ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 'ත්‍යාග සඳහා සාධාරණත්වය' (Rewards for Justice) වැඩසටහන යටතේ මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි, උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලාරිජානි (Ali Larijani) න සහ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු ද මෙම දීමනා ලැයිස්තුවට ඇතුළත් වේ.
එමෙන්ම අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාවෙන් තීරණයක් ගෙන ඇත.
මේ අතර විදෙස් වාර්තා පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය අසල කාර්ග් දූපතේ හමුදා ස්ථාන කිහිපයකටම අමෙරිකාව විසින් බෝම්බ හෙළා ඇති බවය.
මුලාශ්‍ර :
US offers $10M reward for tips on supreme leader & nine Iranian military officials
US-Iran War: US Offers $10 Million Reward For Information On IRGC Leaders | WION
US offers $10 million reward for information on IRGC leaders
ආචාර්ය මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් සටහනක්
''සාකච්චා කරන්න හිටපු එකා තොපි මරාගත්තට පස්සේ දැන් ඇවිල්ල ඉන්නේ බෝම්බ හදන එකා....
ඉරානයේ අලුත් අධ්‍යාත්මික නායක මොජ්ටබා කමෙනි ලෝකයේ සියලු න්‍යෂ්ටික සම්මුතිවලින් ඉවත්වීමට තීරණය කර ඇති අතර ඉරානයේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට ඇති කොන්දේසි විරහිත අයිතිය අවධාරණය කර ඇත.
(Mahesh Hapugoda)




