theleaderlk 01

'අනිද්දා' ජාතික පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ මාධ්‍යවේදී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ හට දිගින් දිගටම ලැබෙන දුරකතන තර්ජන පිළිබඳව කරන ලද පැමිණිලි දෙකකටම නිසි ප්‍රතිචාරයක් නැති බව ශ්‍රී ලංකා

වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියා සිටී.

මෙම තර්ජන ලැබෙන්නේ 077 3037462 දරණ දුරකතන බව ද එහි සඳහන් වේ.

පසුගිය වසරේ (2021) දෙසැම්බර් 04 දා පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් කරන ලද මුල් පැමිණිල්ලෙන් පසු පෙබරවාරි 16 දා තවත් පැමිණිල්ලක් කර තිබේ.

කොළඹ මෝදර පොලිස් වසමේ පදිංචි, ‘අනිද්දා’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ මෙන්ම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු සහ වර්තමානයේ විධායක කමිටු සභිකයෙකු ද වන ලසන්ත රුහුණගේ වෙත ඉහත සඳහන් දුරකථන අංකයෙන් තවමත් මගහැරුණු ඇමතුම් (missed calls) ලබා දීම් සිදුවන බව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කල පැමිණිල්ලේ සඳහන් වේ.

මේ පිළිබඳව පොලිස්පතිවරයා  මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යවරයාද දැනුවත් කර ඇතත්, අද දක්වා කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම තුළ මෙම සිදුවීම රජයේ හෝ පොලිසියේ උසස් නිළධාරින්ගේ අනුදැනුම මත සිදුවෙන්නක්ද යන සාධාරණ සැකය මතුවන බව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

මෙලෙස ලැබෙන දුරකතන ඇමතුම් ලසන්ත රුහුණගේ ගේ නිදහස් මාධ්‍යකරණයට දැඩි බලපෑම් එල්ල කරවන්නක් බැවින්, මෙම සැකකටයුතු දුරකතන අංකය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකොට ඊට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරවන මෙන් ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති හා ලේකම්ගේ අත්සනින් යුතුව පොලිස්පතිට යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

 

 

Leader Whats app