1200 x 80 DMirror

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තවත් විශ්‍රාමික හමුදා ප්‍රධානින් දෙදෙනෙකු වෙත රජයේ ඉහල තනතුරු ලබාදී ඇත.



ඒ අනුව විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඊයේ (8) පත්කරනු ලැබීය.

එම පත් වීමට අදාළ ලිපිය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පිරිනමනු ලැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විමලවීර දිසානායක ආපදා කළමනාකරණ ආපදාකළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා පත් කරනු ලැබීය. ඊට පෙර දිසානායක  මහතා කටයුතු කළේ වනජීවී රාජ්‍ය අමාත්‍ය ධූරයේය.

විමලවීර දිසානායක මහතා වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේදී  එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේද විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ය.


ගම්මන්පිලගේ සභාපති නෙරපයි


ඒ අතර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපති ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා පත්කර ඇත. ඒ හිටපු සභාපති නාලක පෙරේරා එම ධූරයෙන් ඉවත් කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති ලෙස අමාත්‍ය අලි සබ්රිගේ සොයුරු මොහොමඩ් උවයිස්  පත්කරනු ලැබූ අතර අනතුරුව බලශක්ති අමාත්‍යවරයාව සිටි උදය ගම්මන්පිල විසින් ඔහුව ඉවත්කර නාලක පෙරේරා පත්කරනු ලැබිය.

 

ගාමිණී ලොකුගේ බලශක්ති අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන් වහාම ගම්මන්පිල විසින් පත්කර සිටි නාලක පෙරේරාට දැනුම් දී ඇත්තේ වහාම ඉල්ලා අස්වීම බාර දෙන ලෙස ජනාධිපතිවරයා නියෝගකර ඇති බවයි.

 

විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා මිට පෙර ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

එසේම ඔහු මීට පෙර ද ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ධූරය හොබවා ඇත.

නව සභාපතිවරයා අද පෙරවරුවේ එම ධූරයේ වැඩ භාර ගැනීමට ද නියමිත ය.

 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය