ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් (පා.ම.)

 

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න විදෙස් ගත යුද පීඩිත දෙමළ ජනයාගෙන් ආධාර ඉල්ලීමේදී ජාතික ආරක්ෂාව ගැන ගැටළුවක් මතු නොවන්නේ දැයි උතුරේ දේශපාලන පක්‍ෂයක් ආණ්ඩුවෙන් විමසා තිබේ.

''පහුගිය කාලේ විදේශ ගත දෙමළ ජනයාගේ සංවිධාන හා පුද්ගලයන් ගොඩකට ආණ්ඩුව තහනම් නියෝග නිකුත් කළා. දැන් ආර්ථික අර්බුදයක් ඇති වුනාම ආණ්ඩුව ඒ  ඩයස්පෝරාවේ ආයෝජන යොදා ගන්න හදනවා. විදේශගතව ඉන්න දෙමළ ජනයාට පනවා ඇති තහනම ඉවත් කිරීමට ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. මෙයින් පෙන්නුම් කරන්නේ දැන් රාජපක්ෂ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නැහැ වගෙයි,'' යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවසයි.

 

මුදල් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශගත දෙමළ ජනතාවගේ මුදල් දිවයිනට අද්දවා දීම සඳහා 'පාලමක්' වීමට දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට සහතික වී තිබුණි.

 

යාපනයේ පිහිටි සිය පක්‍ෂ කාර්යාලයේදී ජනමාධ්‍යවේදීන් හමුවී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපතිවරයා අතර සාකච්ජා ගැන සදහන් කරමින් කියා සිටියේ ජාතික ප්‍රශ්නයට අදාළ කිසිදු වැදගත් කතාබහක් එහිදී සිදුව නොමැති බවයි.

''අපි කලින් කිව්වා වගේ, ඔවුන් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බලපෑම් කරනවයි කියනවා.''

''13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට සූදානම්න් ඉන්න ටෙලෝ සංවිධානය ජනාධිපතිවරයා හමුවීම වර්ජනය කළේ ඇයි කියන එක ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ටෙලෝ සංවිධානය ටී.එන්.ඒ  එකෙන් අයින් වෙන්න ඕනෑ.''

plk

ආර්ථික අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය ආහාර මිල  ඉහල දැමීමට එරෙහිව උද්ඝෝෂණයක් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් යාපන බස් නැවතුම් පොළ ඉදිරිපිට දී සති අන්තයේ දී පවත්වන ලදී.


''රට බේරා ගන්න දෙමළ දේශය පිලිගනිව්'',

''මේ අර්බුදයට හේතුව  අපේ දෙමළ ජනතාව ඝාතනය කරන්න ගත්තු ආයුධයි'',

''ජන සංහාරය-එදා අවියෙන්  අද බඩගින්නෙන්'',

''දෙමළ දේශය පිළිගන්නා තෙක් ඩයස්පෝරාව ආයෝජනය කරයි ද''

යනුවෙන් සටන් පාඨ රැගත් පුවරු රැගෙන උද්ඝෝෂකයෝ සිය විරෝධය දැක්වුහ.  



 

The Leader TV අද වීඩියෝ 

 

සමහරු අපිට ජම්පර් අන්දනවා කියනවා, අපි බය නෑ ! - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

 

Leader Whats app


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්