නාගරික සංවර්ධන අධිකාරියේ බොහෝ ටෙන්ඩර් රජයේ නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව අමාත්‍යංශයේ ලේකම්වරයකුගේ බලපෑම් හරහා එම

ලේකම්වරයාගේ ව්‍යාපාරික ගජ මිතුරකුට ලබාදීම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ල වී ඇත.

අදාල ලේකම්වරයා මෙන්ම, ජොනී ෆනෑන්ඩෝ නමැති මෙම ව්‍යාපාරික ගජමිතුරා ද ජනාධිපතිවරයාගේ හිතවතුන් ලෙස පෙනී සිටින නිසා රාජ්‍ය අමාතය නාලක ගොඩහේවා ද අසරණව සිටින බව නාගරික සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මොවුන් දෙදෙනා නාගරික සංවර්ධන අධිකාරිය මෙහෙයවීම යටතේ සිදුකරනු ලබන බොහෝ ව්‍යාපෘති එම දෙදෙනා අධ්‍යක්ෂක ධුර දරන පෞද්ගලික ආයතන වලට ලබා ලබාදීමට දිගින් දිගටම කටයුතු කර ඇතැයි වාර්තාවේ.

මෙම ටෙන්ඩර් සඳහා පෞද්ගලික සමාගම් රාශියක් ඉදිරිපත්ව ඇති නමුත් එම ආයතන වල කුමක් හෝ වැරදීමක් මතුකොට අවසානයේ තමාට අවශ්‍ය ආයතනයට පමණක් ටෙන්ඩරය  ලබාදීමට මෙම ලේකම්වරයා කටයුතු කර තිබේ.


පිලියන්දල පොල ව්‍යාපෘතිය...


මෙයට ආසන්නම උදාහරණය වන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කරනු ලැබූ පිලියන්දල පොල ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතිය අවම ලන්සුව තැබූ ආයතනට නොදී වෙනත් ආයතනයක් ලවා මුල්ගල තබන ලදි. පසුව එම ආයතනයටත් නොදී වෙනත් ආයතනයකට දීමට කටයුතු කර ඇත.

මෙහිදී අඩුම ලංසුව ඉදිරිපත් කළ ආයතනය දිගින් දිගටම මේ පිළිබඳව විමසීම් කරන විට එම ආයතනයට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලිපියක් යවා වෙනත් ආයතනයකට මෙම කොන්ත්‍රාත්තුව පැවරීමට ඔබ ආයතනයේ විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඇත.

එයට එම ආයතනය විරුද්ධ වී තිබේ.  පසුව දිගින් දිගටම නාගරික සංවර්ධන අධිකාරියට මේ ගැන කරුණු දක්වා ලේකම් වෙත අභියාචනයක් ද ඉදිරිපත් කර තිබිණ. ලේකම්වරයා ඒ සම්බන්ධයෙන්  කිසිදු සැලකිල්ලක් නොදක්වා ඔහුට හිතෛෂී සමාගමකට ම අදාල ටෙන්ඩරය ලබා දීමට කටයුතු කර තිබේ.

PHOTO 2022 03 23 13 06 10PHOTO 2022 03 23 13 06 10 1PHOTO 2022 03 23 13 06 11PHOTO 2022 03 23 13 06 11 1letter120220302 page 0001letter20220302 11595615 page 0001letter120220303 page 0001BID BOND no 0278035012100004 page 0001

 


 
 
 


Leader Whats app


 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්