අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් නිෂ්පාදනය කළ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්ෂණය කරන ලද The Newspaper චිත්‍රපටය 23
වැනි ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමි සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ.
මෙම වසරේ මැයි 29 දින සිට ජූනි මස 05 වැනි දින දක්වා නැගෙනහිර ලන්ඩනය පුරා විහිදී යන මෙම ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේ දී විවිධ විශේෂාංග පවත්වනු ලබන අතර බ්‍රැඩි ආට්ස් සෙන්ටර් හිදී සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට දර්ශනය කෙරේ.

මෙම සිනමා දැක්මේ දී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, සම්මන්ත්‍රණ, ආදිය පැවැත්වේ. වෘත්තීයමය සිනමා නිෂ්පාදකයින්, අධ්‍යක්ෂකවරුන්, ඡායාරූප ශිල්පීන්, කර්තෘවරුන්, සිනමා මාධ්‍යවේදීන් ආදී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සහභාගී වන මෙම සිනමා උළෙලේ අවසානය සනිටුහන් වනුයේ ජයග්‍රාහකයින් නිවේදනය කිරීමෙනි.
ඒ අනුව, එම සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සමිමානය ජොසිම් අහ්මඩ් විසින් නිෂ්පාදිත ඉන්ද්‍රනිල් රේ චවුද්‍රි විසින් අධ්‍යක්ෂණය කළ සිනමා කෘතියක් වන මයර් ජොන්ජල් චිත්‍රපටය දිනා ගනු ලැබ තිබේ.
ජාත්‍යන්තර සිනමා උළෙලකදී The Newspaper සිනමාපටය සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව ලෙස මෙය පෙන්වා දිය හැකිය. බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ දී දකුණු ආසියාවේ හොඳම සිනමා කෘතිය ලෙස සම්මානයට පාත්‍ර වූ The Newspaper චිත්‍රපටය ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ද සම්මානයට පාත්‍ර වීම ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දෙන අවස්ථාවකි.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ 4වැනි සම්මානනීය සිනමා කෘතිය වන The Newspaper චිත්‍රපටය සඳහා සම නිෂ්පාදන දායකත්වය ඩබ්. පේමසිරි සහ රවීන්ද්‍ර ගුරුගේ විසිනි.
සබැඳි පුවත්: