විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින්

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

වාසුදේව නානායක්කාර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සන්ධානයේ නායකයකු වන අතර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර එම සන්ධානය නියෝජනය කරන විමල් වීරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධානියෙකි.

ආණ්ඩුවේ අඩුපාඩු හදමින් ඉදිරියට යාම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් පෙරේද (02) යෝජනාවලියක් ඉදිරිපත් කල අතර ඒ සඳහා වූ උත්සවයේදී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් මුදල් අමාත්‍යවරයාගේ භාවිතාව දැඩි ලෙස විවේචනය කළේය.

ඒ අනුව තම සහෝදරයා විවේචනය කරනු ලැබූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් වහාම අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ, ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2)(අ) ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.



''අස්වීමේ ලියුම් දෙන්න ඇවිත් ප්‍රෙට්‍රල් පුච්ච ගන්න එපා''

විමල් වීරවංශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ජනාධිපතිවරයාගේ ලිපිය ජනාධිපති කාර්යාල නිලධාරීන් විසින් ඔහුගේ නිවසටම පැමිණ ආරක්ෂක අංශ වෙත බාර දී තිබු අතර ගම්මන්පිල මන්ත්‍රී වරයාට අදාල ලිපිය බාර දීමට ජනාධිපති කාර්යාල නිලධාරීන් අසමත තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියකු විමල් විරවංශ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වට දුරකථන ඇමතුමක් ලබාදෙමින්, අමාත්‍ය තනතුරින් ඉවත් කිරීමේ ලිපිය බාරදීම සඳහා ගම්මන්පිල මන්ත්‍රීවරයා සිටින තැනක් විමසා තිබේ. '' ඇමතිතුමා අස්කරපු එක අපි නිව්ස්වලින් දැක්ක. දැන් ඔය ලියුම දෙන්න ඇවිත් , පෙට්‍රලුත් නැති කලේ නිකන් පෙට්‍රල් පුච්චගන්න එපා. '' පෞද්ගලික ලේකම්වරයා, ජනාධිපති කාර්යාල නිලධාරියාට පවසා තිබේ.

ජනාධිපති කාර්යාල නිලධාරියා උදය ගම්මන්පිල  හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියකුට ද දුරකථන ඇමතුමක් ලබාදෙමින්, ජනාධිපතිවරයාගේ ලිපිය බාර ගන්නැයි දැනුම් දී ඇතත් ඔහුද පවසා ඇත්තේ, ''නිකන් පෙට්‍රල් පුච්චගෙන කරදර වෙන්න එපා ..'' කියාය.


අද විශේෂ පුවත්පත් සාකච්ජාවක් !

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සන්ධානයේ නායකයින්ගේ විශේෂ පුවත්පත් සාකච්ජාවක අද (04) දහවල් 10.00 ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

මතභේදයට තුඩු දුන් කෙරවලපිටිය විදුලි බලාගාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමේ ගොනුකළ පිරිස් අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල සමග අමාත්‍ය වාසුදේව නානායක්කාර ද සිටියේය.

ජනාධිපතිවරයා විසින් ඊයේ (03) කැඳවා තිබු රැස්වීමකදී හවුල්කාර පක්ෂවල නායකයින් අමාත්‍ය ධුරවලින් නෙරපුමට බැසිල්වාදීන් විසින් ජනාධිපතිවරයා වෙත දිගින් දිගටම බලපෑම් කර ඇතත් අගමැති මහින්ද රාජපක්ෂ ඒ කිසිවකට ප්‍රතිචාර දක්වා නොතිබිණ.

2015 පරාජයෙන් පසු ඇතැමුන් රටින් පවා පලාගිය අවස්ථාවකදී තමාට ශක්තියක් ලබාදෙමින් රාජපක්ෂවරු යලි බලය ලබාගැනීමට විශාලම කාර්ය භාරය කලේ විමල් විරවංශ විසින් බව අගමැති මහින්ද රාජපක්ෂ කිහිප අවස්ථාවකදීම ප්‍රසිද්ධ වේදිකාවලදී අවධාරණය කර තිබිණ.

පහත දැක්වෙන්නේ පසුගිය මහ මැතිවරණයේදී අගමැතිවරයා විමල් වීරවංශ සම්බන්ධයෙන් ජනතාවට සහතික වූ ආකාරයයි. අගමැතිවරයා මෙහිදී විමල් විරවංශ වැඩිම මනාපයෙන් කොළඹින් දිනවන්නැයි ඉල්ලා සිටිද්දී, බැසිල් රාජපක්ෂ විසින් විමල් වීරවංශ අභිබවා සරත් විරසේකට ඉදිරියට ගැනීමට පොහොට්ටු ක්‍රියාකාරීන්  හරහා රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණ.
 

සබැඳි පුවත්

දිනේෂ් එපා කිව්ව විමල්ගේ ඇමතිකම එස්.බී බාරගනී

උදය කැබිනට්ටුවෙන් ඉවතට : පවිත්‍රාට හා ගාමිණිට නව අමාත්‍ය ධුර - දිනේෂ් බෑ කියයි  

'විමල්ලත් එක්ක බෑ' - බැසිල් කියයි : හදිසි කැබිනට් සංශෝධනයක්

විමල්ලාගේ රැස්වීමට ගිය 'මහින්දවාදීන්' දෙදෙනාට විනය පරීක්ෂණයක් !

 

 Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්