1200 x 80 DMirror

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැළඳගැනීමට රටේ ජනතාව සූදානම් නැතැයි පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.


බැසිල් රාජපක්ෂ සහෝදරයෙක් ලෙස හොද වන්නට ඇති නමුත්, ජනතාව ඒ චරිතයට කැමති නැති බව ද උන්වහන්සේ ජනාධිපතිවරයාට කියා සිටිති.

‘හැත්ත බුරුත්ත මුහුදට දාන්න කියන්නෙ නෑ. හැබැයි ටිකක් පැත්තකට කරල තියන්න’ යයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද එහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ ආණ්ඩුවේ පක්ෂ 11 කරන නියෝජිතයන් ඔවුන්ගේ වැඩ වැඩපිළිවෙළ පිළිගැන්වීම සඳහා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.



ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් විසින් ඉදිරිපත්කල ' මුළු රටම හරි මඟට' වැඩසටහනේ එකඟ විය නොහැකි කරුණු ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රකාශයක් සිදුකරන ලෙස උන්වහන්සේ ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියහ.



“ඉදිරිපත් කළ යෝජනාවලියට විරෝධයක් ඇත්නම්.. නොහැකියා තිබේ නම් ඉදිරිපත් කරන්න. සර්ව පාක්ෂික සමුළුවේදී ණය ගන්න කියලා දෙනවා. ණයවලින් හිරවෙන්න වුවමනා නැහැ. ඒක හරියට පරණ හිඟන්නා අලුත් හිඟන්නට හිඟාකන්න කියාදෙනවා වගේ.”

“සුමන්තිරන් 13ට එහා ගිය විසඳුමක් බලාපොරොත්තුවෙන් බොරදියේ මාළු බාන්න පටන්ගෙන. ආණ්ඩුවේ ඇතැමුන් කල්පනා කරනවා යටත්වීම්, පවරාදීම් කමක් නැහැ කියයි කියලා. බලයට ගෙනෙද්දි හිටපු මිනිස්සු නෙවෙයි ලොකු වුණේ. ජන නායකයින්ව වැරදි පාරක අරන් ගියා. වැරදිලා තියෙන්නේ රටට… හොඳම කෙනා කියලා තැනකට ගෙනත් ජාතිමාමක පිරිස පච කරලා. ගැත්තන්ට නටන්න පුළුවන් පසුබිම හැදෙනවා. 69 ලක්ෂයේ පාරිශුද්ධ අදහස තේරුම්ගන්න. ආධ්‍යාත්මය කියවන්න බැරි පාලකයෙක් මොකට ද? '' අභයතිස්ස හිමියෝ ප්‍රශ්නකර සිටියහ.

හැට නම ලක්ෂ ජනවරමේ ඇති පාරිශුද්ධ අදහස තේරුම් ගත යුතු බවත්, ජනතාවගේ පාරිශුද්ධ අදහසේ ඇති ආධ්‍යාත්මය කියවන්න බැරි පාලකයන් කුමටදැයි ද උන්වහන්සේ මාධ්‍ය හමුවේ ප්‍රශ්න කර සිටියහ.

 

 

 


Leader Whats app


 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය