එදා මෙදා තුර ඔස්කාර් සම්මාන උලෙළක දී හොඳම අධ්‍යක්ෂණය උදෙසා සම්මාන දිනාගත් දෙවැනි කාන්තාව සහ පළමු ආසියාතික කාන්තාව බවට පත්වෙමින් ක්ලෝයි සාඕ ඔස්කාර් සම්මාන ඉතිහාසය අලුතින් ලියුවා ය.
චීනයේ උපත ලබා, එක්සත් රාජධානියේ අධ්‍යාපනය හදාරා, එක්සත් ජනපදයේ වෙසෙන ඇයගේ තෙවැනි වෘතාන්ත සිනමාපටය වන "Nomadland" ඇකඩමි උලෙළේ හොඳම සිනමාපටය ලෙස ද සම්මානයට පාත්‍ර විය. එසේම, මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන දිනා ගත්තා ය.
හොලිවුඩයේ දැවැන්තම රාත්‍රිය ලෙස නම් දැරූ, ඇකඩමි නොහොත් ඔස්කාර් සම්මාන උලෙළ 93 වැනි වරට ඊයේ (25) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණි.
උළෙලේ සම්මාන බෙදී ගියේ මෙලෙසිනි,
හොඳම සිනමාපටය : Nomadland
හොඳම රංගන ශිල්පියා:
Anthony Hopkins - The Father
හොඳම රංගන ශිල්පිනිය :
Frances McDormand - Nomadland
හොඳම අධ්‍යක්ෂණය :
Chloé Zhao - Nomadland
හොඳම කැමරා අධ්‍යක්ෂණය :
Erik Messerschmidt - Mank

හොඳම සහාය රංගන ශිල්පියා :
Daniel Kaluuya - Judas and the Black Messiah
හොඳම සහාය රංගන ශිල්පිනිය :
Yuh-Jung Youn - Minari
හොඳම විදෙස් භාෂිත වෘතාන්ත සිනමාපටය :
Another Round (Denmark)
හොඳම වාර්තා කෙටි සිනමාපටය :
Colette - Anthony Giacchino and Alice Doyard
හොඳම වාර්තා වෘතාන්ත සිනමාපටය :
My Octopus Teacher - Pippa Ehrlich, James Reed and Craig Foster
හොඳම ගීතය :
Fight For You - Judas and the Black Messiah (H.E.R., Dernst Emile II and Tiara Thomas)
හොඳම ත්‍රිමාණ චිත්‍රපටය :
Soul
හොඳම අනුවර්තිත තිර පිටපත: 
The Father - Christopher Hampton, Florian Zeller
හොඳම මුල් තිර පිටපත :
Promising Young Woman - Emerald Fennell
හොඳම නිෂ්පාදන සැලසුම්කරණය :
Mank - Donald Graham Burt and Jan Pascale
හොඳම ඇඳුම් නිර්මාණය:
Ma Rainey's Black Bottom - Ann Roth
හොඳම ශබ්ද සැලසුම්කරණය : 
Sound of Metal - Nicolas Becker, Jaime Baksht, Michelle Couttolenc, Carlos Cortés and Phillip Bladh
හොඳම ත්‍රිමාණ කෙටි චිත්‍රපටය :
If Anything Happens I Love You - Will McCormack and Michael Govier
හොඳම සංගීතය අධ්‍යක්ෂණය :
Soul - Trent Reznor, Atticus Ross and Jon Batiste
හොඳම දෘශ්‍ය ප්‍රයෝග :
Tenet - Andrew Jackson, David Lee, Andrew Lockley and Scott Fisher
හොඳම සංස්කරණය :
Sound of Metal - Mikkel EG Nielsen
හොඳම අංගරචනය :
Ma Rainey's Black Bottom - Sergio Lopez-Rivera, Mia Neal and Jamika Wilson
(අවාරා)
THE LEADER TV
තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස !
කොරෝනා සුළගින් බෝ වෙනවාද?