ඉදිරි ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තරග කළ යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මනෝ ගනේෂන් ඇමතිවරයා අවධාරණය කරයි.

ඒ 'නිව්ස් ෆස්ට්' කළ විමසීමකදී ය.

 මනෝ ගනේෂන් ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, යෝජිත එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන සන්ධානයේ හවුල්කාර පක්ෂයකි.

 මනෝ ගනේෂන් අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසිය.

''බෙදීමක් නැතුව යම් කිසි තැනකට එන්න ඕනෑ බව අපි කව්රුත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමුන් තරග කරොත් තමා අපේ සන්ධානයක් ලෙස ජයග්‍රහණය කළ හැකි බව සජිත් ප්‍රේමදාස මහත්තයා තරයේ විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන අය එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් අතරත් තියෙන බව මම දන්නවා මොකද ඒ අය ලියුම් අත්සන් කරලා දීලා තියෙනවා. සන්ධානය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා තරග කළ යුතු වෙනවා.''

රාජිත සේනාරත්න අමාත්‍යවරයා හැරුණු විට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් පක්ෂවල සියලු නායකයන්‌ගේ සහය සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇතැයි 'රාවය' පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, පී. දිගම්බරම්, පී. රාධක්‍රිෂ්ණන් යන නායකයන් නියෝජනය කරන පක්ෂවල පමණක් නොව චම්පික රණවක ඇතුළු හෙළ උරුමයේ සහයද ඔහුට ලැබී ඇතැයි එජාපෙ නායකයෙක් පැවසු බව 'රාවය' පුවත් වාර්තාවේ සඳහන් වේ.

සබැඳි පුවත් :

එජාපෙ අනෙකුත් පක්ෂ සජිත්ට සහය පළකරයි -'රාවය'

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්