එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී ඊයේ (3) රාත්‍රියේදී නිමාවට පත්වූ 'ඩුබායි ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට' (UAE Athletics Grand

prix  2024)
සහභාගි  වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනාගෙන් කැපී පෙනෙන දක්ෂතා පළ නොවුහ.

ඔවුන්ගේ මුලිකම අවශ්‍යතාවය වූ පැරිස් ඔලිම්පික් උලෙළ සදහා නිර්දේශ ලබා ගැනීමේ උත්සාහය ඒ අනුව තවත් ඈතට ගිය බව ඔවුන්ගේ දක්ෂතා අවම වීමෙන් පෙන්නුම්  කළේය

ඉතාලියේ සිට පැමිණි ශ්‍රී  ල‍‍ංකා කෙටි ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් එහිදී තත්පර 10.08 කට මිටර් 100 (පිරිමි) ඉසව්වෙන් තෙවැනි ස්ථානය  ලැබීය.

මෙහි පැරිස් ඔලිම්පික් නිර්දේශ අවම සුදුසුකම තත්පර 10.00 කි. කෙසේ වූවත් මීට ඉහත අවස්ථාවකදී යුපුන් මෙම ඉසව්වෙන් තත්පර  9.96 ක මෙතෙක් සිය  හොඳම දක්ෂතාවය පෙන්වා තිබේ.


නදීෂා රාමනායක එම තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වුවාය.

මිටර් 400 ක්‍රීඩිකා නදීෂා රාමනායක ඊයේ ඩුබායි නුවරදී සිය ඉසව්වේන් පෙන්නුම් කළේ තත්පර 52.51 දක්ෂතාවයකි.

මෙහි පැරිස් ඔලිම්පික් අවම සුදුසුකම තත්පර 50.95 කි.

එහෙත් ඇය ආසියානු (2023) ශූරතා තරගාවලියේදී මිටර් 400 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේ තත්පර  52.61දක්ෂතාවයක් දක්වමිණි.

 
තරුෂි තරගය අතරමග දී ඉවත් වෙයි


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 තරගයේ දී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වූ තරුෂි කරුණාරත්නට තරගය අතර මැද දී අවාසනාවන්ත අයුරින් තරගයෙන් ඉවත් වීමට සිදු විය.

ඒ තරගය අතරතුර ඇය මුහුණ දුන් ආබාධයක් හේතුවෙනි.

මේ අතරතුර එම තරගයට මුහුණ දුන් ගයන්තිකා අබේරත්න එම තරගය නිමා කළේ එහි සහභාගි වූ අවසන් ක්‍රීඩිකාව ලෙසයි.


(kelimandala.lk -නාමල් පතිරගේ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්