සම්මානිත සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර, ''2022 ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් අවෝඩ්ස්” සිනමා සම්මාන උලෙළේ අන්තර්ජාතික ජූරිය නියෝජනය කිරීමට

අවස්ථාව උදාකරගෙන තිබේ.


පස් දෙනකුගෙන් සමන්විත ජූරියේ සෙසු සාමාජිකයින් වන්නේ ඊජිප්තු සිනමා නිෂ්පාදක මොහොමඩ් හෙෆ්සි (ප්‍රධානි), ඉන්දීය සිනමා නිෂ්පාදිකා ගුනීත් මොන්ගා, ඕස්ට්‍රේලියානු සිනමාවේදිනි සොෆී හයිඩ් සහ ජර්මානු රංගන ශිල්පී නුමාන් අකාර් ය.  

 

311647474 660505682310570 3393936478057134282 n


''2022 ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් අවෝඩ්ස්” සිනමා උලෙළේ විශිෂ්ටතම සිනමාපටය, අධ්‍යක්ෂණය, තිරපිටපත, කැමරාකරණය, රංගනය සහ ජූරියේ විශිෂ්ටතම ඇගයිම් සම්මානය යන අංශවල ජයග්‍රාහකයින් තීරණය කරනු ලබන්නේ මෙම අන්තර්ජාතික ජූරිය විසිනි.  


15 වැනි වරට සංවිධාන කෙරෙන සම්මාන ප්‍රදානෝත්සවය නොවැම්බර් 11 වැනිදා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි දී පැවැත්වීමට නියමිත යි.

 

සබැඳි පුවත් :

ශ්‍රී ලාංකේය සිනමාවේදී විමුක්ති 72 වැනි බර්ලින් සිනමා උලෙළේ ජූරියට


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්