ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරෙන එකම ජාත්‍යන්තර නාට්‍ය උළෙල ලෙස සැලකෙන ''කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල'' එළඹෙන අගෝස්තු මස දී

පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව නාට්‍යවේදී එම්. සෆීර් පවස යි.

රට තුළ පැවති අර්බුදකාරී වාතාවරණය මත ඉකුත් වසර තුනක් උළෙල පැවැත්වීමට නොහැකි වූ අතර අවසන් වරට එය පැවැත්වුයේ 2019 වසරේ දී ය.

එළඹෙන අගෝස්තු 25 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල පිළිබඳ නාට්‍යවේදී එම්. සෆීර් සිය මුහුණුපොතෙහි පළ කළ සටහනක් පහතින්,

347598314 6365178563571221 6849183302273363361 n
safeerනාට්‍යවේදී එම්. සෆීර්"2019 අවසන් වරට පැවැත්වූ නාට්‍ය උළෙලන් පසු වසර තුනක් වසරින් වසර වසංගත, අරගල නිසා කල්ගිය ලංකාවේ පැවැත්වෙන එකම ජාත්‍යන්තර නාට්‍ය උළෙල 2023 පවත්වන බව සතුටින් කියන්න කැමතියි.

ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් කරනවා කියන එක ඉතා බරපතල කරුණක් බව ඕන කෙනෙක් දන්නවා. රජයෙන් කරන රාජ්‍ය නාට්‍ය උළෙලත් වසර දෙකකින් පවත්වා නැහැ. යොවුන් නාට්‍ය උළෙලත් එහෙමයි. ළමා නාට්‍ය උළෙල වසර 5 කින් විතර කරලා නැහැ. ලංකාවේ ඕනම අවුලක් එනවිට ඉස්සරවෙලාම පහර වදින්නේ නාට්‍යවලට. වසර 60 - 70 ක් වුනේත් ඒක. දැන් වෙන්නෙත් ඒක.

මම සහ ඉන්ටර් ඇක්ට් ආර්ට් එක අපිට පුලුවන් විදියට අපි මේපාරත් මේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල කරනවා. පුලුවන් අය උදව් කරන්න. ඒක රට වෙනුවෙන් හා නාට්‍ය කලා වෙනුවෙන්.

පුලුවන් හැම කෙනෙක්ම මේ උළෙල බලන්න එක දවසක් ආවොත් අපිට ජාත්‍යන්තර නාට්‍යකරුවන් ඉදිරියේ රටක් හැටියට අපේ අභිමානය පෙන්නන්න පුලුවන්..

වසර 12ක් තිස්සේ දැඩි අභියෝග මැද, මහමෙරක් බර දරාගෙන, අනේක විද දුක් විදමින් මේ උළෙල පවත්වාගෙන අවෙමු. මේ නිසා අපේ රටේ නාට්‍යකරුවන්ට වගේම පොදු ප්‍රේක්ෂකයාටත් විවිධ රටවල නාට්‍ය බලන්න අවස්තාව ලැබිණි. ඒවගේම අපේ රටේ නාට්‍යකරුවන් ගණනාවකට ජාත්‍යන්තර නාට්‍ය උළෙලවල් සඳහා සහභාගිවන්නටත් අවස්ථාව ලැබිණි. විදේශිය නාට්‍යකරුවන් 100 ගානකගේ දැනුම ලැබු පිරිසක් ද මේ නාට්‍ය උලෙල නිසා දශයක කාලයක් පුරා බිහි විය. 

ඉතින් අගෝස්තු 25 - 30 දින දැන්ම වෙන්කර ගන්න..."

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්