සෞඛ්‍ය අමත්‍යාංශයේ ජාතික HIV සහ අනෙකුත් ලිංගිකව බෝවන රෝග පාලනය කිරීමේ වැඩසටහන මගින් වැලන්ටයින් දවසෙ අපූරු පණිවුඩයක්

සමාජගත කළා.

පෙම්වතුන් නිතර ගැවසෙන වික්ටෝරියා පාර්ක් එකට එන පෙම්වතුන්ට රන්වන් සිරුරකින් යුත් මල්මී දුන්නක් අතින් ගත් මල්සරා මුණගැහුන. ඒ පෙම්වතුන්ට සුබපතමින් මල්සරා රතු රෝසමලක් තෑගි දුන්නා. ඒ රෝස මලේ කොන්ඩම් එකක් අමුණලා මෙහෙම ලියලා තිබුන.

‘ආදරෙයි නම් පරිස්සම් වෙන්න’

ඒ වගේම මේ පණිවුඩය විෂම ලිංගික, සමලිංගික, සංක්‍රාන්ති ලිංගික යන සියලු පෙම්වතුන් පෙම්වතියන් වෙත ලබාදීම ලංකාවෙ විශේෂ කාරණයක්.

මේ සියල්ලන් එකම ආදරයකින් බැඳුනු පෙම්වතුන් හැටියෙන් පිළිගැනීම රජයේ වැඩසටහනක් හැටියට ප්‍රගතිශීලී තත්වයක් බව කිව යුතුයි.

ලිංගිකත්වය සහ ලිංගික හැසිරීම් විවෘතව බාරගැනීමත්, තහනම වෙනුවට ආරක්ෂිතව සතුටු වීම මාතෘකා කරගැනීමත් බෙහෙවින් පසුගාමී රජයකින් අපේක්ෂා කළ නොහැකි ඉදිරිගාමී ප්‍රවේශයක්.

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්