theleaderlk 01


සේවක අර්ථ සාධක හා සේවක භාරකාර අරමුදල් වලින් සියයට විසි පහක අධි භාරයක් ලබා නොගන්නා බවට කට වචනයෙන් නොව ලිඛිතව සහතික විය යුතු බවට කඳුකරයේ වෘත්තීය සමිතියක් ආණ්ඩුවට අවධාරණය

කර තිබේ.

මිලියන දෙදහසකට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැනවූ සියයට 25ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් 11ක් අයත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කර තිබුනේ වෘත්තීය සමිති ඊට දැඩි ලෙස විරෝධය පල කිරීම හමුවේය.

''`EPF සහ ETF දෙකෙන්ම සියයට 25 ක් බදු අය කරනවා කියලා ආණ්ඩුව ලිඛිත යෝජනාවක් ඉදිරිපත් කළා. ඊට විරුද්ධව නැගී ආපු කම්කරු විරෝධය නිසා ඒක අකුලා ගත්තු ආණ්ඩුව බදු අයකරන්නේ නැහැ කියලා නිකං කට වචනෙන් කිව්වා. ලිඛිතව දෙන්න ඕනෑ ආණ්ඩුවේ කට වචන පිළිගන්න අපි මෝඩයෝ නොවේ,'' යි  නුවරඑළිය,නානුඔය ඊයේ [18] පැවති වතු කම්කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වූ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩුවේල් පැවසීය.

කඳුකරයේ ජන ජීවිතය හා කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් ලංකා ජාතික වතු කම්කරු සංගමය විසින් සෑම වත්තකටම ගොස් කම්කරුවන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් දියත් කොට තිබේ.

මෙතක් ලබා නොදුන්නද ඉහල යන ජිවන වියදම හමුවේ රජයේ සේවයන්ට හා විශ්‍රාමිකයන්ට රුපියල් 5000ක සහන දීමනාවක් ලබා දෙන බවට ආණ්ඩුව කීවත්, වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, කෝවිඩ් අවදානම ද නොතකා රැකියා යොදා ගෙන රටට විදේශ විනිමය ගෙනෙන වතු කම්කරුවන්ට ලබා දී ඇත්තේ රුපියල් 40 ක් පමණක් බවයි.

''පාන් පිටි සහනාධාරය ලබා දී ඇත්තේ එක පාර්ශවයකට පමණයි. අපි කියන්නේ. සොච්චමක් වුනත් සමස්ත වතු කම්කරුවන්ටම ලබා දෙන්න ඕනෑ කියා.''

ඔහු පවසන්නේ වතු කම්කරුවන්ට එරෙහිව අඩම්තේට්ටම් කරන්නට සැරසෙන ආණ්ඩුව වෙනස් කිරීම සඳහා ‘පක්‍ෂ, පාට, ලාංජන නොබලා’  ලංකා ජාතික වතු කම්කරු සංගමය  කටයුතු කරන බවය.

22 620f8525e063c

Leader Whats app