පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සලසා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ජාත්‍යන්තරය සරණ ගොස් තිබේ.


“පාස්කු ඉරුදින  ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරගැනීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටුකරගැනීම සම්බන්ධයෙන්”  කොළඹ අගරදගුරු හිමියන් ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය සමග සාකච්ඡා කළ බව කොළඹ අගරදගුරු පදවිය පවසයි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ජගත් මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ අතර ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී  මාර්තු 2 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2.30 ට විනාඩි 45 ක පමණ කාලයක සාකච්ඡාවක් පැවැති බව කොළඹ සහයක රදගුරු ජේ.ඩී ඇන්තනී හිමියෝ  නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරති. 



ජිනීවා යාමට පෙර කාදිනල් හිමිපාණන් වතිකානයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැක තිබෙනු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල පල කර තිබුනත් කරන ලද සාකච්ඡා කරන ලද දේ ගැන කිසිත් මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැත.

එහිදී කාදිනල් හිමියන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කතෝලික සභාව මාධ්‍ය හමුවක් කැඳවා තිබූ නමුත් නොවැළැක්විය හැකි හේතුවක් මත එය නොපැවැත්වෙන බවත් ඉදිරි දිනයකදී ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන බවත්  කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදනය අධ්‍යක්ෂ  ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් උපුටා දක්වන කිතුනු පුවත් වෙබ් අඩවියක් සදහන් කර තිබේ.

image 1


02 8


 

Leader Whats app

 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්