theleaderlk 01

දැඩි පීඩාවට පත්ව සිටින වතු කම්කරුවන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටුකරන තෙක් උද්ඝෝෂණය කළ යුතු යැයි කඳුකරයේ දේශපාලන පක්‍ෂයක්

ප්‍රකාශ කර තිබේ.

''පෙට්ට්‍රල්, ඩීසල් නෑ. බඩු මිල අහස උසට ගිහින්. වැඩි කරපු දවසේ පඩිය රුපියල් 1000 ත් නැහැ. වතු කම්කරුවෝ දැන් ඉන්නේ කබලෙන් ලිපට වැටිලා. පොරොන්දු ඉටු කරපු නැති ආණ්ඩුවට විරුද්ධව දැන් රට පුරාම උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ ආණ්ඩුව පළවා හැරීමේ විරෝධතා වලට වතු කම්කරුවන් ද එක්වෙන්න ඕනෑ.'' යැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ හවුල්කාර කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධාක්‍රිෂ්ණන් ඉල්ලයි.

කඳුරට මාධ්‍යවේදීන් පෙරේදා [05] නුවරඑළියේදී හමුවූ  ජනතා පෙරමුණු නායකයා කියා සිටියේ වතු කම්කරුවන් වෙත ලබා දුන් තිරිඟු පිටි සහනය එක් මසකට පමණක් සිමා වූ බවයි.

 

''පිටි කිලෝව රුපියල් 80 ගානේ මාසෙකට කිලෝ 15 ක සහන දීමනාවක් ලබා දෙනවා කියලා ආණ්ඩුව පොරොන්දු වුණා, ඒත් ඒක ලැබුනේ පෙබරවාරි මාසේ විතරයි. ඊට පස්සේ දුන්නේ නැහැ.දැන් වතුකරයේ කඩවල පිටි කිලෝවක් රුපියල් 180 ක් විතර වෙනවා.''

 

''පැය ගණන් එක දිගට විදුලිය කප්පාදු කරන නිසා තේ කර්මාන්තශාලා පවත්වා ගෙන යන්න බැරිවෙලා තියෙනවා. සමහර තැන් වල `ජෙනරේටර්ස්` තිබ්බත් ඩිසල් නැති නිසා ක්‍රියාත්මක කරන්න බැහැ. මේ නිසා තේ නිෂ්පාදනය බිඳ වැටිලා. ඉදිරියේදී වතු කම්කරුවන්ට රැකියා අහිමිවෙන තත්වයක් තියෙන්නේ.'' යැයි ඔහු අවධාරණය කරයි.


 
 

නවතම පුවත්