ආණ්ඩුව සම්පාදනය කිරීමට නියමිත ව්‍යවස්ථාව ගැන විස්වාසයෙන් යුතුව බලා නොසිට

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසට දිගින් දිගටම බලපෑම් කරන ලෙස ඉන්දියාව දෙමළ නායකයන්ට උපදෙස් දී තිබේ.

කොළඹ පැවැත්වෙන පස්වැනි `බිම්ස්ටෙක්` සමුළුවට සහභාගී වීම සඳහා පැමිණි ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් ජෙයශන්කර් හා දෙමළ ජාතික සන්ධාන නායකයන් අතර හමුවක් ඊයේ [28] පැවැත්විණි.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් පාවිච්චිය, අතුරුදහන් වූවන්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ දෙමළ ඩයස්පෝරාවේ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් එම රැස්වීමේදී දෙමළ ජාතික සන්ධානය (TNA) කරුණු දැක්වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

දෙමළ ජාතික සන්ධානය සමග පැවති සාකච්ජා ගැන තමන්ට ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී කරුණු දැක්වූ බව පැවසූ ඉන්දීය විදේශ ඇමැතිවරයා කියා සිටියේ මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සාකච්ජා ඉදිරියට ගෙන යා යුතු බවයි.

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්‍ෂ එකතුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට යැවූ ලිපියට ඉන්දියාව පිළිතුරු ලබා දිය යුතු බවට කොළඹ 'ඉන්දියන් හවුස්' හි පැවති මෙම හමුවේදී ටෙලෝ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් සඳහන් කළ ද ඉන්දීය විදෙස් ඇමතිවරයා ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැත.



දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් කියා සිටියේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කර දෙමළ ජනයාගේ ප්‍රශ්න වලට විසදුම් සොයා ගැනීමට ඉන්දියාව සහාය ලබා දිය යුතු බවයි.





''දීර්ඝ කාලයක් ගත වුවද ආණ්ඩුව දීපු පොරොන්දු ඉටු කර නැහැ.''

"සමානතාව, යුක්තිය, සාමය හා අභිමානය සඳහා වන දෙමළ ජනතා අභිලාෂය එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සාක්ෂාත් කරගැනීම සඳහා ඉන්දීය රජය අඛණ්ඩව සහාය දක්වන බව" ආචාර්ය ජෙයශන්කර් TNA සමග සාකච්ඡාවේදී අවධාරණය කරන ලදැයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පොරොන්දු වූ පරිදි ආණ්ඩුව දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගනු ඇති බවට ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මෙහිදී විශ්වාසය පළ කර තිබේ.

''ඒත් ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙයි කියලා නම්  අපිට විශ්වාසයක් නැහැ.''




ඉන්දීය ආයෝජනවලට වැඩි තැනක්

ඉන්දීය විදේශ ඇමැති ජෙයශන්කර් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හමුවූ අවස්ථාවේ දී ඉන්දු ලංකා රාජතාන්ත්‍රික සබඳතාවන්ට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් හා කාසියක් නිකුත් කෙරිණි.

රජය සහ TNA අතර පැවති සාකච්ඡාවලට අමතරව, ආරක්ෂක හා බලශක්ති සහයෝගිතාව සහ ධීවරයන්ගේ ප්‍රශ්නයද ජනාධිපති සමග සාකච්ඡා කරන ලද බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

''ඉන්දීය ආයෝජන කෙරේ විශේෂ අවධාරණයකින් යුතුව ආර්ථික හා වාණිජ සබඳතා දැඩි කිරීමටත් මෙහිදී එකඟතාවක් ඇතිවිය.''



පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අතවශ්‍ය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය ආනයනය කිරීමට ණය ප්‍රදානය කිරීම ගැන ජනාධිපතිවරයා මෙහිදී ඉන්දියාවට සිය ස්තුතිය පළ කර තිබේ.



ඉන්දීය මුදල් ආධාර මත ඉදි කෙරුණු යාපනේ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ද ඉන්දීය විදේශ ඇමැති අතින් සිදු කෙරිණි. ඔහු ඊට එක්වුයේ  'සුම්' ඔස්සේයි.

2015 වසරේ ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඉන්දීය අගමැති මෝඩි ඉදිරිපත් කළ අදහසකට අනුව මෙම සංස්කෘතික මධ්‍යස්ථානය නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතා වර්ධනය කිරීම සඳහා ඉන්දීය ආධාර ලබාගැනීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයා සහ ශ්‍රී ලාංකික අගමැතිවරයා සහභාගිවී තිබේ.

 


The Leader TV අද වීඩියෝ 

සජබ ඇතුළෙ කැරළි එළියට! | අද ගොසිප් එක | The Leader TV

මී ගොං වස්සෙක් ගෙන් ආදර්ශයක් ! | මොණරවිලගේ ලියමන

රනිල් ගැන සමාජ කියවීම කෲර ධනවාදියෙක් කියලයි - පාඨලී චම්පික රණවක | Direct Politics

නාමල් බේබිට සිරිසඟබෝ ගහලා! | අද ගොසිප් එක

 

Leader Whats app


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්