සර්ව පාක්ෂික එකමුතුවකින් හෝ මේ මොහොතේ රට හමුවේ ඇති අර්බුදය පියමං කළ හැකි නම් ඊට කොන්දේසි විරහිතව එකඟ විය යුතුය.

නමුත් මෙම සර්වපාක්ෂික සමුළුව කැඳවීමේ අර්ථය එපමණකින්ම යහපත් අරමුණකින් සිදුකරන්නක් දැයි ගැටළුවකි.

 

සර්ව පාර්ක්ෂික සමුළුවක් කැඳවීම කියන්නෙම ආණ්ඩුවට තමන් ඉදිරියේ ඇති අභියෝගයන්ට මුහුණ දිය හැකි තරමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් නොමැතිකම පෙන්වීමකි. නැතහොත් පියවරක් පසුපසට ගෙන සිය නොහැකියාව සමාජය හමුවේ පිළිගත් අවස්ථාවකි.

 

එක පැත්තකින් සර්ව පාර්ක්ෂික සමුළුවක් කැඳවීම කියන්නෙම ආණ්ඩුවට තමන් ඉදිරියේ ඇති අභියෝගයන්ට මුහුණ දිය හැකි තරමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් නොමැතිකම පෙන්වීමකි. නැතහොත් පියවරක් පසුපසට ගෙන  සිය නොහැකියාව සමාජය හමුවේ පිළිගත් අවස්ථාවකි.

එසේම මෙම සර්ව පාක්ෂික සමුළුව, ගෝඨා - මෛත්‍රී එකඟතාවයෙන් යෝජිත කැඳවීමක් මිස විපක්ෂයේ කිසිදු පක්ෂයක එකඟතාවක් හෝ අදහසකින් තීරණය වූවක් ද නොවේ.

 

ඒ අර්ථයෙන් ගතහොත් මෙම කැඳවීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම තහවුරු කරගැනීම වෙනුවෙන් වූ යෝජනාවකි. තවත් සරලව කිවහොත් එය රටේ අර්බුදය හමුවේ ආණ්ඩුව සිදුකරන දේශපාලන තක්කඩිකමකි.



ඒ අර්ථයෙන් ගතහොත් මෙම කැඳවීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම තහවුරු කරගැනීම වෙනුවෙන් වූ යෝජනාවකි. තවත් සරලව කිවහොත් එය රටේ අර්බුදය හමුවේ ආණ්ඩුව සිදුකරන දේශපාලන තක්කඩිකමකි.

එසේම මේ වන විට බෙදුණු විපක්ෂයේ පක්ෂ ද කෙසේ හෝ පාලන බලය ලබාගැනීමේ අරමුණින් කටයුතු කරන බව පැහැදිලිය. ඇතැම් විට එය ප්‍රජාතන්ත්‍ර ක්‍රමවේදයන්ගෙන් බැහැර වූ සමාජ භීෂණය දක්වා වුවද විතැන් විය හැකි තරමේ වෛරයකින් යුක්තය.

තවද විපක්ෂයේ පක්ෂවල අපේක්ෂාව පාලන බලය විනා එතැන් සිට රටේ අනාගතය කෙසේ ගොඩනගන්නේ ද යන්න පිළිබඳ පැහැදිලි දැක්මක් හෝ ශක්තිමත් යෝජිත වැඩපිළිවෙලක් තමන් සතුව ඇති බව මෙතෙක් සමාජය හමුවේ ප්‍රකාශ කොට නැත. නැතහොත් සමාජය හමුවේ ප්‍රසිද්ධ කොට නැත.

 

මෙම සර්වපාක්ෂික සමුළුවට අනෙකුත් දේශපාලන පක්ෂ සහභාගි විය යුත්තේ තමන් සතු නොහැකියාව පෙන්නුම් කිරීමට නොව, ශක්තිමත් වැඩපිළිවෙළකින් මේ අර්බුදය පියමං කරවන අරමුණ සහිතවය.

 

එවැනි පසුබිමක කැඳවන මෙම සර්වපාක්ෂික සමුළුවට අනෙකුත් දේශපාලන පක්ෂ සහභාගි විය යුත්තේ තමන් සතු නොහැකියාව පෙන්නුම් කිරීමට නොව, ශක්තිමත් වැඩපිළිවෙළකින් මේ අර්බුදය පියමං කරවන අරමුණ සහිතවය.

එසේ නොමැති වුව හොත්, සර්ව පාක්ෂික සමුළුව නියෝජනය කරන එකිනෙකාගේ විවිධ වූ අදහස් එකතුවෙන් පැලැස්තර විසඳුමකින් අර්බුදය පියමං කිරීමට ආණ්ඩුව සමත් වුවහොත්, එය මීට පෙර මහින්දගේ දෑත් ශක්තිමත් කළා සේ ගෝඨාගේ දෑත් ශක්තිමක් කිරීමක් වනු ඇත.

 

සර්ව පාක්ෂික එකඟතාවයෙන් සකසනු ලබන පොදු වැඩපිළිවෙළක්, කාල නිර්ණයන් සහිතව ගොඩනැගීමට යෝජනා කළ යුතුය. ඒ සඳහා බලපෑම් කළ යුතුය.

 

එය එසේ නොවනු පිණිස සර්ව පාක්ෂික එකඟතාවයෙන් සකසනු ලබන පොදු වැඩපිළිවෙළක්, කාල නිර්ණයන් සහිතව ගොඩනැගීමට යෝජනා කළ යුතුය. ඒ සඳහා බලපෑම් කළ යුතුය.

එ අර්ථයෙන් මේ රටේ සියලු දේශපාලන පක්ෂ මෙම සමුළුව නියෝජනය කළ යුතුය.එසේම සක්‍රීයව දායක විය යුතුය.

එය එසේ වුව හොත් අනාගතයේ කවුරු පැරදුනත් රට හමුවේ ඇති අර්බුදයන් ජයගනු ඇත.

ඒ සඳහා ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ පාරම්බාන විපක්ෂයේ පක්ෂවලට තමන්ගේ හැකියාව පෙන්විය හැකි මෙම අමිල අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැයි අපි යෝජනා කර සිටිමු.

 

ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ පාරම්බාන විපක්ෂයේ පක්ෂවලට තමන්ගේ හැකියාව පෙන්විය හැකි මෙම අමිල අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැයි අපි යෝජනා කර සිටිමු.



cskCSK තුෂාර
මුහුණු පොතේ සටහනකි.

 

 


The Leader TV අද වීඩියෝ

 ගෝඨාභය රටින් පැන්නීමේ කුමන්ත්‍රණයක්! | අද ගොසිප් එක | The Leader TV

 
 

Leader Whats app


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්