Emily Blunt, Cillian Murphy සහ Florence Pugh නළු නිළියන් Oppenheimer සිනමාපටයේ මංගල දර්ශනයේ දී

 

හොලිවුඩ් සිනමා කර්මාන්තයේ නියැලෙන තිර රචකයන් විසින් ආරම්භ කළ වැඩ වර්ජනයකට සහය පළ කරමින් හොලිවුඩ් රංගන ශිල්පින්, ශිල්පිනියන් ද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.  

මෙය වසර හැටකට ආසන්න කාලය තුළ හොලිවුඩයේ සිදුකළ විශාලතම වැඩ වැරීම ලෙස සැලකේ.

ඇමරිකානු සිනමාපට මෙන්ම රූපවාහිනී වැඩසටහන් බහුතරයක නිෂ්පාදන කාර්යන් අඩාල කරමින්, ලොස් ඇන්ජලිස් නුවර මුල් කරගත් කලා ශිල්පින් 1,60,000ක් පමණ ඉකුත් මධ්‍යම රාත්‍රියේ සිට සිය සේවා කටයුතු නවතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

GettyImages 1252693224 1000x600

NETFLIX ඉදිරිපිට වර්ජනයේ

සිය රංග කාර්‍යයන්ට අදාළ ගෙවීම් හා ලාභ බෙදිම් වඩා සාධාරණ හා විධිමත් කොන්දේසිවලට යටත්ව සිදු කිරීමට පැරමවුන්ට්‍, වෝනර් බ්‍රදර්ස්, ඩිස්නි, නෙට්ෆ්ලික්ස් වැනි ප්‍රචාරක දැවැන්තයින් එකඟ විය යුතු බව ''ද ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සංසදය'' (SAG) මගින් අවධාරණය කර තිබේ.

එසේම, කලා ශිල්පින් වෙනුවට කෘතීම බුද්ධිය(AI) සහ පරිගණක භාවිතයෙන් කලා ශිල්පීන්ගේ මුහුණු මෙන්ම හඬ නිර්මාණය කිරීමට එරෙහිව ද ඔවුන් සිය විරෝධය පළ කර ඇත.

ඒ අනුව, වර්ජනය පවතින අතරතුර රංගන ශිල්පින්, ශිල්පිනියන්ට සිනමාපටයක් වෙනුවෙන් රංගනයේ යෙදීම හෝ දැනටමත් නිර්මාණය කර ඇති සිනමාපටවල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් දායක වීම සිදු කළ නොහැකි ය.

 

 130377063 afa1497ed2404f84fde9f4a9f0dae8d7672d2aab

Rami Malek, Matt Damon, Emily Blunt, Florence Pugh, Cillian Murphy, Christopher Nolan, සහ Robert Downey Jr

එහි ප්‍රතිඵලයක් ලෙස Cillian Murphy, Matt Damon සහ Emily Blunt යන රංගන ශිල්පින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ලන්ඩනයේ පැවැත්වුණු Christopher Nolanගේ නවතම සිනමාපටය Oppenheimer හි මංගල දර්ශනයෙන් පිටව යාම දැකිය හැකි ය.

Christopher Nolan එහිදී සිනමා ප්‍රේක්ෂකාගාරයට කියා සිටියේ ඔවුන් සිය සටන් පාඨ ලිවීමට පිටත්ව ගිය බව යි. එසේම ඔවුන්ගේ වර්ජනයට සහය පළ කරන බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

හොලිවුඩ් කලා ශිල්පින් විශාල ප්‍රමාණයක් සිය සමාජ මාධ්‍ය ඔස්සේ වර්ජනයට සහය පළ කරනු දැකිය හැකි ය.

jc insta


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්