ශ්‍රී ලංකාව මියන්මාර් සැකකටයුතු සහල් ගනුදෙනුව පිටුපස සිටින්නේ ප්‍රබල ඇමැතිවරයකුගේ පුත්‍රයකු හා රාජ්‍ය වානිජ්‍ය නීතිගත සංස්ථාවේ (STC)

ප්‍රධානියකු  බව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාකර තිබේ.

ශ්‍රී ලංකාව මියන්මාරයෙන් ඇනවුම් කර ඇති සහල් තොග වෙනුවෙන් , මියන්මාරය වෙනත් රටවලට අලෙවි කරන මිලට වඩා රුපියල් කෝටි 305 කට අධික මුදලක් ගෙවීමට සිදුව ඇතැයි 'අරුණ' පුවත්පත අනාවරණය කර තිබිණ.

මේ වන විට දෙරට රජයන් අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 1 ක් මිලදී ගැනීමට නියමිත වන්නේ ඩොලර් 440 ත් 450 ත් අතර මිලකටය.

එහෙත් මියන්මාරයේ ප්‍රමුඛතම දිනපතා පුවත්පත  'ද ග්ලෝබල් නිව් ලයිට්' (The global new light ) අනාවරණය කර ඇති  ආකාරයට මියන්මාරය මෑතකාලීනව වෙනත් රටවලට සහල් තොග අලෙවි කර ඇත්තේ, මෙට්‍රික් ටොන් 1ක් ඩොලර් 340 ත් 350 ත් අතර මිලකටය. ඒ අනුව ශ්‍රී ලංකාව මියන්මාරයෙන් මිලදී ගන්නා සහල් මෙට්‍රික් ටොන්  01ක් වෙනුවෙන් වැඩිපුර ගෙවන ලද මුදල ඩොලර් 100 කි. (රුපියල් 20.300 ක වැඩි මුදලක්).



sdretr

එම පුවත්පත් වාර්තාවට අනුව දෙරට අතර අත්සන් තබා ඇති ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව ආනයනය කිරීමට නියමිතව ඇති සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් දහසකි.

එහිදී 2022 සහ 2023 යන වසර දෙක වෙනුවෙන් සුදු හාල් මෙට්‍රික් ටොන් 100,000 ක් සහ නාඩු මෙට්‍රික් ටොන් 500,000 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙනු ඇතැයි මියන්මාරයේ Bayinanaung නම් ප්‍රධාන සහල් ගබඩාවේ ලේකම් යූ තාන් ඕ (U Than O)  ප්‍රකාශ කර ඇත.

ඒ අනුව වෙනත් රටවලට සාපේක්ෂව මෙම සහල් ගනුදෙනුව වෙනුවෙන් ශ්‍රී ලංකාව වැඩිපුර ගෙවනු ලබන මුදල ඩොලර් 15 000 000 (රුපියල් කෝටි 304.5 කට) අධික වේ.

loskjd

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධනගෙන් 'අරුණ' පුවත්පත කරණ ලද විමසීමකදී ලේකම්වරිය සදහන් කර ඇත්තේ, අදාල පුවත්පතට පදනම්ව ඇති තොරතුරු අපැහැදිලි බවයි.


"මෙම ප්‍රවෘත්තිය සාක්ෂි නොමැතිව පල කරපු ඇති එකක්. එවැනි අඩු මිලකට සහල් ලබා දී තිබෙන්නේ මොන රටටද, කවදාද කියන තොරතුරු එහි සදහන් වෙන්නේ නැහැ. අනික් කාරණය තමයි දෙදාහස් 19 දී පැවතුණු මිලට වඩා මේ වන විට සහල් මිල ඉහල ගිහින් තියෙනවා. නැව් ගාස්තු ඉහල යාම නිසා මුලින් මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 490 කට මිලදී ගැනීමට සාකච්ඡා කෙරුනත් පසුව අපි ඒ මිල ඩොලර් 440 දක්වා පහත දමා ගෙනත් තියෙනවා. සාක්ෂි සහ තොරතුරු සහිතව වාර්තා කළොත් අපිට නිවැරදිව පිළිතුරු දෙන්න පුලුවන්.'' ලේකම්වරිය පවසා ඇත.


කෙසේවුවද මෙම සහල් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ද සැක මතුකර තිබිණ.

පෙරේදා (28) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුයේ, ඩොලර් මිලියන 15ක් රටට අහිමි වන මියන්මාර් සහල් ගණුදෙනුව සැක සහිතය බවයි.

.


මියෙන්මාර් තානාපති කාර්යාලය කියන කතාව !


මෙම සහල් ගනුදෙනුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ලවෙමින් තිබියදී, ශ්‍රී ලංකාවේ මියෙන්මාර් තානාපති කාර්යාලයේ වානිජ්‍ය අංශය පෙරේදා (පෙබ. 28) නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, ශ්‍රී ලංකාවට අපනයනය කරනු ලබන සහල් වල ගුණත්වය පිළිබඳ නිසි පරිදි සහතික වන බවයි.

සිය රටේ Global News Light නම් වූ වෙඩ් අඩවියේ පළ කරන ලද ලිපිය පිළිබඳව, මියන්මාර් සහල් සම්මේලනය විසින් කරන පැහැදිළි කිරීමක් එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ සිංහල පරිවර්තනය මෙසේය.


මියන්මාර් ජනරජය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට සුභාශිංසන එක් කරනු ලබන අතර "මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමෙන් ඉහළ මිලක් උපයා ගත හැකී" යනුවෙන් පුද්ගලික ආයතනයක් මඟින් පාලනය කරනු ලබන Global News Light  නම් වූ වෙඩ් අඩවියේ පළ කරන ලද ලිපිය පිළිබඳව පැහැදිළි කිරීමක් මියන්මාර් සහල් සම්මේලනය විසින් පහත පරිදි දක්වනු ලැබේ.

1. මෙම ලිපිය මියන්මාර් සහල් සම්මේලනය විසින් පළ කරන ලද්දක් නොව බටින්ටනෝන්ග් සහල් තොග ගබඩාවේ සහල් වෙළෙන්ඳෙකු වන තාන් ඕ සමග නිදහස් මාධ්‍යවේදියෙකු විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවක් අනුව ලියන ලද්දකි.

 

2. ශ්‍රී ලංකා රජය විවේචනය කරමින් මෙම ලිපියේ අන්තර්ගත කරුණු සමහර අදහස් ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ ප්‍රචාරය වීම ඛේදජනක තත්වයකි. මෙම තත්වය මත මියන්මාර් රජය විසින් පහත පරිදි කරුණු ඉදිරිපත් කොට පැහැදිළි කිරීමට කටයුතු කරනු ලැබේ.

 

3. මෙම ලිපිය සකසා ඇත්තේ FOB මිළ ගණන් සහ CIF Colombo මිල ගණන් සම්බන්ධයෙන් වරදවා වටහා ගැනීමකිනි. සත්‍ය වශයෙන්ම ටොන් එකකට ඩොලර් 340-350 වනුයේ FOB මිළ ගණන් වන අතර ඩොලර් 440 යනු CIF Colombo මිළ ගණන්ය. මෙම මිළ තුළ නැව් ගාස්තු, රක්ෂණ ගාස්තු හා අනෙකුත් ගාස්තු ඇතුළත් වේ.

4. ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව පූර්ව දැනුම්දීම සිදුකළ පරිදි CIF Colombo මිළට අනුව සහල් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 440 ක අවම මිලකට ලබා දී ඇත්තේ දින 90 ක ණයවර ලිපියක් හරහාය. මෙම ගාස්තු හා ගෙවීම් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අපනයනය කරනු ලබන සහල් මිලට අතීශය සමාන වන අතර එය මියන්මාරයෙන් අනෙකුත් රටවලට අපනයනය කරනු ලබන සහල් මිලටද සමාන වේ.

5. එමෙන්ම එම ලිපිය සාවද්‍ය ලෙස පෙන්වා දී ඇත්තේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට අපනයනය කෙරෙන සහල් වර්ගය බාධාවකින් තොරව අපනයනය කෙරෙන බවයි. නමුත් සත්‍ය වශයෙන්ම, ශ්‍රී ලංකාවට අපනයනය කරනු ලබන්නේ නිසි ලෙස ඇඹරුම් කරන ලද, පොලිෂ් කරන ලද, වෙන් කරන ලද සහ නිසි තාක්ෂණයෙන් තුන්වන පාර්ශවයකින්ද තත්වය සහතික කළ 5% ක් කැඩුණු සුදු සහල් ය.

ඒ අනුව මියන්මාර් තානාපති කාර්යාලය විසින් මෙමඟින් නැවතත් ශ්‍රී ලංකාවට අපනයනය කරනු ලබන සහල් වල ගුණත්වය පිළිබඳ නිසි පරිදි සහතික කරමු.

 PHOTO 2022 03 02 14 08 26 1PHOTO 2022 03 02 14 08 26

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්