තම පාලන කාලය තුල මානව හිමිකම් කඩ වී නොමැති බවට ප්‍රකාශ කරන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින්, ඔවුන්ට එරෙහි මර්දනයක් දියත් කරන

බවට උතුරේ දේශපාලන පක්‍ෂයක් ජාත්‍යන්තරය බලවතුන් හමුවේ කරුණු දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම නියෝජනය කරන රටවල් 42 ක රාජතාන්ත්‍රිකයන් වෙත ලිපියක් යොමු කරන දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්.සම්බන්ධන් පෙන්වා දෙන්නේ මේ වන විට දෙමළ ජනතාව මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය ආණ්ඩුවේ ඉඩම් කොල්ලය බවයි.

''පුරාවිද්‍යා, වන සංරක්ෂණ, වන ජීවී දෙපාර්තමේන්තු යොදා ගෙන දෙමළ ජනයා බහුලව වෙසෙන ප්‍රදේශවල සිංහල ජනාවාස ඉදිකරමින්, ප්‍රාදේශීය මායිම් නැවත මාරු කරමින් ජන සංයුතිය වෙනස් කිරීමේ ආණ්ඩුවේ සැලසුම් නිසා දෙමළ ජනයාගේ ආරක්‍ෂාවට තර්ජනයක් වී තිබෙනවා. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පාරම්පරිකව ජිවත් වුනු ගම්බිම් වලින් පිටමං කිරීම ආණ්ඩුව කරගෙන යනවා,'' යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් රාජතාන්ත්‍රිකයන්ට යොමු කළ ලිපියේ දැක්වේ.



2009 වසරේ මැයි මස ආයුධ සන්නද්ධ අරගලය අවසන් කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගේ ලංකා සංචාරයේදී ආණ්ඩුව ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මානව හිමිකම් සුරකින බවට පොරොන්දු වුවද, සම්බන්ධන් පෙන්වා දෙන්නේ දැනට දොළොස් වසක් ඉක්ම ගියද ආණ්ඩුව කිසිවක් කිරීමට සමත් නොවූ බවයි.



ජිනීවා මානව හිමිකම් කවුන්සලය මගින් සම්මත කරගත් යෝජනාවට අනුව වගවීම ඇතුළු කිසිදු කොන්දේසියක් ඉටු කිරීම ලංකා ආණ්ඩුව විසින් කර ඇර ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.

''සමාජ හා දේශපාලන ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් බිය ගන්වන ආණ්ඩුව මිය ගිය අය සිහිකිරීම ද තහනම් කර තිබෙනවා. ත්‍රස්ත පනත යටතේ තවමත් අත්අඩංගුවට ගන්නවා. දෙමළ දේශපාලන සිරකරුවන් දිගටම සිරගත කොට තිබෙනවා. රජයේ දෙපාර්තමේන්තු හරහා දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් වල නැවත පදිංචිය තහනම් කරනවා.බහුජන හා දේශපාලන ක්‍රියාධරයන්ගේ ක්‍රියා කලාපයන් ගැන ආණ්ඩුව ඇස ගසා සිටිනවා. මේ මගින් ආණ්ඩුව සුදානම් වෙන්නේ දෙමළ ජනයාව මර්දනය කරන්න,''යැයි පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධාන නායකයා, ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසියේදී මේ කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.

දෙමළ ජාතික සන්ධාන නායකයා විසින් අභියෝගයට ලක් කර ඇති ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දකුණේ විපක්ෂය නිඉල වශයෙන් කිසිත් ප්‍රකාශ කොට නැත. 

 
 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්