ජල ව්‍යාපෘති 10 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණය ආවරණයක් යටතේ අවශ්‍ය උපාංග මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය ප්‍රදානයෙදී ගජ මිතුරන්ට වාසිදායක වන පරිදි තීන්දු තීරණ ගෙන ඇතැයි වාර්තාවේ.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සංකල්පයක් වන ‘සැමට ජලය’ (Water for All) යන ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ සඳහා, රට පුරා ජල ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

උක්ත කරුණ සඳහා අවශ්‍ය වන ජල නල සහ උපාංග මණ්ඩලයට ලබා ගැනීම සඳහා මණ්ඩලය විසින් සුදුසුකම් ලද සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමක් කර ඇති අතර ඒ සඳහා නිකුත් කළ ටෙන්ඩරයට අනුව, වසරක ණය පහසුකම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ජල නල ලබා ගැනීමට මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

ප්‍රථමයෙන්, ව්‍යාපෘති 10 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණය ආවරණයක් යටතේ අවශ්‍ය උපාංග මිලට ගැනීමට මණ්ඩලය තීරණය කර ඇත.

ඉහත ටෙන්ඩරය සඳහා ආයතන හතරක් ඉදිරිපත් වී ඇති අතර, ඒ සඳහා අඩුම ලංසුව සඳහා ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ පටිපාටියෙන් අමාත්‍යාංශ ලේකම්වරයා ඉවත් වී ඇත.

මණ්ඩලයේ තීරණය වී ඇත්තේ, ටෙන්ඩරයට ඉදිරිපත් වූ සැපයුම්කරුවන් හතර දෙනාම නැවත සාකච්ඡාවකට කැඳවා සාධාරණ පටිපාටියකට අනුව ප්‍රදානය සිදු කළ යුතු බවයි.



කෙසේවුවද,  රටේ සෑම තැනකම වන පරිද්දෙන් මණ්ඩලයේ ටෙන්ඩර් පටිපාටිය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් උල්ලංඝනය කරමින්, ටෙන්ඩරය සඳහා සම්බන්ධ වූ පාර්ශවකරුවන් දෙදෙනකු පමණක් කැඳවා ඔවුන්ට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට උත්සාහ දරමින් සිටින බව වාර්තාවේ.



ලේකම්වරයා එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට ද රහසේ එම අත්තනෝමතික තීරණය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනබව ද පැවසේ.

රටේ ඩොලර් හිඟයක් ඇති මේ මොහොතේ, ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් සිදු කරන මෙම අක්‍රමිකතාවය සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙකු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර ඇතැයි ද වාර්තාවේ. 

 
 

පිළිතුරුදීමේ අයිතිය :
theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගන්නා තර ඊට නිසි ප්‍රචාරයක් ලබාදීමටද සහතික වෙමු.

සංස්කාරක:
විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   

Leader Whats app

 

 

 

 

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්