වශයෙන්ම මුස්ලිම් ජනතාව තුළත් මේ පිළිබඳව විවිධ මත තිබෙනවා. කිසියම් කොන්වීමකට ලක්වෙනවා. සම්බන්ධයෙන් ඔවුනුත් හිතනවා. 
 
මේ වගේ සරල දෙයක් සම්බන්ධ ජාත්‍යන්තරව වැරදි ප්‍රතිරූපයක් ගොඩ නැගීම ජාත්‍යන්තර වශයෙන් රටට ලොකු හානියක් කියලා මම හිතනවා. 
 
රටවල් 52 ක් අයත්වන ධරට්බස‘්එසදබ දf ීමපපසඑ ිඒඑැි යන සංවිධානය මේ සම්බන්ධයෙන් (මුස්ලිම් මළ සිරුරු මිහිදන් කිරීම) සලකා බලන්න කියා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 
 
ඒ හා සමානව මේ ගැන ඉල්ලීමක් කරමින් එංගලන්ත පාර්ලිමේන්තුවේ මේ ගැන තර්ක කරනවා මා දැක්කා. මේක මේ රටට අනවශ්‍ය ප්‍රචාරයක්. තේරුමක් නැති දෙයක්. 
 
විද්‍යාත්මක පදනමක් තිබෙනවානම් කමක් නැහැ. එක්තරා කොටසකගේ මනදොල පිනවන්න මේ වගේ දෙයක් කරන එක තේරුමක් නැහැ.
 
''විද්‍යාත්මක පදනමක් තිබෙනවානම් කමක් නැහැ. එක්තරා කොටසකගේ මනදොල පිනවන්න මේ වගේ දෙයක් කරන එක තේරුමක් නැහැ.''
 
 
රාවය :
ලබන වසරේ මාර්තු මාසයේදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී ලංකාවට එරෙහිව තිබෙන මානව හිමිකම් කඩකිරීම් චෝදනාවලට අමතරව එක්සත් ජාතින්ගේ ආගමික නිදහස පිළිබද විශේෂ නියෝජිත අහ්මඞ් ෂයිඞ් විසින් ලංකාවේ මුසල්මානුවන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදීමේ සිද්ධියද සාකච්ඡාවට ලක්විය හැකියි. ඒ තුළින් ලංකාව මානව හිමිකම් කඩ කරන රටක් බවට ප්‍රතිරූපයක් ගොඩ නැගෙනවා නේද ?
 
 
අලි සබ්රි :
ඒ පිළිබඳව මම දන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් මට කතා කරන්න තියෙන්නේ මේක අනවශ්‍ය දෙයක්, මෙන්ම කිසිම තේරුමක් නැති දෙයක් කියලයි. 
 
මේක අපේ රටේ ප්‍රතිරූපයට කිසිදු තේරුමක් නැතිව විශාල හානියක් සිද්ධ වෙනවා. අපේ රටට ඉතාමත් මිත්‍රශීලිව සිටි මැද පෙරදිග රටවල් සහ සෙසු රටවල්, එමෙන්ම අපි සමග ජාත්‍යන්තර වශයෙන් සිටි මිනිසුන් අපෙන් දුරස්ථ වෙනවා. 
 
ඒ වගේම මුස්ලිම් සමාජය තුළ විශාල කලකිරීමක් ඇති වෙනවා. ඒක යම් යම් කොටස්වලට ආයුධයක් කර ගන්න පුළුවන්. මේ තුළින් පීඩාවට පත් තරුණ කොටස් යම් කිසි තැනකට තල්ලු වෙන්න පුළුවන්.''
 
(ravaya.lk)

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58