පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බැවින් ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ විදේශීය වින්දිත

පවුල් සමග ජාත්‍යන්තරය වෙත යාමට කතෝලික සභාව සැලසුම් කරමින් සිටින බව ශෙහාන් මාලක ගමගේ පවසයි.  

මේ වසරේ අප්‍රේල් 21 වෙනි දිනට පාස්කු ප්‍රහාරයට තෙවසරක් සපිරේ.

"Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය උදෙසා හඬ නගන ශෙහාන් මාලක ගමගේ පවසන්නේ, ශ්‍රී ලංකාව යනු යුක්තිය බලාපොරොත්තු විය හැකි පින් බිමක් නොව "පවුකාර බිමක්" සහ "ලේ බිමක්" බවය.  

විශේෂයෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් "අත් සෝදාගන්න බැරි," බව අවධාරණය කරන ඔහු පවසන්නේ, එබැවින් ඔවුන් දෙදෙනා සහ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජනාධිපති කොමිසම නිර්දේශ කොට තිබෙන සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවය.

 

මේ අතර පසුගියදා "Sandeshaya by Saroj" නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟි කොට තිබුණේ, ජනාධිපති කොමිසමේ අවසාන වාර්තාව සකස් කිරීමේදී කිසියම් ඇඟිලි ගැසීමක් සිදු වී ඇති බවකි.

 

එහිදී තමන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් කර ඇති නිර්දේශය ගැන අදහස් දැක්වූ ශ්‍රීලනිප නායකයා, "මම ජනාධිපති පදවියේ හිටිය නම් ඔය නිර්දේශය ඔය විදියට ඒවිද," යනුවෙන් මාධ්‍යවේදී සරෝජ් පතිරණ ගෙන් ප්‍රශ්න කළේය.

කෙසේ වෙතත් ෂෙහාන් මාලක ගමගේ පෙන්වා දෙන්නේ, සිය සිංගප්පූරු සංචාරය සහ ප්‍රහාරයෙන් අනතුරුව ඉක්මනින් යළි සියරට නොපැමිණීම පිළිබඳව හිටපු ජනපතිවරයා ප්‍රසිද්ධියේ සහ කොමිසම හමුවේ කරන ලද ප්‍රකාශ පරස්පර විරෝධී බවය.

කොමිසම මගින් චුදිතයෙකු ලෙසින් නම් කර තිබෙන නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන නීතිපතිවරයා විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු කිරීම ද ඔහුගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්