ලංකාවේ අපකීර්තිමත් මානව හිමිකම් වාර්තාව ජිනීවා සමුළුවේ දී එළි දක්වන්නට මත්තෙන් ත්‍රස්ත පනත යටතේ සිරගත කොට සිටින පිරිසක් නිදහස්

කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

 අධිකරණ ඇමැති අලි සබ්රි මේ බව කියා සිටියේ යාපනයේ පැවති 'යුක්තියට ප්‍රවේශයක්'නම් අමාත්‍යංශ ජංගම සේවයෙන් අනතුරුව යාපනයේ මාධ්‍යවේදීන් ගේ හමුවකදීය.

 ''ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින 27 දෙනෙකු ඉක්මනින්ම නිදහස් කරනවා. ඒ ගැන ජනාධිපතිතුමාට කරුණු පැහැදිලි කළා. PTA ක්‍රියාවට නැගුවට පස්සේ සිරගත කර සිටින අයට ඇප ලබා දීම හෝ නිදහස් කිරීම සිදු වෙන්නේ පළමු වතාවට,'' යැයි අධිකරණ ඇමැති සබ්රි පවසයි.

 

යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය වල ප්‍රමුඛ ඉල්ලීමක් වී ඇත්තේ ත්‍රස්ත පනත සංශෝධනයට ලක් කිරීමයි. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ වගකිවයුත්තන්  ජාත්‍යන්තරයට පොරොන්දු දී ඇත්තේ එම පනත සංශෝධනය කරන බවටයි. මේ වනවිට ත්‍රස්ත පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් ගැසට්ගත කොට තිබේ.

 

අධිකරණ ඇමතිවරයා පවසන පරිදි නීතියට අනුව දේශපාලන සිරකරුවන් නොමැත.

 ''PTA යටතේ සිරගත කොට සිටින අයගෙන් විශ්‍රාමික විනිසුරු අශෝක ද සිල්වා සභාපතිත්වය දරන කොමිටියට අභියාචනා 44 ක් ලැබිලා තියෙනවා. ඒවා විමර්ශනය කර 27 ක් නිදහස් කරන්න එකඟතාව පළ කරලා තියෙනවා. වෙසක් පෝයට සිරගත කොට සිටින 16 දෙනෙක් නිදහස් කරනවා,''යැයි ද අලි සබ්රි පවසයි.

 
 Leader Whats app
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්