1200 x 80 DMirror

 
 

රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාමයන වයස අවුරුදු 65 දක්වා දීර්ග කිරීමට රජය පසුගිය අයවැයෙන් යෝජනා කළේය.



එහෙත් සේවාකාලය දීර්ග කිරීමට ගත් එම තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් ඇතිබව නොපෙනේ. බැලූ බැල්මට මෙම තීන්දුව රාජ්‍ය සේවකයින් සතුටු කිරීමේ ප්‍රයෝගයක් වශයෙන් ගත් දේශපාලන තීන්දුවකි. නැතහොත් රජය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදයට පැලැස්තරයකි.

ඒවැනි සේවා දීර්ග කිරීමක දී සලකා බැලිය යුතු කරුණු ගණනාවක් පැවතිය ද ජනගහනයේ ආයු අපේක්‍ෂාව ඉහළයාම පමණක් එකම සාධකය වශයෙන් ගෙන විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම ඉතාම හාස්‍යජනකය.

 

පුහුණු මානව ශ්‍රමය සපයා ගැනීමේ ගැටළු ඇති බොහෝ රටවල් විශ්‍රාම වයස ඉහළ දැමීම මගින් ශ්‍රම අව්‍යතාව සපුරා ගනී. නැතහොත් සේවකයාගේ කායික මානසික සහ කාර්යඵල සාධනය ඇගයීම මත විශ්‍රාම වයස තීරණය කිරීම වැනි ක්‍රමවේද අනුගමනය කරයි.

 

ජපානය වැනි රටවල යාවජීව සේවා නියුක්තියක් නැතහොත් විශ්‍රාම ගැනීමේ නිශ්චිත වයසක් නැත. සේවකයාට තම කායික, මානසික යෝග්‍යතාව අනුව එය තීරණයකළ හැකිය. නමුත් ජපානයේ පවතින වැඩ සහ ආයතනික සංස්කෘතිය අනුව කාර්යඵල සාධන මට්ටම පවත්වා ගැනීම අත්‍යාවශ්‍යය. ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ ද කාර්යඵලසාධනය මත වැටුප් තීරණයවන සහ විශ්‍රාම යන වයස තීරණයවීමයි.  

  අප දන්නා තරමට ශ්‍රී ලංකාවට එවැනි පුහුණු ශ්‍රමය සපයා ගැනීමේ ගැටළුවක් රාජ්‍ය අංශයට නැත. අනෙක් අතට රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාව හා ඵලදායීතාව අනුව වැටුප් ගෙවන ක්‍රමයක් ද නැත. රාජ්‍ය අංශය දැනටත් ආර්ථිකයට ඉසිලිය නොහැකි තරමට ප්‍රසාරණය වී ඇත.

ඒ අතරම විරැකියාවෙන් හෝ ඌන සේවා නියුක්තියෙන් පෙළෙන තරුණ උපාධිධාරීන් සෑම වර්ෂයකම ශ්‍රම බලකායට අලූතින් එකතුවේ. එවැනි තත්ත්වයක් තුළ විශ්‍රාම වයස ඉහළ දැමීම කොතෙක් නිවරදි තීරණයක්දැයි සොයා බැලීම වැදගත්ය.

 

වර්තමානයේ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලයේ ද සේවා කාලය වසර පහකින් දීර්ග කළ යුතුයැයි සාකච්ඡා වෙමින් පවතින අතර රජය ද ඒ සඳහා ඉතා උනන්දුවෙන් ක්‍රියාකරන බව ද පෙනේ.

 

දැනටත් රාජ්‍ය අංශයේ සෙසු සේවකයින්ට වඩා අවුරුදු 5ක් වැඩිපුර සේවය කිරීමෙන් පසු විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල විශ්‍රාම ගනී. නැතහොත් ඔවුන්ගේ විශ්‍රාම වයස 65යි. මෙම සීමාව අවුරුදු 70 දක්වා දීර්ඝ කිරීම කළහොත් එය විශ්වවිද්‍යාල අධ්‍යාපනය දැනට මුහුණ දී ඇති අර්බුදය තවදුරටත් නිසැකවම වැඩිකරනු ඇත.

 දැනටත් පශ්චාත් උපාධි නිමකිරීමට විදෙස්ගතවන අය නැවත රටට නොපැමිණිමේ වාතාවරණයක් පවතී. මේ තත්ත්වය අනිවාර්යයෙන් ම විශ්‍රාම වයස 70 දක්වා වැඩි කළහොත් උග්‍ර අතට හැරේ.

උදාහරණයක් වශයෙන් වයස අවුරුදු 35 දී ආචාර්ය උපාධිය නිමකරන කෙනෙක් විශ්වවිද්‍යාලයට බඳවාගත හැකි වන්නේ ඔහුගේ/ඇයගේ වයස අවුරුදු 40 දීය. ඒ නිසා ඔහු/ඇය ආචාර්ය උපාධිය නිමකළ රටේම නැවතී සිටීම වඩා යෝග්‍යයැයි  සිතයි. ඒ අනුව ඉදිරියේ දී විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලවලට පශ්චාත් උපාධි නිමකළ අය බඳවා ගැනීම අතිශය අර්බුදකාරී තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකිය.

 

ශ්‍රාස්ත්‍ර පීඨවලටත් වඩා මෙම ප්‍රශ්නය විද්‍යා හා ඉංජිනේරු වැනි අංශවලට ප්‍රබල ප්‍රශ්නයක් වනු ඇත. දැනටත් එම පීඨවලට පශ්චාත් උපාධිසහිත පුහුණු උපාධිධාරීන් අධ්‍යයන කාර්ය මණ්ඩලවලට බඳවා ගැනීම ගැටළුවක්ව පවතී.

 

ඊට එක් හේතුවක් වන්නේ විදේශ රටවල ඔවුන්ට ඇති ඉල්ලූම හා ඉහළ වැටුප් මට්ටමට සාපේක්‍ෂව ලංකාවේ තත්ත්වය පහළ මට්ටමක පැවතීමයි. අනෙක් අතට ලංකාවේ පවතින දූෂිත ජරාජීර්ණ දේශපාලනික සහ සමාජ පරිසරය විසින් ඔවුන් එම රටවලම සිටීමට අමතර උත්තේජනයක් සපයයි.

විශ්‍රාම යන වයස තවත් අවුරුදු 5න් වැඩිකිරීම යනු ඔවුන්ට විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට ඇතුළත්වීමට ඇති කැමැත්ත හෝ ඉඩ ප්‍රස්ථාව තවත් අවුරුදු 5කින් කල් දැමීමය. අනිවාර්යයෙන් ම එය ඔවුන් මෙරරට පැමැණිමට ඇති කැමැත්ත අවහිර කරයි.

එහි ප්‍රතිඵලය වන්නේ විශ්වවිද්‍යාලවලට සාමාන්‍ය උපාධියෙන් විශිෂ්ඨ දක්ක්‍ෂතා දැක්වූ කෙටි කලකින් පශ්චාත් උපාධි නිමකර පිරිස් අහිමිවීමය. ඒ වෙනුවට ඊට පහළ සුදුසුකම් සහිත පිරිස් බඳවාගැනීමට සිදුවේ. එය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට දැඩිව බලපායි.


2011 සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ගෙන ගිය අරගලවල ප්‍රධාන සටන් පාඨයක් වූයේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ දැමීමයි. අපට පෙනීයන ආකාරයට නම් විශ්‍රාම වසය තවදුරටත් ඉහල දැමීම ගුණාත්මකභාවය ඉහළ දැමීට නොව පහළ දැමීමට වැඩිපුර හේතුවනු ඇත. ඒ අනුව ආචාර්යවරුන්ගේ සංගමය මීට ඉඩ දෙන්නේ නම් ඉදිරියේ දී ඔවුන්ට තම සටන්පාඨය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමේ හැකියා අභියෝගයට ලක්වනු ඇත.


සාමාන්‍යයෙන් වෘත්තීය සාධනය අනුව වයස අවුරුදු 65ක් යනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මහාචාර්ය හෝ ජ්‍යෙෂ්ට මහාචාර්ය තනතුරට පවත්වේ. එය ඔවුගේ හෝ ඇයගේ වෘත්තීය සාධනයේ ඉහළම මට්ටමයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලබන වැටුපෙන් ආචාර්ය උපාධිය සහිත දෙදෙනෙක් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට බඳවාගත හැකිය. කථිකාචාර්ය තනතුරට නම් තුන්දෙනෙක් බඳවාගත හැකිය.

අනෙක් අතට කායික මානසික ඇගයීමකින් තොරව වයස අවුරුදු 65 ඉක්ම වූ පසු සේවය කළහැකි ද යන්න නැවත සිතා බැලිය යුතුය.

 

විශ්‍රාම වයස් 70 දක්වා ඉහළ  දැමීමට පක්‍ෂව අදහස් දක්වන වැඩි දෙනෙක් තර්ක කරන්නේ වයස 65න් පස්සේ තම විශ්‍රාම ජීවිතය ආර්ථික වශයෙන් දැඩි ප්‍රශ්නවලට මුහුණ දෙන බවයි.

 

එහි යම් සාධාරණ බවක් ද පෙනේ. එහෙත් එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ විශ්‍රාම දිවිය වේලාසනින් සැලසුම් නොකිරීම නිසාය. නැතහොත් ඊට ගැලපෙන යාන්ත්‍රණයක් නොමැතිකමය.

පක්‍ෂව තවත් තර්කයක් වන්නේ වයස අවුරුදු 65න් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ දැනුම, ඵල පුරුද්ද ඊට පහළ පරම්පරාවට අවශ්‍ය වන බවයි. එය ඉතා වැදගත්, වලංගු තර්කයකි.

අපදන්නා ආකාරයට ඔවුන්ගේ සේවාව තවදුරටත් ලබාගැනීමට දැනට පවතින ක්‍රමවේදය තුළ වුව ද කිසිදු බාධාවක් නැත.

සම්මානිත මහාචාර්ය තනතුරු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇත්තේ එවැනි පිරිස්වල සේවය තවදුරටත් ලබා ගැනීමටය. අනෙක් අතට කිසියම් මහාචාර්යවරයෙකුගේ සේවය අවශ්‍යනම් ඔහු/ඇය තවදුරටත් කොන්ත්‍රාත් පදනම මත හෝ බාහිර දේශකවරයෙකු වශයෙන් බඳවා ගැනීමේ කිසිදු අවහිරයක් නොමැත.

ඒ අනුව කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් දක්වා දීර්ගකිරීමට අනුරූපව විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලවල විශ්‍රාම වයස 70 කිරීම හෝ එසේ කිරීමට යෝජනාකරීම පදනම් විරහිත ජුගුප්සාසහගත දෙයකි.


sujeewa(සුජීව සෙනරත්)
නිදහස් මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 


විශ්වවිද්‍යා ආචාර්ය වරුන්ට ලොතරැයියක් ඇදෙන්න යයි !- මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 65 සිට 70 දක්වා දිග් කිරීම සම්බන්ධයෙන් පවතින කතිකාව එක්වෙමින්,  කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

ආණ්ඩුවට මේ තත්වය වාසිදායකයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි - aithiyaවිශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 65 සිට 70 දක්වා දිග් කිරීම සදහා ව්‍යාපාරයක් දියත් වී තිබේ. මෙසේ වුවහොත් ජ්‍යේෂ්ඨ මහාචාර්ය තත්වයේ සිටින විශාල පිරිසකට අවුරුදු පහක් සදහා වැටුප් ගෙවීමට රාජ්‍යයට සිදුවේ. විශ්‍රාම යන පිරිස් වෙනුවට අලුතින් බදවා ගන්නා කතිකාචාර්යවරුන්ට ගෙවන වැටුපට සාපේක්ෂව මෙය ඉතා ඉහළ අමතර වියදමකි. හරිම අපූරු දෙය වන්නේ මේ සදහා වැඩිපුර පෙනී සිටින්නේ ආණ්ඩුයට සහය දක්වන ආචාර්යවරු වීමයි.


මේ නිසා බොහෝ දුරට වැඩක් නොකර පඩි ගන්නා මහාචාර්යවරු විශාල ප්‍රමාණයකට නිකං පඩි ගෙවීමට රාජ්‍යයට සිදුවේ.

මෙයින් වාසි ලබන්නේ අර්ජුන පරාක්‍රම, ජයදේව උයන්ගොඩ, නලින් ද සිල්වා (පසුව කී දෙදෙනා දැන් සේවයේ නැතත් නම් සදහන් කලේ උදාහරණ ලෙසයි) වැනි උසස් මට්ටමේ අයනම් කමක් නැත. මේ නිසා මා වැනි මීඩියෝකර් වර්ගයේ කට්ටියටත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තත්වයට ලගා වී අවුරුදු 70ක් වෙනතෙක් ලක්ෂ 5කට ආසන්න මාසික වැටුපක් ලබා ගැනීමේ ලොතරැයි දිණුම හිමිවේ.

 අඩුම තරමින් මේ සාපරාධී තීන්දුව ගන්නේ නම් 65න් පස්සේ ලැබෙන්නේ මූලික වැටුප පමණක් ය වැනි කොන්දේසියක්වත් ඇතුලත් කළ යුතුය. මූලික වැටුප දීමනා සමග වැටුපෙන් තුනෙන් එකක් පමණි.''

 PHOTO 2022 03 03 15 15 17 1PHOTO 2022 03 03 15 15 17Letter to FUTA UTA USj decisions on retirement age of academics page 0001Letter to FUTA UTA USj decisions on retirement age of academics page 0002

 

 

 

Leader Whats app

 

 

 


 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්