අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් නීතිඥ ශිරාස් නූර්ඩීන් ඉල්ලා අස්වෙයි.



හිටපු විනිසුරු උපාලි අබේරත්න වෙනුවට අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති තනතුරට පත් කරන ලද නීතිඥ මහේෂ් කටුලන්ද, අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශන කටයුතු වේගවත් කිරීමේ යම් උත්සාහයක පසුගිය කාලය තුළ නියැලී සිටිබව කාර්යාලයේ හා ගනුදෙනු කළ බොහෝ දෙනෙක් ගේ මතය විය.

එහෙත් එම කාර්යාලය කොමසාරිස් වරයෙකු ලෙස කටයුතු කරන හිටපු අමාත්‍යංශ ලේකම් වරයෙකු වන ඩබ්ලිව්. බී. ගනේගල විසින් රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු නිලධාරීන් එම කාර්යාලයේ විමර්ශන කමිටු වලට පත් කිරීමට අනිසි බලපෑම් සභාපතිවරයා ටත් අනෙකුත් සාමාජිකයන්ටත් කිරීම ශිරාස් නූර්ඩීන් ගේ ඉල්ලා අස්වීමට හේතු වී ඇත.



පසුගිය කාලය පුරා  අවිචාර ලෙස ජාතිවාදය ප්‍රචලිත කිරීමට දායක වූ මෙම විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් විමර්ශන කමිටු සඳහා පත් කිරීම නූර්දීන් ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත.



පසුගිය රජය යටතේ පනතක් මගින් මගින් ස්ථාපනය කරන ලද 'අතුරුදහන් වූවන් පිලිබඳ පිළිබඳ කාර්යාලය', ස්වාධීන ආයතනයක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බලතල පනතින් පවරා තිබියදී අනවශ්‍ය ආණ්ඩුපක්ෂ භාවයකින් කටයුතු නොකළ යුතු බව ඔහු පවසයි.

එලෙසම විශ්‍රාම ගිය රාජ්‍ය පරිපාලන සේවයේ හෝ ඉහළ නිලතල වල සිටි කිසිවෙකු සංහිදියාව ගොඩනැගීම සඳහා ඇති කරන ලද ආයතන සඳහා පත්  නොකළ යුතු බව ද ඔහුගේ අදහස වී තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රැස්වී ලංකාව පිළිබඳව තීන්දු තීරණ ගන්නා මොහොතක මෙවැනි සිදුවීම් ඉතා අවාසිදායක බව බොහෝ සිවිල් ක්‍රියාකාරීන් ගේ ද මතය වී තිබේ.

 
 

Leader Whats app

 

 

 

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්