ජනාධිපතිගේ සිංහල බෞද්ධකමට මුල් තැන දීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවා දෙමළ බස නොසලකා හැරීමට විරෝධය දක්වමින් ආණ්ඩුවේ උත්සවයක්

වර්ජනය කිරීමට උතුරේ දේශපාලන නායකයකු තීරණය කර තිබේ.

වව්නියාව සරසවිය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතය.

''`දෙමළ ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශයක පිහිටි වවුනියාව සරසවියේ දෙමළ බසට ප්‍රමුඛතාව නොදී සමරු ඵලක ඇතුළු නාම පුවරු සිංහල
බසින් ප්‍රදර්ශනය කරන්න කටයුතු කර තිබෙනවා. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. දෙමළ භාෂාව නැති උත්සව වලට අපි සහභාගී වෙන්නේ නැහැ,'' යැයි තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්  පවසයි.

''උතුරු නැගෙනහිර පළාත් වල දී දෙමළ භාෂාවට මුල් තැන දෙන්න ඕනෑ'' ඔහු අවධාරණය කරයි. 

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්