• අප ගැන
  • දැන්විම්
  • පිළිතුරු දීමේ අයිතිය
  • භාවිතයේ කොන්දේසි
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • අමතන්න
  • වෙබ් අඩවි අනුරූපිකය
  • Archives
English  |  தமிழ்
TheLeader.lk TheLeader.lk
  • නිවස
  • පුවත්
    • විදේශ
    • සාහිත්‍ය - කලා
    • පරිසර
  • විශේෂාංග
    • කවි ග්‍රැෆික්
    • Citizen කෝචොක්
    • ඇට මැස්සා
    • මහජන ව්‍යවස්ථාව
    • වජ්ජා’වජ්ජ
    • ඇඩ්වර්ටයිසිං ලෝකය
    • ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා
    • වායාම
    • රවාෂ
  • Biz
  • සමාලාප
  • මතවාද
  • බුකිය
  • ආරක්ෂක
  • Life
  • ගොසිප්
  • ක්‍රීඩා
  • වීඩියෝ

Sidebar

ප්‍රධාන මෙනුව

  • නිවස
  • පුවත්
    • විදේශ
    • සාහිත්‍ය - කලා
    • පරිසර
  • විශේෂාංග
    • කවි ග්‍රැෆික්
    • Citizen කෝචොක්
    • ඇට මැස්සා
    • මහජන ව්‍යවස්ථාව
    • වජ්ජා’වජ්ජ
    • ඇඩ්වර්ටයිසිං ලෝකය
    • ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා
    • වායාම
    • රවාෂ
  • Biz
  • සමාලාප
  • මතවාද
  • බුකිය
  • ආරක්ෂක
  • Life
  • ගොසිප්
  • ක්‍රීඩා
  • වීඩියෝ

වෙනත් පිටු

  • අප ගැන
  • දැන්විම්
  • පිළිතුරු දීමේ අයිතිය
  • භාවිතයේ කොන්දේසි
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • අමතන්න
  • වෙබ් අඩවි අනුරූපිකය
  • Archives

theleaderlk 01

Details
පුවත්
Friday, 25 February 2022 14:49

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි

රුසියානු යුධ ටැංකි යුක්රේනයට ඇතුළුවෙයි (ඡායා-REUTERS)

 

නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් රූපවාහිනි ප්‍රකාශයක් කරමින් පවසන්නේ යුක්රේනයේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය "යුරෝපයේ ආරක්ෂාව සඳහා බරපතල මොහොතක්" බවයි.

"අපිට දැන් යුරෝපයේ යුද්ධයක් තියෙනවා, ඒ පරිමාණයෙන් සහ වර්ගයෙන් අපි හිතුවේ ඉතිහාසයට අයිතියි එකක් කියලා." යැයි ඔහු පැවසීය.

උතුරු අත්ලාන්තික් කවුන්සිලය සමඟ රැස්වීමක් අවසන් කර ඇති බවත්, හදිසි උපදේශන පැවැත්වීමට රටවල් විශාල ලැයිස්තුවක් එකඟ වී ඇති බවත් ඔහු තවදුරත් පැවසීය.

යුක්රේනයේ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන්, එරට රාජ්‍ය ගුවන් ගමනාගමන සේවය යුක්රේන ගුවන් කලාපය වසා දැමීය. එරට සියලු මඟී ගුවන්යානා ගමනාගමනය මේ වන විට අත්හිටුවා තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ මධ්‍යම කියෙව්හි යුක්රේන ආරක්ෂක බුද්ධි මූලස්ථානයට ඉහළින් කළු දුමාරයක් නැඟිනු දැකගත හැකි බවයි.රුසියාව සිය අසල්වැසි රාජ්‍ය වන යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයුමක් දියත් කිරීමත සමග අද උදෑසන රුසියානු මිසයිල ප්‍රහාරවලින් තම හමුදා අණදෙන මධ්‍යස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව යුක්රේනය පවසයි.

රුසියාව යුක්රේන ආක්‍රමණය කරයි

මේ වන විට යුක්රේනයේ කියෙව් අගනුවර හා කාර්කිෆ් නගර ඇතුළු ප්‍රදේශ කීපයකට මිසයිල ප්‍රහාර එල්ල වී ඇතිබවත්, පිපිරුම් සිදුව ඇතිබවත් වාර්තා වේ.

යුක්රේනයේ දේශසීමා ආරක්ෂක සේවය (DPSU) ඡායාරූප කීපයක් නිකුත්කර ඇති අතර, එහි දැක්වෙන්නේ 2014 වන තෙක් රුසියානු ග්‍රහණයේ පැවැති ක්‍රිමියානු අර්ධද්වීපයේ සිට දකුණුදිග යුක්රේනයට ඇතුළුවන රුසියානු යුද රථ පෙළක්බව ඔවුන් ප්‍රකාශ කරයි.

DPSU පවසන්නේ, රුසියානු හමුදා සිය යුද රථයන් යුක්රේනයට ඇතුළු කිරීමට පෙර රට දේශය කාලතුවක්කු ප්‍රහාර එල්ල කළබව යි.

 

A convoy of Russian military vehicles is seen as the vehicles move towards border in Donbas region of eastern Ukraine on February 23, 2022 in Russian border city Rostov.

රුසියානු යුද රථ පෙළක් නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස්හි දේශ සීමාව වෙත ගමන් කරමින් (ඡායා- ANADOLU AGENCY/GETTY)

 

රුසියානු හමුදාවන් බෙලරූස් හරහා උතුරිනුත්, රුසියාවේ සිට නැගෙනහිරිනුත් යුක්රේනයට තුළට ඇතුළුවී සිටිනබව යුක්රේනය පවසයි.


මීට දින 10කට පෙර බටහිර බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ තුලනීක්ෂණයකින් ඇස්තමේන්තුගත කෙරුනේ, රුසියාව උතුරේ සිට කියෙව් නගරයට සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීමට නම්, යුක්රේනයේ වඩාත්ම දක්ෂ හමුදා ඒකකයන් (නැගෙනහිර, ඩොන්බාස් ආසන්නයේ සිටියි) වටකිරීම හා/හෝ අකර්මණ්‍යකර දැමිය යුතුබව යි.

දැනට ලැබී ඇති සාක්ෂිවලින් පෙන්නුම් කෙරෙන්නේ ප්‍රහාරය සෑම දිශාවෙන්ම එල්ලවනු ඇතිය යන්න යි.

people fleeing Kyiv

යුක්රේනයේ ඉන්ධන පිරවුම්හල්හි දිගු පෝලිම් දක්නට ලැබෙන අතර, ජනයා කියෙව් හැරදා පළායෑමට උත්සහ දරන නිසා දිගු වාහන තදබදයක් දක්නට ලැබේ. (ඡායා-GETTY IMAGES)

 

යුක්රේනියානු මාධ්‍යවේදිනියක වන ල්යූබොෆ් වෙලිච්කෝ කියෙව්හි හමුදා කඳවුරක් අසල වෙසෙන්නියකි.

ඇය ප්‍රකාශ කළේ උදෑසන 04.30ට පමණ පිපිරුම් ශබ්ද ඇසීමෙන් ඇය නින්දෙන් අවදිවූබව යි. පිටතට ගිය ඇය "ගින්නක් වැනි යමක්" දැක තිබේ.

පසුව කඳවුර වෙත ගිය ඇය, එය "අහසින් පැමිණි රොකට්වලින් පුපුරුවාහැර තිබුණේයැ"යි ද, දෙදෙනෙකු මියගොස් සිටියේයැ යි ද පවසයි. "මං රොකට් හතක ගණන් කළා," ඇය පැවසුවා ය.

Casualty of Ukraine invasion

රුසියානු ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැ යි වාර්තා වූ යුක්රේන වැසියන් ගණන අටකි. (ඡායා- GETTY IMAGES)

 

රුසියාවේ ක්‍රියාවට ප්‍රතිචාර දක්වමින්, මේ වන විට යුක්රේනයේ පළපුරුදු භටයින් අතරේ ආයුධ බෙදාහැරීමට තීරණය වී ඇතැ යි එරට පොලීසිය ප්‍රකාශ කළබව රොයිටර්ස් පුවත් ඒජන්සිය වාර්තා කරයි.

මේ පුවත පැමිණෙන්නේ, යුක්රේනයේ දේශසීමා ආරක්ෂක ඒකකයන්ට සම්බන්ධ වෙන්නැ යි රජය විසින් යුක්රේනියානුවන් පොළඹවමින් පැවතීම මධ්‍යයේ යි.

Ukrainians find shelter in Metro stations

ජනයා ආරක්ෂාව සඳහා උමං දුම්රිය ස්ථානයන්හි පිහිට පතති. (ඡායා- REUTERS)

 

යුක්රේනයේ තත්ත්වය පිළිබඳව මේ වන විට අප දන්නා තොරතුරු:


# අද මොස්කව් වේලාවෙන් උදෑසන 05:55ට (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 08.25ට) පමණ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කළේ යුක්රේනයේ නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශයේ "විශේෂ හමුදා මෙහෙයුමක්" දියත්කර ඇතිබව යි.

# එය ආත්මාරක්ෂක පියවරක්බව පුටින් ප්‍රකාශ කළේ ය. ඔහු ආයුධ බිම තබන්නැ යි යුක්රේනියානු සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. පිටස්තර කිසිවෙකු රුසියාවට එරෙහිව නැගී සිටීමට උත්සාහ කළහොත් රුසියානු රජයේ ප්‍රතිචාරය "ක්ෂණික" වනු ඇතැ යි ඔහු අනතුරු ඇඟවීය.

# රුසියාව යුක්රේන යටිතල පහසුකම්වලට මිසයිල ප්‍රහාර එල්ලකර ඇතැ යි යුක්රේනය පවසයි. තමා රුසියානු යුද ගුවන් යානයක් වෙඩිතබා බිම හෙලූබව ද යුක්රේනය ප්‍රකාශ කරතත්, රුසියානු රජය එය ප්‍රතික්ෂේප කරයි.


යුක්රේන

# රුසියානු භටයින් රැගත් යුද රථ පෙළපාලි හා යුද ටැංකි සියලු දිශාවන්ගෙන් යුක්රේනයට ඇතුළු වී සිටියි. එක් යුද රථ පෙළක් බෙලරුස් හරහා පැමිණ, කියෙව අගනුවරට උතුරින් වන ප්‍රදේශයකට ඇතුළුවී ඇති අතර, තවත් රථ පෙළක් දකුණින් ක්‍රිමියාවේ සිට ඇතුළුවී ඇත.

# අවම වශයෙන් පුද්ගලයින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

# කියෙව් නුවර වැසියන් නගරයෙන් පළායාමට උත්සාහ දැරීම නිසා මහාමාර්ගවල දිගු වාහන තදබදයක් පවතියි. අනෙකුත් නගරවැසියන් බෝම්බ ප්‍රහාරයන්ගෙන් රැකවරණය පතා භූගත මෙට්‍රෝ දුම්රිය පොළවලට එක්රැස්ව සිටියි. යුක්රේනයේ BBC වාර්තාකරුවන් පවසන්නේ, යුක්රේන වැසියන් ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් පසුවූව ද, මෙම පරිමාණයේ ආක්‍රමණයක් ඔවුන් ද අපේක්ෂා නොකළබව යි.

# යුක්රේනය යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇත. යුක්රේනියානු විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලෙබා රුසියාවට එරෙහි අතිශය ප්‍රබල සම්බාධක පනවන්නැයි ඉල්ලා සිටියේ ය. අන්තර්ජාතික ස්විෆ්ට් බැංකු මුදල් හුවමාරු පද්ධතියෙන් රුසියාව ඉවත් කිරීම ද ඉන් එකකි.

# සත් වසරකින් පසු පළමු වතාවට ඉන්ධන මිළ ද බැරලයකට ඩොලර් 100 දක්වා ඉහළ ගියේ ය. රුසියානු මුදල් ඒකකය වන රූබල්, ඩොලරයට සහ යූරෝවට සාපේක්ෂව කිසිදා නොවූ තරම් පහළ බැස තිබේ.

A man sits outside his destroyed building after bombings on the eastern Ukraine town of Chuguiv on February 24, 2022

රුසියානු බෝම්බ ප්‍රහාරයන්ගෙන් විනාශ වූ සිය ගොඩනැගිල්ල අසල හිඳ සිටින යුක්රේනියානුවෙක්. (ඡායා.- GETTY IMAGES)

 

රුසියාව මෙන්ම යුක්රේනයද යුරෝපයේ නැගෙනහිර මායිමේ පිහිටා ඇත. එය භූමි ප්‍රමාණයෙන් යුරෝපයේ දෙවන විශාලතම රට වන අතර ලෝකයේ විශාලතම රට වන රුසියාව එය ආක්‍රමණය කර ඇත.

යුක්රේනයේ ජනගහනය මිලියන 44 ක් සහ රුසියාවේ එය මිලියන 144 කි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ තම ඉලක්කය යුක්රේනය හමුදාකරණයෙන් මුදවාගැනීම බවයි.

වොලොදිමීර් සෙලෙන්ස්කි රටේ නිදහස වෙනුවෙන් සටන් කරන බවට සපථ කර ඇත: "අපි ශක්තිමත්, අපි ඕනෑම දෙයකට සූදානම්.

"පැරණි සෝවියට් ජනරජයක් ලෙස, යුක්රේනය රුසියාව සමඟ ගැඹුරු සමාජ හා සංස්කෘතික සබඳතා ඇති අතර රුසියානු භාෂාව එහි බහුලව කථා කරයි.

2014 මුල් භාගයේදී එහි රුසියානු ගැති ජනාධිපතිවරයා බලයෙන් පහ කරන විට රුසියාව යුක්රේනයේ භූමියෙන් කොටසක් අත්පත් කර ගත්තේය.

යුක්රේනය එතැන් සිට යුරෝපා සංගමය සහ ආරක්ෂක සන්ධානය වන නේටෝ වැනි යුරෝපීය ආයතන, වෙත සමීප වෙමින් ඇති අතර, පුටින්ට අවශ්‍ය වන්නේ තවදුරටත් එවැනි ඒකාබද්ධ වීම වැලැක්වීමට ය.

රුසියාව යුක්රේන ආක්‍රමණය කරයි

 

 

 



(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

 

Leader Whats app

  

 

 

 

WhatsApp Image 2023 11 03 at 19.11.22 5fdb5551

වීඩියෝ

play රොෂාන්ගේ සිද්ධියෙන් රාජපක්ෂලා උඩට | DEEP EYE| The Leader TV

රොෂාන්ගේ සිද්ධියෙන් රාජපක්ෂලා උඩට | DEEP EYE| The Leader TV

Details
Nov 30
play සජබ මන්ත්‍රීවරුන්ට සජිත් තිත්ත වෙලා | සජිත් ජනපති - රොෂාන් අගමැති : සජබ කැම්පේන් සූදානම්

සජබ මන්ත්‍රීවරුන්ට සජිත් තිත්ත වෙලා | සජිත් ජනපති - රොෂාන් අගමැති : සජබ කැම්පේන් සූදානම්

Details
Nov 30

නවතම පුවත්

1

HIV: 'ඒ ඇති වෙච්ච බය, මානසික පීඩාව මම මැරෙනකම් හිතේ තියෙයි'

Details
Dec 1
2

'විපක්ෂනායක ගැන තීරණයක් ගන්න' - අගමැති

Details
Dec 1
3

රූපවාහිනියේ දිනෙත් කුමාර අත්අඩංගුවට ගැනීම සීමාව ඉක්මවා ක්‍රියාකිරීමක් !

Details
Dec 1
4

උතුරේ බිම් තීරයක් පවරා ගැනීමේ යෝජනාවකින් ජනතාව නොසන්සුන්

Details
Dec 1
5

ප්‍රාදේශීය බලතල නොදීම නිසා හතලිස් අවුරුද්දක් අම්පාරේ ප්‍රශ්න

Details
Dec 1
6

ඇමරිකානු උසාවිය රොනාල්ඩෝට එරෙහි පැමිණිලිකාරියගේ ඇපෑල ඉවත දමයි

Details
Dec 1
7

දේශබන්දුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Details
Dec 1
8

දේවගැති ජෙරොම් රිමාන්ඩ් බාරයට

Details
Dec 1
9

කෝප් සභාවට සිදුවන්නේ කුමක්ද? - අනුර ප්‍රශ්න කරයි

Details
Dec 1
10

ඩයනා, සුජිත් හා රෝහණට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුව‍යි

Details
Dec 1

Life

ලෝකයේ ළාබාල ආච්ච්ලා

Details
Nov 17

Gossip

ඇමතිකම නැතිවුණු රොෂාන්ට මන්ත්‍රීකමත් නැති වෙයි ද ?

Details
Nov 30

The Leader අපගැන  -  පිළිතුරු දීමේ අයිතිය  -  භාවිතයේ කොන්දේසි  -  පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය  -  කුකීස්  -  දැන්වීම්  -  The Leader අමතන්න -  වෙබ් අඩවි අනුරූපිකය

Copyright © 2023 TheLeader.lk. All Rights Reserved. .