leader s

ජ්‍යෙෂ්ඨ පුවත්පත් ඡායාරූප ශිල්පී එස් චිත්‍රානන්ද මහතා ඊයේ (07) අභාවප්‍රාප්ත විය.


මිය යන විට 76 වන වියේ පසුවු ඒ මහතා, දවස, ලංකාදීප හා ලේක්හවුස් ආයතනවල ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළේය.

වසර 40 කට අධික කාලයක් ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කළ චිත්‍රානන්ද මහතා, විශ්‍රාම යනවිට ලේක්හවුස් ආයතනයේ ඡායාරූප කර්තෘ ලෙස සේවය කළේය.

ඔහුගේ දේහය අද (08) පෙරවරු 9.30 සිට බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත්කර තිබෙන අතර, අවසන් කටයුතු හෙට (09) පස්වරු 5.30 බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකෙරෙන බව පවුලේ ඥාතින් පවසති.

එස් චිත්‍රානන්ද මහතා, ප්‍රකට රංගන ශිල්පියකු වන සුනෙත් චිත්‍රානන්ද ගේ දයාබර පියාණන් වේ.

 

Leader Whats app

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්