ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදා ඉල්ලීම මත 13 අවුරුද්දකට පෙර බාර දුන් පසු  අතුරුදහන් වූ සිය සමීපතමයන්ට අත්වූ ඉරණම සොයා දියත් කළ අඛණ්ඩ

විරෝධතාවට පස් වසරක් ගත වී තිබේ.

ධාරානිපාත වර්ෂාව මැද වුවද කිලිනොච්චි කන්දසාමි කෝවිල ඉදිරිපිටට රැස්වූ දෙමළ මව්වරු ඩිපෝ හන්දිය දක්වා වූ පා ගමනකින් සිය දරුවන් වෙනුවෙන් වූ අරගලයේ පස්වැනි අවුරුද්දේත් විරෝධතා පැවැත්වූහ.

වන්නියේ මාධ්‍යවේදීන් පවසන්නේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්, මහජන නියෝජිතයන්, බහුජන සංවිධාන ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටි  මෙම විරෝධතා පෙළපාලියේදී,

 “පවුල් පිටින් අත් අඩංගුවට බාර දුන් අපේ නෑදෑයන් කෝ”,

''හමුදාව වහා පිටවනු''

''අපේ ඉඩම් අපිට දියව්'' 

ඇතුලු හමුදාකරණ විරෝධී සටන්පාඨ හඬ නැගුනු බවයි.

 ''යුද්ධය ඉවර වෙච්චි දවසේ ඉඳලා බලයට පත්වූනු හැම ආණ්ඩුවක්ම අපේ නෑදෑයෝ යුද්දෙන් මැරිලා කියලා දිගටම බොරු කිව්වා. මේ රටේ ආණ්ඩුවකින් යුක්තිය බලාපොරොත්තු වෙන්න බැරි හින්ද තමයි අපි ජාත්‍යන්තර සරණක් බලාපොරොත්තු වෙන්නේ.'' ලීලාදේවී බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ කිලිනොච්චි දිසා ලේකම් ලීලාදේවි ආනන්ද නඩරාජා පැවසුවේ යුක්තිය හා සාධාරණත්වය ඉටුවන තුරු සටන අත් නොහරින බව මහත් සංවේගයෙන් යුතුව සහතික කරමින්ය.

විරෝධතා පෙළපාලිය හමාර කෙරුණු කිලිනොච්චි ඩිපෝ හන්දියේදී, අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය සකස් කළ පෙත්සමක් වේලන් ස්වාමි වෙත බාර දුන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත යොමු කිරීමටයි.

''අපි අවසන් යුද්දෙදි මැරිච්චි අය ගැන අහන්නේ නෑ. අපි ඉල්ලන්නේ හමුදාවට බාර දුන්නු අපේ නෑදෑයෝ ගැනයි. අපි අහන්නේ උස්සගෙන ගිහින් අතුරුදහන් කරපු අපේ සෙනේවන්තයන් ගැනයි.'' අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ වවුනියාව දිසා නායිකා සිවනන්දන් ජෙනිතා එහිදී පැවසුවාය.
 
 
 


Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්