leader s


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් හා අගමැති මහින්ද රාජපක්ෂ අතර ඊයේ (04) රාත්‍රී 7.00ට අරලියගහ මන්දිරයේදී සිදුකිරීමට නියමිතව තිබු විශේෂ සාකච්ඡාව හිටි හැටියේම කල්දමා තිබිණ.


ඊයේ දහවල් අමාත්‍ය වාසුදේව නානායක්කාර වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කර තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂ විසිනි.

ඒ අනුව, එම සාකච්ජාව සඳහා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සමග බැසිල් රාජපක්ෂගේ බලපෑම් මත ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධූරවලින් නෙරපනු ලැබූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ද එක්වීමට නියමිත බව සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

ඊයේ සවස 7.00 වන විට මාධ්‍යවේදීන් විශාල පිරිසක් මෙම හමුව වාර්තා කිරීම සඳහා අරලියගහ මන්දිරය වෙත පැමිණ සිටියද සාකච්ජාව නොපැවැත්වෙන බව පසුව ඔවුන්ට දැනුම්දී තිබිණ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බලපෑම් මත එම හමුව අවලංගු කිරීමට අගමැතිවරයාට සිදුවූ බවට ඇතැම් සමාජ මාධ්‍ය වල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් අප කල විමසීමකදී අගමැති කාර්යාලයේ නිලධාරියකු පැවසුයේ, අගමැතිවරයා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් අතර හමුව ඉදිරි සතියේ සිදුවනු ඇති බවයි.

ඊයේ රාත්‍රී පැවැත්වීමට තිබු සාකච්ජාව අවලංගු කලේ ඇයිදැයි තමන් නොදන්නා බවද එම ප්‍රකාශකය සඳහන් කළේය. 

Leader Whats app

 

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්