අලුත් අවුරුදු සමය තෙක් ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල වැඩි නොකිරීමට තීන්දුකර ඇතැයි

'ලිට්රෝ' ආයතනය අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ලෝක වෙළඳපොළ තුළ අධික ලෙස ගෑස් මිල ඉහල යාමත් සමග මෙරට ගෑස් සමාගම් වලට එය දැඩි ලෙස බලපා තිබේ.

කිලෝග්රෑම් 12.5 එක් ගෑස් සිලින්ඩරයකින් දැනට ලිට්‍රෝ ගෑස් සමාගමට සිදුවන පාඩුව රු.2000ක් පමණ වන බවට ලිට්‍රෝ ප්‍රචාරණ නිලධාරීන් පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් පැවසීය.

ඒ කෙසේ නමුත් එම සමාගමෙහි අභ්‍යන්තර ආරංචි මාර්ගයන්ට අනුව රටේ සමස්ත ජනතාව මේ මොහොතේ පත්ව ඇති ජීවන වියදම් අධික වීම හරහා පසුවන අපහසුතාව පිළිබඳව සලකා, අලුත් අවුරුදු සමය තෙක් ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල වැඩි නොකිරීමේ සාකච්ඡාවක මේ වනවිටත් නිරත වන බව ඉහළ නිලධාරියෙක් අප වෙත පැවසීය.

ඒ කෙසේ නමුත් ලාෆ් ගෑස් සමාගම 12.5kg ගැස් සිලින්ඩරයක මිල රු.4230ක් දක්වා වැඩි කර ඇත. එසේ සිදු කර ඇත්තේත් වෙළඳපොළ තුළ උග්‍ර ලාෆ් ගෑස් හිඟයක් පවතින සහ ලාෆ් සමාගම විසින් වෙළඳපොළ වෙත ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීමක් පවා සිදු නොකරන පසුබිමක බව ලිට්රෝ ආයතනය පවසයි.



ලිට්‍රෝ ගෑස් තොග හෙටින් ඉවරයි !


මේ අතර lankadeepa.lk වාර්තා කර ඇත්තේ, ලිට්‍රෝ සමාගම සතු ගෑස් තොග හෙට (22) රාත්‍රී අවසන් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසු බවයි.



ලිට්‍රෝ සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තයෙන් අද රාත්‍රී දක්වා ගෑස් නිකුත් කරන බවත් හෙට දිනයේ ගෑස් සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ මසක ගෑස් ඉල්ලුම මෙට්‍රික්ටොන් 35,000 කි. මේ වන විට මසකට ගෑස් මෙට්‍රික්ටොන් 10,000 ක් පමණක් ලැබීමෙන් බරපතල තත්ත්වයක් මතුව තිබේ.

රට පුරා අද දිනයේ ද ගෑස් මිලදීගැනීමට දිගු පෝලිම් දැකිය හැකි වූ අතර පෝලිමක ගෑස් සිලින්ඩර 500 ක ඉල්ලුමක් තිබියදී බොහෝ ස්ථානවල සිලින්ඩර 50 ක් පමණ ලැබීමෙන් ජනතාව අතර ගැටුම් ඇතිවීමට හේතු වී තිබේ.



ලිට්‍රෝ ගෑස් පෝලිම් ලබන සතියෙන් අවසන් !

දිනකට ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් දිගින් දිගටම වෙළඳපොළ වෙත නිකුත් කිරීම සිදු කරන අතර මෙම සතිය තුළ පමණක් ලිට්‍රෝ ගෑස් රැගත් නෞකාවන් 3ක් මෙරටට ලඟාවීමට නියමිත බව 'ලිට්රෝ' ආයතනයේ ප්‍රධානියකු අප වෙත පැවසිය.

එමෙන්ම එම ගෑස් නැව් නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයද ගැටලුවලින් තොරව ලබාගැනීමට හැකියාවක් ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය.
එබැවින් ඉදිරි සතිය තුළදී ලිට්‍රෝ ගෑස් පෝලිම් සම්පූර්ණයෙන්ම නැතිවන බවට නිගමනය කළ හැකි යයි ඔහු අවධාරණය කළේය. 

 

 


The Leader TV අද වීඩියෝ

 
 
 
  
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්