1200 x 80 DMirror

බිඳ වැටෙන ආර්ථික අර්බුදය හමුවේ පරාජය වී ඇති රාජපක්‍ෂ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැමීම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අනාගතය

ගැන සැකයක් මතුවන බවට මුස්ලිම් දේශපාලනඥයෙක් ඉන්දියාවට පෙන්වා දී තිබේ.

''පළාත් සභා ජන්දය පවත්වන්නේ නැතුව ඇද ඇද ඉන්න එකෙන් වෙන්නේ 13 වැනි සංශෝධනයේ අනාගතය සැක පළවෙන විදිහටයි. ආණ්ඩුව ඒ ගැන විනිවිද භාවයෙන්  සහතිකයක් දීලා නැහැ,''යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.

 

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් ජෙයශන්කර් 29දා හමුවූ මුස්ලිම් කොංග්‍රස් නායකයා කියා ඇත්තේ පළාත් සභා මැතිවරණය පවත්වා 13 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව ලංකාවට බලපෑම් කළ යුතු බවයි.

 

බලය බෙදාහැරීම ගැන දෙමළ මුස්ලිම් පක්‍ෂ අතර පැවති කතා බහ ගැන පැහැදිලි කිරීමක් ඉන්දීය විදේශ ඇමැති හමුවේ මුස්ලිම් කොංග්‍රස් නායකයා විසින් ඉදිරිපත් කර තිබේ.

රවුෆ් හකීම් කියා සිටියේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තබන විට දෙමළ බස කතා කරන ජනතාව ලෙස මුස්ලිම් කොංග්‍රසය දෙමළ ජනයාගේ ප්‍රශ්න ගැන අවබෝධයක සිටි බවයි.

මුස්ලිම් ජනතාවගේ අභිලාෂයන් ගැනත් අවධානය යොමු කරමින් දෙමළ බස වහරන ප්‍රජාවන් ලෙස දෙමළ හා මුස්ලිම් ජනතාව ඉදිරියටත් හවුල් වී කටයුතු කරන බව ද හකීම් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර ඇත.

ඉන්දීය විදේශ ඇමැති ජෙයශන්කර් ගෙන් මුස්ලිම් කොංග්‍රස් නායකයා ඉල්ලා සිටියේ ඉන්දියානු  ආධාර මත සංවර්ධනය කෙරෙන ලංකාවේ ධීවර වරායන් අතරට ඕලුවිල් සහ මුත්තුර් ද ඇතුලත් කර ගන්නා ලෙසයි.

 

ලංකාවේ සෑම ජන කොටසක්ම ආගමික හා සංස්කෘතික වශයෙන්  ඉන්දියාව සමග සම්බන්ධ වී සංවර්ධනය වුනු බව පෙන්වා දුන් හකීම් එය තවදුරත් ඉදිරියට ගෙන යාම සඳහා සෑම ආගමක්ම ඇතුලත් වන පරිදි කතිකාවක් ඉන්දියාව විසින් ආරම්භ කළ යුතු බවද ඉල්ලීමක් කර තිබේ.

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය