මීට දස වසරකටත් ඉහත දී සිට තමන්ට සහ සිය දේවස්ථානයට එල්ල වූ බරපතල තර්ජන හේතුවෙන් තවමත් සිය බිරිඳ සහ දරුවන් සැඟවී සිටින අතර,

තමන් විදේශයකට පලා ගිය බව ශ්‍රී ලාංකික දේවගැතිවරයෙක් පවසයි.

බටහිර රටක සිට "Sandeshaya by Saroj" ("සරෝජ් සමග සංදේශය") යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් වීරකැටියේ ජීවන ආලෝක දේවස්ථානයේ පාලක ප්‍රදීප් කුමාර කහඳගමගේ දේවගැතිවරයා කියා සිටියේ, 2011 වසරේ සිට තමන්ට අන්තවාදී බෞද්ධ භික්ෂූන් ඇතුළු පිරිස්වලින් වරින්වර තර්ජන එල්ල වූ බවය.


''දාහක් විතර වටවෙලා පල්ලිය විනාශ කළා''


දේවස්ථානය ඉවත්කරගන්නා මෙන් පවසමින් ප්‍රසිද්ධියේ සහ නිර්නාමිකව තර්ජන එල්ල වූ බව පවසන ඔහු කියා සිටියේ, ඉන් අනතුරුව 2012 දෙසැම්බර් 08 වෙනිද දහසක පමණ පිරිසක් සිය දේවස්ථානය වටකොට විනාශ කළේ පොලිසිය සහ හමුදාව බලා සිටියදී බවය.  

ප්‍රදීප් කුමාර කහඳගමගේ පාස්ටර්වරයා පවසන පරිදි එවකට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ නිල් බලකාය සහ බොදු බල සේනාව ඇතුළු සංවිධාන එම ප්‍රහාරයට සම්බන්ධව සිටියහ.

බෝවත්තේ ඉන්ද්‍රරත්න සහ ඕමල්පේ සෝභිත හිමිවරුන් ඒ අවස්ථාවේ ප්‍රහාරය සඳහා ජනතාව උසිගැන්වූ බවට ද දේවගැතිවරයා චෝදනා කරයි.

ඉන් අනතුරුව 2013 මාර්තු 18 වෙනි දින සිය බිරිඳ සහ දරු දෙදෙනා දේවස්ථානයේ සිටියදී යළිත් වරක් දහසක පමණ පිරිසක් ගිනි තැබීමට උත්සහ කල අවස්ථාවේ ඔහුගේ බිරිඳගේ ඇසකට සිදු වූ තුවාලය හේතුවෙන් ඇය ශල්‍යකර්මයකට ද භාජනය කෙරින.  

 "එදා ඒ මැරයෝ හැසිරුනේ තිරිසන්නු වගේ," කහඳගමගේ දේවගැතිවරයා මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග විස්තර කළේය.

 

එදින සිය බිරිඳගේ සහ දරු දෙදෙනාගේ ජීවිත දිවි බේරුණේ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සිවු දෙනෙකුගේ මැදිහත්වීම නිසා බව ඔහු කෘතවේදීව සිහිපත් කරයි.  

 

එම ප්‍රහාර සහ තර්ජන සම්බන්ධයෙන් තමන් මූලික අයිතිවාසිකම පෙත්සමක ගොනු කළ පොලිසිය සහ චුදිතයන අධිකරණ භූමියේදීම තමන්ට තර්ජනය කළ බව පවසන පාස්ටර්වරයා වැඩිදුරටත් කියා සිටියේ, තමන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයා පවා නඩුව ඉල්ලා අස්කරගන්නා මෙන් තමන්ට බල කළ බවය.

එසේ නඩුව ඉල්ලා අස්කර නොගත් බැවින් ඔහු පවසන පරිදි පොලිසියෙන් සහ නඩුවේ අනෙක් චුදිතයින් ඇතුළු පිරිස්වලින් මේ වනතුරුම ඔහුගේ ජීවිතයට තර්ජන එල්ලවෙමින් පවතී.

පාස්ටර්වරයා මතුකරන ඉහත කී චෝදනා පිළිබඳව අදාළ පාර්ශවයන්ගෙන් විමසා, ඔවුන් ප්‍රතිචාරයක් පළකරන්නේ නම්, මහජන සේවා මාධ්‍ය ආයතනයක් ලෙසින් එම ප්‍රතිචාරය ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් "Sandeshaya by Saroj" නාලිකාව පවසයි.


 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්