රජය විසින් අධිභාර බද්ද පනවලා ඇත්තේ පෞද්ගලික අංශයේ කම්කරුවා මත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.



එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එබව කියා සිටියේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (09) පැවති මාධ්‍ය හමුවකදී ය.

අධිභාර බදු පනත හරහා අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල් මංකොල්ල කෑම, ඉඩම් සංවර්ධන සංශෝධන පනත හරහා ගොවි ඉඩම් මංකොල්ලයට පාර සැකසීම, මහපොල භාරකාර අරමුදල් සංශෝධන පනත හරහා එම අරමුදල දේශපාලන රූකඩයක් කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඔහු මෙම මාධ්‍ය හමුවේදී සිය පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළේය.


 එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''මේ වෙනකොට අණපනත් ගණනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අණ පනත් හරහා ඉතාම විශාල බලපෑම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා .2022 පෙබරවාරි මාසේ තුන්වෙනිදා දිනැති අධිභාර බදු පනත. මේ අධිභාර බදු පනත ආණ්ඩුව ඉදිරිපත් කරා විශාල සමාගම් වලින් බදු ගන්නවා අන්න ඒ සඳහා තමයි මේ බදු පනත ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා..

 මුලින් ප්‍රකාශ කළේ රුපියල් බිලියන දෙකකට වඩා ආදායම් උපයන සමාගම්වලින් ඔවුන්ගේ ආදායමෙන් සියයට 25 ක කොටසක් බද්දක් ලෙස අය කරනවා. ජීවිතයේ දී එක්වරක් ගෙවිය යුතු බද්දක් ලෙස අය කරනවා කියලා තමයි කිව්වේ.

 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා අයවැය ඉදිරිපත් කරන වෙලාවේ කිව්වේ සමාගම් හැට ගානකින් මේක අය කරනවා, ධනපතියන් ගෙන්  බදු අය කරන්න පටන් අරන් තියෙන්නෙ කියලා.



හැබැයි මේ දක්වාම අපිට පැහැදිලි නෑ රුපියල් මිලියන 2000 කට වඩා පිරිවැටුම සහිත සමාගම් මොනවද කියන එක. සමාගම් වල නාම ලේඛනයක් වත් එහෙම කිසි දෙයක් දන්නෙ නෑ. පහුගිය කාලය පුරාම මේ විශාල සමාගම් බදු නොගෙවීමේ ඉතිහාසයක් තියෙන්නේ.




උදාහරණයක් විදිහට,


#  2015 2019 ත් අතර ගෙවිච්ච අවුරුදු පහ ඇතුලේ රුපියල් කෝටි හතළිස් එක් දාහක මුදලක් තියනවා අය කළ යුතු බදු අය වෙලා නැතුව.

#  2020 අවුරුද්දේ තවත් රුපියල් කෝටි දහදාහක බදු තියෙනවා අය කළ යුතුව තිබුණු බදු පැහැර හරින ලද බදු.

# ගෙවිච්ච අවුරුදු හය ඇතුළෙ විතරක් රුපියල් කෝටි පනස් දහසක පමණ බදු ප්‍රමාණයක් තියෙනවා මේ විශාල සමාගම් දැවැන්ත ධන කුවේරයෝ විසින් ගෙවිය යුතුව තිබිලා ගෙව්වේ නැති බදු.

#  2021 තාම බදු දක්වලා නෑ, අපි 2020 ප්‍රමාණයම කියලා 2021 හිතුවොත් එහෙම පොදුවේ ගත්තට පස්සේ රුපියල් කෝටි 75000 මුදලක් තියෙනවා මේ ආසන්න අවුරුදු ටිකේ අය කළේ නැති බදු .




 ඒ එකක්වත් අය කරන්නේ නැතිව අලුතෙන් තව බද්දක් ගැහුව කියල ඕක සමාගම්වලින් අය වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි කියලා තමයි අපිට තේරෙන්නේ. ඒ බදු අර ගෙව්වේ නැති බදු ගොඩට වැටිලා සමාගම් ටික නිදහස් වෙන්න ඉඩ තියෙනවා.



මෙතැන තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මේ බද්ද දැන් අය කරන්න යනවා, සේවක අර්ථසාධක අරමුදල සේවක භාරකාර අරමුදල සහ අනෙකුත් විශ්‍රාම වැටුප් අරමුදල ඇතුළු අනෙකුත් අරමුදල්වලින්.





 මේ පනත් කෙටුම්පතේ දෙවැනි වගන්තිය තියෙනවා 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ගණනය කරනු ලබන 2020 අප්‍රියල් මස පළවෙනි දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 2,000 ක් ඉක්මවන පුද්ගලයෙකුගේ හවුල් ව්‍යාපාරයක හෝ සමාගමක බදු අය කළ හැකි ආදායම මත 25% ක අනු ප්‍රමාණයකට අය කරනු ලැබිය යුතුය කියලා තියෙනවා.

 මේකේ නිශ්චිතව තියෙනවා. 2017 අංක 24 දරණ දේශීය ආදායම්  පනතේ විධිවිධාන වලට අනුව කියලා. 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත ගත්තට පස්සේ මේ පනත මෙතෙක් කල් තිබුණු බදු ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් කණපිට හරවපු පනතක්.

 මේක හරහා විශාල බරක් යොදවල තිබුණ ජනතාවගේ අරමුදල් මත.




උදාහරණයක් විදියට සේවක අර්ථසාධක අරමුදල තමන්ගේ මුදල් ආයෝජනය කරනවා. ඒ ආයෝජනය කරාට පස්සේ ඔවුන්ට ඒ සඳහා පොලියක් ලැබෙනවා. ඒ පොලිය වෙනම ආදායමක් ලෙස සලකලා ඒකට 10% ක බද්දක් අය කරමින් තිබුණා. මේ පනත හරහා තමයි ඒක සීයට දාහතරක බද්දක් බවට පත් කෙරුවේ.




සමාගම කියන එක අර්ථකථනය ?

 මේ පනතේ ඊට වඩා ලොකු ව්‍යුහාත්මක වෙනසක් කරල තියනවා සමාගම කියන එක අර්ථකථනය කරද්දි.

 මේකේ තියෙනවා ආ එක කියන වගන්තිය ඒ වගන්තියෙ තියෙනවා සමාගම යන්නෙන් යම් මිත්‍රශීලී සමිතියක්, ගොඩනැගිලි සමිතියක්, විශ්‍රාම වැටුප් අරමුදල, අර්ථසාධක අරමුදල, විශ්‍රාම අරමුදල, විශ්‍රාම පාරිතෝෂික අරමුදල හෝ ඒ හා සමාන අරමුදල හෝ සමිතියක් කියලා සමාගම් කියන අර්ථකථනයට ඇතුල් කරල තියෙනව සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, විශ්‍රාම පාරිතෝෂික අරමුදල සහ අනෙකුත් සියලු විශ්‍රාම අරමුදල්.

 දැන් ප්‍රශ්නය තියෙන්නේ අලුතෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ල තියෙන පනතේ තියෙනවා 2017 පනතට අනුව තමයි බදු අයකිරීම කරන්නේ කියලා.  2017 පනතේ තියෙන නිසා මේ සියල්ලෙන් ඒ බද්ද අය කරන්න යනවා.

 සේවක අර්ථසාධක අරමුදල ගත්තොත් එහෙම 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතින් හැදුවේ 2020 අවුරුද්ද අවසන් වන කොට මේක සතුව තිබුණා රුපියල් කෝටි විසි අට දාහක දැවැන්ත මුදලක් තිබුණා. ඒ මුදල හැදෙන්නේ පෞද්ගලික අංශයේ කම්කරුවෝ ලක්ෂ 26 ක් පමණ ඉන්නවා මේකේ දායක වෙලා. ඒ අයගේ මාසික වැටුපෙන් 8% කපාගන්නවා සේවක අර්ථසාධක අරමුදලට දාන්න කියලා.

 ඊට අමතරව එයාගේ වැටුපෙන් සීයට 12ක් හා සමාන ප්‍රමාණයක් සේවායෝජකයා විසින් දානවා. මෙන්න මේ 20% ඒව ටික එකතුවෙලා තමයි රුපියල් කෝටි 28,000 ක තරම් දැවැන්ත අරමුදල හැදිලා තියෙන්නේ.

 මේක දකුණු ආසියාවේ විශාලතම මහජන අරමුදල කියලත් කියනවා.  මේ මුදල් තැන් තැන් වල ආයෝජනය කරලා ඒ ආයෝජන වලින් ලැබෙන පොලිය නැවත අරමුදලට එකතුවෙනවා එහෙම තමයි අරමුදල පෝෂණය කරන්නේ.




කලින් යහපාලන ආණ්ඩුව විවිධ ආයෝජන මත ලැබෙන පොලී මුදලට බද්ද සියයට 10 ඉඳලා සියයට 14 ට වැඩි කළා. වැඩි කරල මේ අර්ථ සාධක අරමුදලින් විශාල බද්දක් ගන්න උත්සාහ කළා. ඒ කාලේ ඒ දෙයට විරුද්ධ වුණ මේ ආණ්ඩුව 25% ක අධිභාර බද්දක් පනවමින් යනවා සේවක අර්ථසාධක අරමුදල මත.




සාමාන්‍යයෙන් 2017 අවුරුද්ද වෙනකොටත් රුපියල් බිලියන 310 ක විතර මුදලක් ලැබිලා තිබුණා සේවක අර්ථසාධක අරමුදලෙ මුදල් භාණ්ඩාගාර බිල්පත් සහ අනෙකුත් දේවල් වල ආයෝජනය කරලා වෙනත් සංස්ථාපිත සමාගම් වල ආයෝජනය කරලා.

 අපි ගත්තොත් 2017   2018 හම්බවෙච්ච මුදලම  ආදායමක් ලෙස පොලියක් ලෙස ලැබෙනවා කියලා එහෙම වුනොත් එහෙම මේ 25% ක බද්දක් අය කළොත් එහෙම රුපියල් බිලියන 75 ක විතර මුදලක් රජයට ගන්න පුළුවන්.


බැසිල්ගේ ඡන්ද කොල්ල කන ව්‍යාපෘතිය !


මේ පනත සම්මත කළාට පස්සෙ. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වැඩ ලක්ෂයක් කියලා වැඩක් පටන් අරගෙන තියෙනවා. වැඩ ලක්ෂයක් කියලා ව්‍යාපෘතියක් යනවා. එක වැඩකට මිලියනයක් වෙන් කරනවා. ඒ කියන්නේ මිලියන ලක්ෂයක්. ඒ කියන්නෙ රුපියල් කෝටි දහදාහක් වෙන් කරනවා කියලා තියෙනවා මේ ව්‍යාපෘතියට. රුපියල් කෝටි දහදාහක් මේ වියදම් කරන්න යන්නේ තමන්ට ඕන කරන ඡන්ද ටික කොල්ල කන්න. මේ දෙන්නේ මැතිවරණ අල්ලසක්. මැතිවරණ අල්ලස දෙන්න සල්ලි හොයන ක්‍රමය හොඳට අනාවරණය වෙනවා මේ පනත දැක්කට පස්සේ.


 මේ අධිභාර පනතේ තියෙන විදිහට සේවක අර්ථසාධක අරමුදලේ පොලිය මත අය කළොත් එහෙම සියයට 25 ක බද්ද  රුපියල් කෝටි 7,500 ක් විතර ඒකෙන් හොයන්න පුළුවන්.

 බැසිල්ගේ මැජික් එක හරි පැහැදිලියි. බැසිල් එක පැත්තකින් කියනවා මැතිවරණ අල්ලස් ලෙස රුපියල් කෝටි දහදාහක් මුදාහරිනවා කියලා ඒ රුපියල් කෝටි දහදාහෙන්රු පියල් කෝටි 7500 ක් ම ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ පෞද්ගලික අංශයේ කම්කරුවෝ ඉතුරු කරපු මුදලින්.

 මේ මුදල් කාටවත් අයිති නෑ රජය ඇවිල්ල මේකෙ භාරකරුවා විතරයි. මහා දැවැන්ත සමාගම් මත අය කරනවා කියන අධිභාර බද්ද අන්තිමට පනවලා තියෙන්නේ පෞද්ගලික අංශයේ කම්කරුවා මත.

 රුපියල් කෝටි තිස් නම දාස් නමසියක මුදලක් තියෙනවා ඊටී එෆ් එකේ ඒකත් අයිති මේ බදු අය කරන ගොඩට.




මේ අරමුදල් ටික ඔක්කොම මංකොල්ල කන්න පෞද්ගලික අංශයේ කම්කරුවාගේ සල්ලි ටික හොරකම් කරලා ඒ සල්ලි වලින් මැජික් පෙන්නලා ඒකෙන් ඡන්ද දිනා ගන්න තමයි යන්නේ.

 


 මේක ඉතාම බරපතළ කරුණක්. විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ඉඳලා 65ට වැඩි කළා. විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම තව අවුරුදු පහක් යනකම් කල් යනවා. ඒ මුදල මේ ව්‍යාපෘති සඳහා මංකොල්ල කන්න තමයි මේ බද්ද ගහලා තියෙන්නෙ.

 මේ අධිභාර බද්ද පැනෙව්වේ ධනපතියන්ට බදු පැනවීම සඳහා ද එහෙම නැතිනම් පෞද්ගලික අංශයේ කම්කරුවාගේ සල්ලි ටික හොරකම් කරලා ඡන්ද වලට මැතිවරණ අල්ලස් දීම සඳහා ද ගියේ කියන එක ඉතාම පැහැදිලි ප්‍රශ්නයක් විදියට බරපතළ අර්බුදයක් විදියට තියෙනවා.

 මේ අයුක්තියට එරෙහිව නැගී සිටිය යුතුයි. සමස්ත කම්කරු පන්තිය මේකට එරෙහිව අරගලයක් කළ යුතුව තියෙනවා.

 බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා පැහැදිලි කළ යුතුව තියෙනවා රුපියල් කෝටි දහදාහක් වියදම් කරලා වැඩ ලක්ෂයක් කියලා ව්‍යාපෘතියක් හදලා තියෙනවා. ඒ වැඩ ලක්ෂයක් ව්‍යාපෘතියට සල්ලි හොයන්නේ කොහොමද කියලා.

 

 

 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්