ශ්‍රී ලංකාව වර්තමානයේ පත්වී ඇති තත්ත්වය හේතුවෙන් පවතින රජයට සහ ජනපතිවරයාට

විරෝධය පළකරන උද්ඝෝෂණ රැල්ල තවමත් රට පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

නීති වෘත්තිකයින්, සෞඛ්‍ය හා වෛද්‍ය වෘත්තිකයන්, ගුරු වෘත්තිකයින් ඇතුළු රජයේ සේවකයින් ද විරෝධතා පෑමට එක්වෙමින් සිටින අතර, විශ්වවිද්‍යාල සහ පාසැල් සිසුන් ද උද්ඝෝෂණයන්ට එක්ව සිටියි.

අද මධ්‍යහ්න 12ට කොළඹ වෛද්‍ය පීඨය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක් පැවැත්විණි. "දූෂණයට, පක්ෂග්‍රාහී පාලනයට, පවුල්වාදයට, ජාතිවාදයට එරෙහි වෙමු" යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානයකර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ සංගමය විසිනි.

gjfhfgh


අද (අප්‍රේල් 08) මහජන විරෝධතා ද කීපයක්ම කොළඹ දී පැවැත්විණ.

# LGBTIQ+ ප්‍රජාව විසින් සංවිධානය කෙරෙන උද්ඝෝෂණයක් අද ප. ව. 3.00ට ලිප්ටන් වටරවුමේ දී පැවැත්විණ.

# ප. ව. 3.30ට නිදහස් චතුරශ්‍රයේ දී ද, කොළඹ විශ්වවිද්‍යාලයයේ නීතී පීඨය ඉදිරිපිට ද විරෝධතා ව්‍යාපාරයන් ක්‍රියාත්මක විය.

# තොරතුරු තාක්ෂණ අංශයේ සේවයේ නියැලෙන්නන් විසින් සංවිධානය කරන විරෝධතාවක් ප. ව. 4.00ට කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුමේ දී පැවැත්වීය.

# ප. ව. 5.00 සිට  අරලියගහ මන්දිරය ඉදිරිපිටත්, නිදහස් චතුරශ්‍රයේ දීත්, මහරගම නගරයේ දීත්, කොළඹ ආනන්ද විද්‍යාලයය ඉදිරිපිට දීත් විරෝධතා පැවැත්විණ.

# ප. ව. 5.30ට කොහුවල බර්නාඩ්ස් ගොඩනැගිල්ල ඉදිරිපිට සහ තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානය අසල විරෝධතා පැවැත්වීමට සංවිධානයකර ඇති අතර, ප. ව. 6.30ට ගල්කිස්ස මහින්ද මල්ශාලාව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සැලසුම්කර තිබේ.

# ප. ව. 7.00ට නුගේගොඩ විජේරාම හන්දියේ දී විරෝධතාවක් පැවැත්වෙනු ඇත.

# ඊට අමතරව නිදහස් චතුරශ්‍රයේ විරෝධතාව ක්‍රියාත්මක විය.



සරසවි සිසුන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර


අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය වී කැලණියේ සිට පාර්ලිමේන්තු මාර්ගය අසලට පැමිණි සරසවි සිසුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීම වැළැක්වීමට යොදා තිබූ මාර්ග බාධක පෙරළමින් කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට මෙලෙස කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව පොලිසිය පවසයි.


 

 ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල සිසුන් එක්වෙයි


ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය සහ පුද්ගලික විශ්වවිද්‍යාල සිසුන් එකට එක්ව පවතින රජයට විරෝධය පෑම සඳහා උද්ඝෝෂණයක් සංවිධානයකර ඇත.

රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ගේ මෙම ඒකාබද්ධ විරෝධතාව අප්‍රේල් 9 වන දා පෙරවරු 9ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිටින් ආරම්භවීමට නියමිත ය.

රංග පීඨය ඉදිරිපිටින් ඇරඹෙන මෙම විරෝධතාව කොළඹ දෙසට ගමන් කිරීමට නියමිත ය.

පසුගිය සතියේ සිට ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, කැළණිය, රුහුණ, යාපනය, වවුනියාව, වයඹ ආදී රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක සහ, NIBM, NSBM, SLIIT, CINEC, සහ SLTC ආදී පෞද්ගලික විශ්වවිද්‍යාල රැසක සිසුහු රට පුරා උද්ඝෝෂණ රැසක් පවත්වමින් සිටිති.

jhhg

රෝහල්වල ඖෂධ අවසන්වීම අද හෙට

මේ වන විට රෝහල්වල ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් මතුවී ඇති බවට සෞඛ්‍ය සේවයේ නියුතු වෘත්තීය සමිති පවසයි.

ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 140ක හිඟයක් පවතිනබව ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් රාජ්‍ය ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේ ය.

මීට හේතුවී ඇත්තේ ඩොලරයේ වටිනාකම ඉහළ යෑම හේතුවෙන් ඖෂධ ආනයනය ණයවර ලිපි විවෘත කිරීමට ප්‍රමාදවීමබව ඔහු සඳහන් කළේ ය.

dgfgdfg

අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් ගෙන්වාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලුම්කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, "තව සතියක් හෝ දෙකක් ඇතුළත කාලය ඉතාම තීරණාත්මක," බවකි.

නිර්වින්දනය සඳහා අවශ්‍ය ඖෂධ හා දියවැඩියා රෝගීන්ට අත්‍යවශ්‍ය ඉන්සියුලින් පවා නොමැති තත්ත්වයක් මතුව ඇතැ යි ඔහු ප්‍රකාශ කළේ ය.

සිය රෝහලේ ඖෂධ සහ යම් යම් වෛද්‍ය උපකරණ හිඟබව පවසමින් බොහෝ වෛද්‍යවරු ෆේස්බුක් සහ ට්විටර් සටහන් එක්කොට තිබුණි.

fbgdfh

(උපුටා ගැනීම් -  BBC සිංහල සේවය)

 

 


The Leader TV අද වීඩියෝ 
 
 
  
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්