අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මහේස්ත්‍රාත් අධිකරණවල සහ මහාධිකරණවල පැවරූ නඩු 38ක් පසුගිය වසර දෙක ඇතුළත

ඉල්ලා අස්කරගෙන තිබේ.

එයින් වැඩිම නඩු ප්‍රමාණයක් ඉල්ලා අස්කරගෙන ඇත්තේ 2021 වසරේදී වන අතර එම ගණන 36කි.

මහේස්ත්‍රාත් අධිකරණයේ තිබූ නඩු 14ක් සහ මහාධිකරණයේ තිබූ නඩු 22ක් එලෙස ඉල්ලා අස්කරගෙන ඇති බව තොරතුරු දැන ගැනීමේ පනත අනුව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

නඩු පැවරීම සඳහා කොමසාරිස්වරුන් තිදෙනාගේම අනුමැතිය තිබිය යුතුය යන කරුණ 2018 වසරේෂයේදී ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව තීරණය වූ නීතිමය කරුණක් බවත්, ඒ අනුව කොමාසරිස්වරුන් තිදෙනාගේම අනුමැතිය නැතිව ගොනු කළ නඩු නැවත ගොනු කිරීමට යටත්ව එලෙස ඉල්ලා අස්කරගත් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඉල්ලා අස්කර ගත් නඩුවලින් නැවත පවරා ඇති නඩු ගැන තොරතුරු ඉල්ලුම්පත්‍රයෙන් විස්තර ඉල්ලා තිබුණද ඊට පිළිතුරු ලෙස සඳහන් කර ඇත්තේ ඉල්ලා අස්කර ගත් නඩු සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කොමාසරිස්වරුන් තිදෙනාගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව නැවත නඩු පැවරීම සඳහා කටයුතු කරගෙන යන බවයි. නැවත නඩු පවරා නැත්තේ කොමසාරිස්වරුන් තිදෙනගේම අනුමැතිය නොලද නිසාද යන්න සඳහන් කර නැත.

 

2018 වසරේ එවැනි තීන්දුවක් ලබා දුන්නේ නම්, එම වසරේ හෝ 2019 වසරේ හෝ 2020 වසරේදී හෝ එම නඩු ඉල්ලා අස්කරගෙන කඩිනමින් යළි පැවරීමේ හැකියාව තිබුණද වැඩිම නඩු ප්‍රමාණයක් ඉල්ලා අස්කරගෙන ඇත්තේ 2021 වසරේදී වීම විශේෂත්වයකි.

 

අල්ලස් කොමිසම ලබා නොදුන් තොරතුරු සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් යොමු කිරීමට නියමිතය.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසට එරෙහි නඩුව, හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු පිරිසට එරෙහි නඩුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට එරෙහි නඩුව වැනි ආන්දෝලනාත්මක නඩු රැසක් එලෙස ඉල්ලා අස්කර ගත් නඩු අතර වේ.


(තරිඳු ජයවර්ධන)
medialk.com

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්