''ගල් වලට සහ අසූචි වලට අපාහාස කළ අය හෙලා දකිමු…'' යනුවෙන් පොලිසිය භාර ඇමති සරත් වීරසේකරගේ පුත්‍රයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකර ඇත.


සරත් වීරසේකරගේ පුත් සහකාර පොලිස් අධිකාරි වෛද්‍ය සචිත්‍ර වීරසේකර විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට අද අළුයම එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් පළකර ඇති එම සමාජ මාධ්‍ය පොස්ටුවට මේවනවිට බරපතල විවේචනයක් එක්ක වී ඇත.

බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙහිදී ප්‍රශ්නකර ඇත්තේ පොලිස් ඇමති පුත්‍රයා ප්‍රසිද්ධියේ මෙවැනි ස්ථාවරයක් දරද්දී චමුදිතගේ නිවසට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය වෙතින් අපක්ෂපාත පරීක්ෂණයක් සිදුවෙතැයි අපේක්ෂා කල නොහැකි බවයි.



WhatsApp Image 2022 02 14 at 7.14.12 PM 1
කොළඹ පොලිස් රෝහලේ සේවය කරන සහකාර පොලිස් අධිකාරි වෛද්‍ය සචිත්‍ර වීරසේකර මිට ඉහතදී මාධ්‍යවේදී චමුදිත සමග අමනාපයකින් පසුවූ බව  වාර්තාවේ.  වරක් නිරෝධනයට ලක්ව සිටි ප්‍රකට නිරුපන ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිසට පොලිස් ඇමතිවරයා විශේෂ සැලකිලි දක්වා තිබීම මාධ්‍යවේදී චමුදිත විසින් මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිරීම ඊට හේතුව බව පැවසේ.

නිරෝධනයට ලක්ව සිටි පියුමි හංසමාලිට සිය ඇඳුම් බෑගය පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනවිත් දී තිබුනේ සහකාර පොලිස් අධිකාරි වෛද්‍ය සචිත්‍ර වීරසේකර විසින් බවට එකල මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

 

Piumi Post123

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්