අසංක සායක්කාර ගේ 'අයියා මළෝ' නාට්‍යයයේ මංගල දර්ශනය අද (සැප්තැම්බර් 03) එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගතවේ.


ඒ සම්බන්ධයෙන් අසංක සායක්කාර සිය ෆේස්බුක් පිටුවේ අද පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''නාට්‍යයක මංගල දර්ශනයක් පැවැත්වෙන දවසක උදේ පාන්දර වෙනදට දැනෙන ආතතිය උණුසුම ඒ ආකාරයෙන්ම අද උදෑසනත් දැනෙනවා. ඒත් වෙනදට වඩා අද කලබලයි.

ඔව් මේක විවේකය අඩුවෙච්ච නාට්‍යයක්. නාට්‍ය ඇතුළෙ තියෙන කලබලය වගේම නාට්‍ය ක්‍රියාවලියත් සෑහෙන්න කලබලයි. මුළු රටම ඉන්නෙ කලබලේක නම් අපි විතරක් කොහොමද නිදහසේ නිවිහැනහිල්ලේ වැඩ කරන්නේ.

මීට මාසෙකට කලින් අයියා මළෝ වේදිකාවට ගේමු කියලා අපේ උන්ට යෝජනා කරපු වෙලාවේ උන් ඔක්කොම එකහඬින් ඒක අනුමත කරනකොටත් අපි හිටියෙ සෑහෙන්න කලබලේක. මාස හතරක් එක දිගට කරපු අරගලය ගොල්ෆේස් එකෙන් විතැන් වෙලා මානසිකතවත් අපි හැමෝම හිටියෙ කලබලේක.

ගත්ත තීරණය එක ඉස්පිල්ලක් පාපිල්ලක් එහා මෙහා වෙන්න නොදී හැමෝම එකා වගේ වැඩේට කරගැහුවා.

හැමදාම මං ගැන විස්වාසය තියපු මමත් මට වඩා ඌ ගැන විස්වාස කරන ‘සමිත අයියා’ රස්සාව පරස්සාව දෙකම බේරගෙන මුළු මාසෙම වැඩේ ඇද්දා.

මෙච්චර කල් නාට්‍යයක අන්තිම මොහොතේ තමයි පූර්ණිමාගේ  Poornima Wijesuriya  මියුසික් ටික හරියට පෙළ ගැහිලා එන්නේ. ඒත් මේ පාර තත්වය සෑහෙන්න වෙනස්. ෂෙඩුල් එකේ දෙවැනි දවසෙම සින්දු 4කට පිස්සු හැදෙන මෙලඩි 4ක් දාගෙන පූර්ණිමා රිහර්සල් ආවේ. වෙනදට වඩා පූර්ණිමත් කලබලයි. හැබැයි කලබලේ මැද වැටෙන මෙලඩි ටික පට්ට රහයි.

හෙට අනිද්දම වේදිකා නාට්‍ය නිසා රස්සාවට කෙළවගන්න කැමැත්තෙන්ම බලාගෙන ඉන්න ජයනාත් අයියා Jayanath Bandara  මේ මාසෙ ඇතුළත පෙන්නුම් කරපු වෘත්තීමය භාවය නැවත නැවතත් ඔලුව නමලා ආචාර කරන්න තරම් වටින එකක්. ඉදලා හිටලා ඩයලොග් එකක් දෙකක් වැරැද්දුවට මිනිහගේ හැම නහරෙකම දුවන්නෙ ඇක්ටින්.

උසාවි දුවන ගමන් මර්දනයේ ගෙලටීනය කොයි වෙලාවේ හෝ බෙල්ලට වැටෙනවා කියලා දැන දැනත් දමිතා අක්කා Damitha Abeyrathne  අපේ වැඩේට එකතු කරන්නේ ලස්සන කලර් එකක්. ඒ කලර් එක එකතු කරන්න එයාගෙ කැලන්ඩරේ අගොස්තු කොලේ සෑහෙන්න දින ටිකක් අපිටම වෙන්වුණා.

{gallery}Aiya Malo{/gallery}

උගේ ජීවිතේ අමාරුම කාල පරිච්ඡේදයක් අස්සේ ආලෝකයා Aloka Sampath  ඇවිත් අපිට දෙන ආලෝකය පට්ටයි. ප්‍රශ්න පත්තර මිටියක් ඔලුවෙ තියාගෙන ඌ හිනාවෙන හැටිත් අනිත් උන් හිනස්සන හැටිත් අපි එකෙකුටවත් හිතාගන්න බෑ.

ඉස්කොලෙ යන කාලෙ අසින මාලි බලපු දවසෙ ඉදලා කවදාහරි වැඩක් කරන්න ආසාවෙන් හිටපු නළුවෙක් තමයි සංජය හෙට්ටිආරච්චි.

Thusitha Sanjaya Hettiarachchi  වයසින් කොච්චර වැඩිමල් වුණත් මගේ කටින් මූට අයියා කියවෙන්නෙ ඉතාම කලාතුරකින්. කොච්චර අයියා වුණත් මූ ඉන්නෙම අලුතින් නාට්‍යයක වැඩ කරන්න ආපු එකෙක් වගේ. එච්චරටම ඉගෝ එකක් නැතුව දියවෙන්න පුළුවන් මිනිහෙක් මට මෑත කාලෙ නාට්‍ය කලාව ඇතුළෙ හම්බවෙලා නෑ. අයියා මළෝ ඇතුළෙ මූ දියවෙනවා විතරක් නෙමෙයි සමහර වෙලාවට බඩත් ගානවා.

ඌරෝ කරපු කාලෙ ඉදලා අපේ නාට්‍ය කණ්ඩායමට කසුන්ලා දෙන්නෙක් සෙට් වුණා. උන් දෙන්නගේ නම් දෙක විතරයි සමාන. හැඩයි වැඩයි දෙකම පට්ට අසමානයි. හැබැයි ඒ අසමාන වැඩවලින් අපේ වැඩවලට ලැබෙන හයිය අප්‍රමාණයි. මේ කසුන්ලා දෙන්නගේ ලොකු කසුන් එහෙම නැත්තම් කසුන් ගම්මාන Kasun Gammana Liyanage  කියන්නෙ පට්ට විභවයක් තියෙන වේදිකාව හොයන ජාතියේ එනජියක් තියෙන නළුවෙක්. කරුමෙ කියන්නේ මූ මුගේ විභවය ගැන දන්නෙත් නෑ. එනජිය ගැන දන්නෙත් නෑ. පොඩි කසුන් එහෙම නැත්තම් කසුන් උදයංග Kasun Udayanga  කියන්නෙ සර්වාංගයෙන්ම වැඩේ ඉන්නෙ එකෙක්.

අයියා මළෝ වර්ණවත් කරන අපේ දග’කාරිය තමයි ගීතා.  Geetha Alahakoon ගීතාව මුළින්ම අපේ වැඩකට සම්බන්ධ වෙන්නෙ කොටු වැඩේට. ඒත් තාම ඒ වැඩේ කරගන්න බැරිවුණා. ඒ වෙනුවට අපි වික්ටර් කරා. වේදිකාවේ ශික්ෂණය කියන දේ ගීතාගේ උපරිමයි.

අපේ නඩයට එකතු වුණු අලුත්ම සම්පත තමයි අරුණ. මූටත් තියෙන්නෙ එසේ මෙසේ අමාරුවක් නෙමෙයි. තණමල්විල ඉදලා ගිටාර් එකත් උස්සන් පළවෙනි රිහර්සල් එකට ආපු කොල්ලා තාම ගෙදර ගියේ නෑ. අද හෙට යන්න වෙන එකකුත් නෑ. ඒ තරමටම අපි ඌට ඌ අපිටත් ඇලිලා.

ඌරෝ එකේ ඉදලා අපේ වැඩ ලයිට් කරමින් අපිව ලයිට් කරන චතුරයා chathu Chathura Dasanayaka  දශමෙටම වැඩේ අල්ලගෙන තියෙනවා කියලා ඊයේ ලයිට් රිහර්සල් එකෙන් ඔප්පු වුණා.

මේකප් නිසා ඇක්ටින් මිස්වෙච්ච කපුගේ Premjayantha Kapuge  අයියව මේ වැඩේදී ආයිත් නළුවෙක් විදියට ඇදලා ගන්න දැඩි වුවමනාවක් තිබුණත් අපේ බිසී ෂෙඩුල් එකත් එක්ක දින ටික ගලප ගන්න බැරිවුණා නිසා මේ පාරත් කපුගේ අයියා පරණ වගකීමම කරගහනවා.  වගකීම පරණ වුණත් ඒක පරම වගකීමක් විදියට ගන්න නිසා අඩුවෙන් රිහර්සල් ආවත් මිනිහා ගැන මට වැඩි බයක් දැනෙන්නේ නෑ.

කලබලේ මැද්දේ හැදුණු මේ වැඩේට කරගහපු තවත් පිරිසක් ඉන්නවා. කොච්චර කලබලේ ලිව්වත් ඒ පිරිස මේ සටහනින් මගඇරලා යන්න බැරිතරමටම ඓන්ද්‍රීය වෙලා ඉවරයි.

කලු රංජි පරපුරේ අපේ එකා ගයාන් ඌ මේ වැඩේ තාමත් කරේ තියාගෙන දුවනවා.

‘උඹ රිහර්සල් එක බලපන් මම අනිත් ටික බලාගන්නම්’

නෑ බෑ කියන වචන ජීවිතේට අහලා නැති මූ හැමතිස්සෙම අහන්නෙ තව මොනවද වෙන්න තියෙන්නෙ තියෙන්නෙ කියලා.

ගයාන්ගේ අනිත් පලුව චිරන්ති  කරන්න කප්පරක් වැඩ තියාගෙන අපේ වැඩේ හැඩකරන්න කන කට්ට ගැන වචන වලින් තැන්කියු කියලා තේරුමක් නෑ. මොකද චිරන්තිට එහෙම කිව්වා කියලා සත 5කට ඒක ගණන් ගන්නෙත් නෑ. එහෙම කිව්වෙ නෑ කියලා කරන වැඩ නවත්තන්නෙත් නෑ.

මේ කුලකයේ ඉන්නෙ අනිත් උන් දෙන්නා සමුවයි Samurdhi Ranasinghe සිතුමිණයි. Sithumini Rathnamalala
පළවෙනි හමුවේ ඉදලා මේ වැඩේ කරට ගත්තා සමුවා අන්තිමට බිබී හිටපු ඊ සිගරට් ටිකත් නාට්ටියට පිදුවා. සිතුමිණ අයියත් ඊට දෙවැනි නෑ. කරන්න පුළුවන් උපරිම කැපවීම වැඩවලදී හැමදාම පෙන්නන මේ මනුස්සයා කැම්පස් එකේ වැඩයි දේශපාලන වැඩයි වෘත්තීය වැඩයි හතර අතේ තියෙන වැඩ බැලන්ස් කරන කිරිල්ල වෙනම ඉගෙන ගන්න තරම් වටිනවා.

නාට්ටියේ 90% රිහර්සල් කරේ බේකරියේ. අපිට ඕන නිදහස උපරිමයට තියෙන තැනක මේ වැඩේ එලා ගන්න ලැබීමම මාරයි. රාජාලා අජාලා ඇතුළු  බේකරියේ නඩේම අපිට දුන්න සහයෝගයට තැනිකියු නොකියා කොහොමද?

කලබලේ ලියන මේ සටහනේ අන්තිම වෙනකම් මේ පුද්ගලයා ගැන ලියන්නෙ නැතුව හිටියෙ අවසන් වචන ටික මෙයාට වෙන් කරන්න ඕනෙ නිසාමයි. මීට අවුරුුද 18කට විතර කලින් මේ මනුස්සයා එක්ක කොළඹ පාරක පළවෙනි වතාවට ඇවිදන වෙලාවේ මට ඒ ගමන් විලාසය මාර ප්‍රශ්නයක් වුණා. මම මුළින් හිතුවේ බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ ටයිප් එකේ පොරක් කියලා. ළං වෙලා බලනකොට තමයි දැනගත්තෙ ඒ කරන වැඩ කන්දරාව අපි කරා නම් අපිට යන්න වෙන්නෙ පුකට පෙට්රල් ගහන් කියලා. මේ තමයි චූලා අයියා.

 Chulananda Samaranayake  අපි මේ මට්ටමින් හරි වැඩ කරන්නේ මේ මිනිහා නිසා. හැමතිස්සෙම ආර්ට් වලින් මිනිස්සු වෙනුවෙන් වැඩක් කරමු කියන තැන ඉන්න චූලා අයියා ඒ වෙනුවෙන් අපි කරන ඕනම වැඩකට එදත් අදත් කොන්දේසි විරහිතව මැදිහත් වුණා. අයියා මළෝ ඇතුළට චූලා අයියා එන්නේ ඒ මැදිහත් විමට.

නම් ගම් විදියට මෙතැන ලියන්නෙ නැති තවත් විශාල පිරිසක් අයියා මළෝ වටේ ඉන්නවා. සමහරු අපි ජීවිතෙට දැකලාවත් නැති අය. ඒ හැමෝටම මේ නාට්‍ය අයිතියි. නාට්‍යයක් කියන්නේ කොහොමත් සාමූහික වැඩක්. හැබැයි මේ නාට්‍යය ඒ සාම්ප්‍රදායික සාමුහික කියන අර්ථයට සෑහෙන්න ඉස්සරහින් තියෙන වැඩක්.

නාට්‍ය රිහර්සල් පටන් ගන්න වෙලාවේ කිව්වා වගේ ම අදත් කියන්න තියෙන්නෙ එක දෙයයි. මේක තමයි සංස්කෘතික අරගලයේ ඊළග’ පිම්ම. අද හවසට එල්ෆින්ස්ටන්වලින් පටන් ගන්න පිම්ම ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ අපි පැනගෙන එනවා. ඒක සහතිකයි.''


අයියා මළෝ අවසන්  රංගාලෝක පුහුණුව අවසන....
හවස හමුවෙමු.

{gallery}Malo{/gallery}

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්