leader s

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සමග පැමිණි පිරිසක් සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබේ.


මීට සුළු වේලාවකට පෙර ඇතුල් කෝට්ටේ පිහිටි සජබ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ පිරිස එම කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර පසුව එම ස්ථානයෙන් පිටව ගිය බව එම පක්ෂයේ ප්‍රකාශයකු පැවසිය.

සජබ කාන්තා අංශයේ ප්‍රධානියක වන හිටපු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවක් පිරිසක් පෙරේදා ජනාධිපතිවරයාගේ නිවාස ඉදිරිපිටට ගොස් විරෝධතාවයක් පැවැත්වීමට එරෙහිව එකට එක කිරීමක් ලෙස මෙම බිත්තර ප්‍රහාරය එල්ලකර ඇති බව වාර්තාවේ.

හිරුනිකා විසින් සංවිධානය කර තිබු එම විරෝධතාවයෙන් අනතුරුව ආණ්ඩුවේ හිතවතුන් පිරිසක් ඇයගේ නිවාස වටකොට උද්ඝෝෂණයක් කර තිබු අතර හිරුනිකාව එරෙහිව 'වොයිස් කට්' ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු ආණ්ඩු පක්ෂයෙන් ඇමතිවරියන් හා මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකු ගෙන් ඉල්ලීමක් කර තිබුනද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොතිබිණ.

 

 {gallery}SJB{/gallery}

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්