පසුගිය දශක කිහිපය තුළ ඝාතනයට, අතුරුදන් කරවීමට, පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සිහිකරමින්

සහ ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් “අමතක නොකරමු” මැයෙන් වැඩසටහනක් ජනවාරි 31 වනදා සවස 04.30 ට කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ බුදුරුව අබියසදී පැවැත්වේ.

අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරේ.

''භාෂණයේ සහ ප්‍රකාශනයේ අහිමි කළ නොහැකි අයිතිය භාවිතා කරමින් පෑන සහ කැමරාව මෙහෙයවූ මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් මේ වන විට ඝාතනයට හෝ අතුරුදන් කිරීමට ලක්ව ඇති බව නොරහසකි. දශක ගණනක් ගත වුව ද එම සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය සාධාරණත්වය ඉටු නොවී තිබීම වඩා භයානක හා ඛේදනීය තත්ත්වයකි."

"මෙම මාධ්‍යවේදීන්ගේ ඝාතකයෝ කවරහුද? ඝාතනය කළේ ඇයි? ඔවුන් ඝාතනයට නියෝග දුන්නෝ කවරහුද? යන්න ගැන සත්‍යය තවමත් අනාවරණය වී නැත."

සත්‍යය අනාවරණය කරමින් ඝාතනය වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමීපතයින්ට යුක්තිය, සාධාරණත්වය හිමිකර දීම රාජ්‍යයේ වගකීම වුවද ශ්‍රී ලාංකීය රාජ්‍යය තවමත් එය ඉටු කිරීමට සමත්ව නැත.  

එවන් තත්ත්වයක් තුළ ඝාතනය වූ සහ අතුරුදන් කළ මාධ්‍ය සගයන් සිහිපත් කරමින් ඔවුන්ට යුක්තිය හිමිවිය යුතු බවත් ඝාතකයන්ට දඬුවම් පැමිණ විය යුතු බවත් නැවත නැවතත් රාජ්‍යයට මතක් කළ යුතුව ඇතැයි එම මාධ්‍ය සංවිධානද්වය පවසති.

ඉටිපහනක් ද රැගෙන 31 වන දා එම අවස්ථාවට සහභාගී වන මෙන් 'අයිතීන් උදෙසා මාධ්‍යවේදියෝ' සංවිධානය සහ 'ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය' ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ට ආරාධනා කර සිටිති.

22 01 31 1

22 01 31 2

22 01 31 3

22 01 31 4

22 01 31 5

 

Leader Whats app


 

 

පොඩි බණ්ඩාරයා අප්පච්චිගේ පුතෙක්ද? | මොණරවිලගේ ලියමන

 

 

ලාල්ගේ ඇමතිකමට කට්ටියටම ඩෝං ගිහිං ! | අද ගොස්පු එක

 


வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්