වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක් ලෙස නම් දරන සචිත්‍ර රාහුබද්ධ ගේ ''හිතට වැටුන මිසයිල'' කෙටි නාට්‍ය උළෙල ජූලි 23 එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.
2021 රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොඳම කෙටිනාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත, හොඳම සංගීතය, හොඳම රංගාලෝකය, හොඳම රංග වින්‍යාසය සහ හොඳම නළුවා යන සම්මාන දිනූ ''රත්මල් යහනක සැතපී'', 2019 යෞවන සම්මාන නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත, හොඳම සංගීතය, හොඳම වේශ නිරූපණය, හොඳම පසුතල, හොඳම රංග වින්‍යාසය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම නළුවා සහ හොඳම සහය නළුවා යන සම්මාන දිනූ ''කැපනං'', 2021 වසරේ රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළේ අවසාන වටය නියෝජනය කළ ''උත්පලවර්ණා'' සහ ''දෙමළා නම්'' කෙටි නාට්‍යය එදින පස්වරු 3.30 සහ 6.30 යන දර්ශනවාරවල දී වේදිකා ගත කෙරේ.
ප්‍රසන්නජිත් අබේසූරිය, බුද්ධික රණවීර, කුසල් මධුරංග, නයෝමි තක්ෂිලා, ක්‍රිෂෙන් සිරිවර්ධන, දේශාන් සේනාරත්න, හසිත් වෙත්තසිංහ කෙටි නාට්‍ය සඳහා රංගන දායකත්වය සපයති.
ආසන වෙන් කිරීම සහ වැඩි විස්තර සඳහා
077 300 1547- හසන්ති
( Whatsapp පණිවිඩයක් යොමු කරන්න)
ප්‍රවේශපත් | 500 | 1000 | 1500 | 2000 |