දකුණු ආසියාවේ සියලුම රටවල විදේශ සංචිත ඉහල යද්දී ශ්‍රී ලංකාව පමණක් ඩොලර් හිඟයකට මුහුණ දීම වසංගතයේ පල විපාකයක් නොවන බව අලුත්ම

සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ.

'වෙරිටේ' පර්යේෂණ ආයතනය විසින් පවත්වාගෙන යන publicfinance.lk වෙඩ් අඩවිය පෙන්වා දෙන්නේ ලංකාව හා සමානව නැතිනම් ඊටත් වැඩියෙන් කෝවිඩ් 19 වසංගතයෙන් පහර කෑ දකුණු ආසියානු රටවල් හා සැසඳීමේ දී විදෙස් සංචිත කඩා වැටී ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් බවයි.

 

එම වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාවේ භාවිත කළ හැකි විදේශ සංචිත 2019 දී පැවැති එක්සත් ජනපද ඩොලර් මිලියන 7,642 සිට 2021 අවසානය වන විට ඩොලර් මිලියන 1,579 දක්වා 79% කින් පහත වැටී තිබේ.

 

දෙවන  ලෝක යුද්ධය අවසානයේ යටත් විජිත හිමියන්ගෙන් නිදහස ලබන කල්හි, ලංකාව හා සමාන මට්ටමක පැවති දකුණු ආසියානු කලාපීය මිතුරන්, මෙම  කෝවිඩ් 19 වසංගතය මධ්‍යයේ අත්පත් කරගෙන ඇති ඉහල විදෙස් සංචිත ශේෂයන් හා සැසඳීමේ දී, විදෙස් සංචිතවල පහත වැටීමක් අත්දකින කලාපයේ එකම රට ලංකාව පමණක් බවද එම වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කරයි.


සෑම දකුණු ආසියානු රටක්ම තම විදෙස් සංචිත ඉහළ යෑමක්, එනම් බංග්ලාදේශය 41%, ඉංදියාව 39%, භූතානය 36% , පකිස්ථානය 33%, පිලිපීනය 24%, මැලේසියාව 13%, ඉංදුනීසියාව 12%, තායිලන්තය 10%, මාලදිවයින 5%, නේපාලය 4%  ලෙසින් අත් දකිද්දී, ලංකාව එහි පරිපූර්ණ පරස්පරයක් ලෙස විදෙස් සංචිතයන්හි -79% ක පහල යෑමක් පෙන්නුම් කිරීමේ අභාග්‍යය හුදු කෝවිඩ් 19 වෛරසය මත පැටවීම යුක්ති සහගත කරන්නේ කෙසේ දැයි මහජන මූල්‍ය වෙබ් පිටුව තම වාර්තාව මගින් ඉස්මතු කර ඇත.


අදාල රටවල් වල මහ බැංකු මගින්  ප්‍රකාශික සංඛ්‍යා ලේඛන  යොදාගනිමින් ඔවුන් මෙම නිරීක්ෂණය ඉදිරිපත් කර තිබේ.

 

01 1.jpgkljuy

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්